News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති අනුර අනුන් කළ දේ තමන් කළා යැයි පෙන්වීමේ උත්සාහයක... වංචා, දූෂණවලට වගකිව යුතු අයට දඬුවම් දීම වෙනුවට දේශපාලන පළිගැනීම් කරනවා - පාඨලී කියයි

Jan 25, 2025 at 08:21 PM
|

යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ යාපනය ජනතාව රටේ අනෙකුත් ප්‍රදේශවල දී මෙන් ම විශාල ජනවරමක් ලබා දුන්න ද, සැලකිය යුතු සංවර්ධනයක් සිදු කිරීම සඳහා ආණ්ඩුව මුල පිරීමක් කොට නොමැති බව ය.

ජනතාවගේ බරපතළ ගැටලු සඳහා ජනාධිපතිවරයා මෙන් ම, අමාත්‍යවරුන් ද ලබා දෙන්නේ විසුළු සහගත පිළිතුරු බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා; වරාය ව්‍යාපෘති සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය සඟවමින් අනුන් කළ දේ තමන් කළා යැයි පෙන්වීමේ උත්සාහයක් ගනිමින් සිටින බව ද, පෙන්වා දුන්නේ ය.

එමෙන්ම, රට බංකොලොත් කළ පිරිසට, මහා බැංකු වංචාව වැනි මහා පරිමාණ වංචාවලට සහ අක්‍රමිකතාවලට වග කිව යුතු පුද්ගලයින්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුව හුදු දේශපාලන පළි ගැනීම් උදෙසා කටයුතු කර ගෙන යන බවත්, විශේෂයෙන් ම තම දේශපාලන හිතවතුන් සම්බන්ධ ඊ-වීසා වංචාවේ වගඋත්තරකරුවන් වන නිලධාරීන් සහ දේශපාලන නායකයින් හමුවේ දුර්මුඛ ව සිටින බව ද, පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ ය.

යාපනය ප්‍රදේශයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

"යාපනයෙන් ආණ්ඩුවට දුන්නෙ විශාල ජනවරමක්. ආර්ථික සහ සමාජීය ප්‍රශ්න විසඳන්න හිතලා වත් නෑ

යාපන දිස්ත්‍රික්කයේ විශාල ජනවරමක් ලබා දුන්නා වර්තමාන ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත්, යාපනය දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයන් වුනේ ඔවුන්. ඡන්ද 27,000 යි ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහත්මයාට ලැබුණේ. නමුත් මහ මැතිවරණයේ දී ඒක ඡන්ද 80,000ක් වුනා. මන්ත්‍රීවරු තුන් දෙනෙක් වුණා.1947 ඉඳන් යාපනය දිස්ත්‍රික්කයේ දේශපාලනයේ අධිපති, දේශපාලනය කරපු දෙමළ රාජ්‍ය පක්ෂය. එහෙම අයි ටී ඒ එකේ එකට ඉතාමත් ම නරක ඡන්ද ප්‍රතිඵලයක් ලැබුණා. මේ උතුරු පළාතේ ආසන දොළහෙන් දෙකයි ඒගොල්ලන්ට හිමි වුනේ. කනගාටුවෙන් කියන්න ඕනෙ විශාල දේශපාලන වෙනසක් වුනාට සමාජීය ඡන්ද ප්‍රතිඵලයක් ලැබුණාට ආර්ථිකමය හා සමාජීය වශයෙන් අපට පේන්නෙ නෑ රට ඉදිරියට යනවයි කියලා.

නාගරික සංවර්ධනය පැත්තෙන් අපි පසුගිය කාලයේ විශාල සේවයක් කළා. විදුලිබල ක්ෂේත්‍රය පැත්තෙන් විසි හතර පැය ම විදුලිය තියෙන යාපනයක් කළා. යාපනයේ විදුලිබල ක්ෂේත්‍රයේ අපි යා කළා රටේ අනෙකුත් ප්‍රදේශයට. නව බලාගාරයක් ඉදි කළා. නව විදුලිබල මණ්ඩල ඩී. ජේ. එම්. ඔෆිස් එකක්, විශාල එකක් ඉදි කරලා පහසුකම් සපයන ක්‍රියාවලියක් ඇති කළා. මහනගර ව්‍යාපෘතිය යටතේ නව බස් නැවතුමක්, නව වෙළඳ සංකීර්ණයක්, සහ නව නගර ශාලාවක් ඉදි කළා. අවාසනාවකට ඒ නව නගර ශාලාව, 2019 අපි ඉදි කරලා ගත්ත කාලයෙන් පස්සේ, ලොකු වෙනසක් අද වෙන කම් ඇතිවෙලා නෑ. ඒක වහාම ජනතා අයිතියට ලබා දිය යුතුයි අවසන් කරලා.

ජනතාවගේ බරපතළ ගැටලුවලට ආණ්ඩුවෙන් දෙන්නෙ විහිළු පිළිතුරු. සහල් හිඟයට වගකියන්න ඕනෙ සුරතල් සතුන් ලු. පොල් හිඟය පොල් කිරි සහ පොල් සම්බෝල නිසා ලු

මෙහෙම ගියොත් 2028දී නැවතත් බංකොලොත් වෙන්න පුළුවන්. අපි ආර්ථික වර්ධනයක් ළඟා කර ගත්තේ නැත්නම්. නමුත් ඒ සඳහා සැලසුම් තනනවා වෙනුවට අපට පේන්නේ කට වාචාල කමට, දොඩවන ස්වභාවයකට නැවත පත් වෙලා තියෙනවා. අතීත 76 අවුරුද්දට බැන බැන ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ අතීත 76 අවුරුද්දෙන් අවුරුදු 60ක් මේ රටේ හිටියා. කැරලි දෙකක් ගැහුවා. විශාල ජන විනාශයක්, විශාල ධන විනාශයක් මේ රටේ හිටපු වැදගත් පිරිස් රට හැර දා යන තත්වයක් වෙන තත්වයකට අවශ්‍ය වටපිටාව උදා කරපු පක්ෂයක්. ඒ නිසා ඒ අවුරුදු 76 ශාපයෙන් ගැලවෙන්න ඔවුන්ට හැකියාවක් නෑ කිසි සේත්. කෙසේ නමුත් ජනතාව ඔවුන්ට දීපු වරම අනුව සැලසුම් සහගත ආර්ථිකයක් ගොඩනගනවා වෙනුවට සරල කරුණු ප්‍රකාශ කරමින් වර්තමාන අර්බුදය මග හරිමින් තියෙනවා.

සහල් හිඟය ඇතිවෙලා තියෙන්නේ මේ ගෙවල්වල ඉන්න සුරතල් සතුන්, බල්ලන්, බළලුන් නිසා කියන තරමට විහිළු තත්ත්වයකට පත්වෙලා තියෙනවා ජනාධිපතිවරයා. පොල් හිඟය ඇතිවෙලා තියෙන්නේ පොල්කිරි සහ පොල් සම්බෝල නිසා බව කියන තරමට ඔවුන්ගේ නියෝජ්‍ය ඇමතිවරු පත්වෙලා තියෙනවා. තමන්ට උත්තරයක් නැති උනහම සහල් හිඟය වළක්වා ගන්න. සහල් මිල පාලනය කරන්න, පොල් මිල පාලනය කරගන්න, ලුණු ටික ගෙන්න ගන්න හා බෙහෙත් ටික ගෙන්න ගන්න නොයෙක් ආකාරයේ පුංචි පුංචි කතන්දර කියමින් අර විපක්ෂයේ හිටපු කාලේ අනෙක් අයට මඩ ගහපු විදියටම කටයුතු කරගෙන යන බව පේනවා. ඒ කාලේ මැති ඇමතිවරුන්ට 15 දෙනෙකුගේ සේවක මණ්ඩලයක් ඉන්නවා, 150,000 ක ඩීසල් දීමනාවක් තියෙනවා. ඇමති කෙනෙක් නඩත්තු කරන්න ජනපදයක මිල යනවයි කියලා විපක්ෂයේ ඉන්නකොට කියපු ජනාධිපතිවරයා, අද ඒ ටික එහෙම්මම කරලා තියෙනවා. ඇත්තටම ඔහු කඩ නොකරපු පොරොන්දුවක් නෑ.

විදුලි බිල ඒ විදිහටම තියාගන්න තමයි උත්සාහ කළේ. අපි ගිහින් මැදිහත්වීමෙන් තමයි මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල 20%කින් අඩු කළේ. එහි ගෞරවය කිසිසේත්ම මේ ආණ්ඩුවට යන්නේ නැහැ. ඒ ලයිට් බද්ද ඔවුන් තියාගන්න තමයි උත්සාහ කළේ. තෙල් බද්ද ඒ විදිහටම අද වෙනකම් පවත්වගෙන යනවා. කිසිම විදිහකින් ඒක සංශෝධනය කරලා නැහැ. සෙසු බදු ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි. නව බදු පැනවීම් කරලා තියෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික, ඩිජිටල් සේවා, සහ අපනයන සේවා ක්ෂේත්‍රවල, නව බදු, ඒවායින් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට, බරපතල ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ තියෙනවා. කොටින්ම මේ වසර තුළ ආණ්ඩුවේ ඉලක්කය සෑම පුද්ගලයෙක්ගෙන්ම රුපියල් ලක්ෂ දෙකක් බදු ලෙස ලබා ගැනීම. ඉතින් බලයට එන්න පෙර කියපු කතා අද එකක්වත් ඉෂ්ට වෙලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට වැඩ කරගෙන යන බව අපිට පේනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අනුප්‍රාප්තිකයා හැටියට තමයි අද අනුර දිසානායක මහත්තයා කටයුතු කරන්නේ.

කොළඹ වරාය ව්‍යාපෘති ගැන බොරු කියන ජනාධිපති; ඇත්ත කතාව මෙන්න

සංවර්ධනය පැත්තෙන් ගත්තොත් කිසිම ආකාරයක රට පුරාම හෝ යාපනය දිස්ත්‍රික්කයේ හෝ උතුරු පළාතට හෝ සිදුවෙලා නැහැ. නමුත් බැන අඬගැහීම නම් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට වරාය ගැන එතුමා කිව්වා වරායෙන් මුකුත් කරලා නැහැ පහුගිය පාලකයින්. ඔහු තමයි දැන් ඉදිකරන්න යන්නේ කන්ටේනර් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් කෙරවලපිටිය කියලා. නිකන් පට්ටපල් බොරුවක්. මේ කෙරවලපිටියේ යෝජනාව ආසියානු සංවර්ධන බැංකුව 2020 ගෙනාවේ. ඊට පෙර මංගල සමරවීර ඇමතිතුමා ඉන්න අවස්ථාවේදී චාල්ස් මැතිනිය ඉන්න වෙලාවේ, අපේ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අපි ඔය බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඒ මධ්‍යස්ථානය ඉදි කරන්න අවශ්‍ය සියලුම ඉඩම් ලබාදීලා කටයුතු කරලා තිබුණා. ඒ වගේම එකක් අපි වරාය හරහා ඉදිකළේම මේ නිෂ්කාශන ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ඒ අවශ්‍යතාව උපයා ගන්න. මොකක්ද,, මේ කුණු කන්ද මුළුමනින්ම ඉවත් කිරීම. ඔය ජනාධිපතිවරයා කියනවා වගේ නිකන් විහිලු කතාවක්. පුළුවන් නම් ඉවත් කරලා පෙන්නන්න කියලා මම එතුමාට අභියෝග කරනවා එතුමාගේ ධූර කාලය ඇතුළත. ඒකට ඉතාම අධික මුදලක් වැය වෙනවා. ඒක නිසා තමයි අපි එතන මේ නිෂ්කාශනය කරන්න කෙරවලපිටියේ එච්චර හොඳ උත්තරයක් නෙමෙයි. මොකද අධිවේගී මාර්ග පද්ධතියේ තදබදය වැඩි කරන්න ඒක හේතු වෙනවා. ඒක නිසා ඒ 2018/2019 මංගල සමරවීර ඇමතිතුමා මුදල් අමාත්‍යාංශය උසුලන අවස්ථාවේ, චාල්ස් මැතිණිය ඉන්න අවස්ථාවේ, නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක එකඟ කරගත්ත ඒ ක්‍රියාදාමය හා පසුව ආසියානු සංවර්ධන බැංකුව කරගත්ත දෙයක් මිසක්, මේ අයගේ කිසිම මැදිහත්වීමක් නැහැ. මේ අය මොකද කරලා තියෙන්නේ? මේ අය කරලා තියෙන්නේ, පසුගිය ආණ්ඩු දවසකට වරායේ බහාලුම් 2000ක් පමණ කළා. අද ඒක 900ට වට්ටලා තියෙනවා. දැන් ඒක මෙහෙ සේවකයින්ට පිට දාලා බේරෙන්න හදලා තියෙනවා. නොහැකියාව, නොහැකියාව, නොහැකියාව සහ කට වාචාලකමත්, අනුන්ගේ ව්‍යාපෘති තමන්ගේ කරගැනීමත් තමයි කරන්න වෙලා තියෙන එක ම දේ මේ රජය.

රට බංකොලොත් කළ පිරිසට දඬුවම් දෙන්නැද්ද? ඊ-වීසා වංචාවේ සැබෑ අපරාධකරුවන් කවුද? දේශපාලන පළිගැනීම් වෙනුවට රට ගොඩනඟන්න

ඒ වගේම දේශපාලන දඩයම, එතුමන්ලාට අපි කියනවා, එතුමන්ලා ආවේ මහ බැංකු හොරු අල්ලන්න කියලා. අර්ජුන මහේන්ද්‍රන් ගේන්න කියලා. ඒ වගේම වේදිකාවේ කටමැත දෙඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් දඬුවම් දෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වගේම මුදල් අමාත්‍යාංශය කරපු අය, තෙල් සංස්ථා කරපු අයට දඬුවම් දෙනවා වහාම මේ ආර්ථික ව්‍යසනය කරන ලද ආර්ථික බංකොලොත්භාවයට කියලා. ඊ වීසා වංචාව කෝටි 320ක වංචාවක්. ඊ-වීසා වංචාවෙන් මුළු රටේම ජනතාවට පාස්පෝට් නැතිවෙලා තියෙනවා මාස දහයක් තිස්සේ. මේවා එකකටවත් පිළිතුරු දෙන්නේ නැතුව තමන්ගේ අර පාක්ෂිකයාගේ වෛරය පිරිමහ ගැනීම සඳහා අනුර යාපා වගේ පිරිස් අත්අඩංගුවට ගැනීම් කරනවා. ඒවා ඉදිරියටත් කරයි. මම කියනවා ඉදිරියටත් බොහෝ දෙනෙකුට ඒවා කරයි. ඒවා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ වෛර පිරිමහ ගැනීමක් මිසක්. ප්‍රධාන ප්‍රශ්නවලට උත්තර දීමක් නෙවෙයි.

මම නැවත අභියෝග කරනවා පුළුවන් නම් ඊ වීසා වංචාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරලා වහාම විමර්ශනයක් කරලා කටයුතු කරන්න. දේශපාලනමය වශයෙන් කාලාන්තරයක් රහස් පොලිසිය අත් දණ්ඩක් හැටියට පාවිච්චි කළා දේශපාලකයින්ගේ. අද වෙන්නෙත් ඒකයි. ස්වාධීන පොලිස් සේවය පිළිබඳවත්, පොලිස් කොමිසම එක්කත් අද රජය ගැටෙමින් ඉන්නවා. ජනාධිපති ගැටෙමින් ඉන්නවා. මේ ස්වාධීනත්වය, පොලිසිය ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය යුක්ති සහගත නිලධාරීන්ගේ ඉදිරිපත් වීමත් සිද්ධ විය යුතුයි. ඒ වගේම නිවැරදි ආකාරයට මේ රටේ ධනය කොල්ලකෑ පිරිස් වලට දඬුවම් දෙනවා වෙනුවට තමන්ගේ පාක්ෂිකයන්ගේ හා තමන්ගේ හිතේ වෙව්ලන, වෛරය පිරිමහ ගැනීම සඳහා කටයුතු කිරීම කිසිම පලක් වෙන්නේ නැහැ.

පුළුවන් නම් රට බංකොලොත් කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් කරලා අර අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් දඬුවම එහාට ගිහිල්ලා දඬුවම් ලබාදීමකට ක්‍රියා කරන්න. පුළුවන් නම් අර අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු මහ බැංකු වංචාවේ අයට පුළුවන් නම් දඬුවම් කරන්න. ඔබ කිව්වේ සියලුම දෙනාට දඬුවම් දෙනවා කියලා. මුදල් ඇමතිලාට, අගමැතිලට, සියලු දෙනාට ම දඬුවම් දෙනවා කියලා. පුළුවන්නම් දඬුවම් දෙන්න. ඒ අතීත කතා බැරි නම් අඩු ම ගානෙ මේ ඊ-වීසා, ඊ-පාස්පෝට්, වංචනිකයන්ට පුළුවන් නම් දඬුවම් දෙන්න. අපි දන්නවා ඒ සියලු ඒ චෞර වළල්ලේ ඉන්න බොහෝ ඔබේ ගජ මිතුරන් බව. ඒ නිසා ඔබ මේකට පොඩ්ඩක් පැකිළෙනවා. ගොත ගහනවා. මේවයේ නම් කියන්න ගියහමත් ඔබේ නායකයින්ට ගොත ගැහෙනවා. ඒ වගේම කෙඳිරි ගෑවෙනවා. අපිට පේනවා ඒවා.

ඉතින් ඒක නිසා මේ ක්‍රියාවන් කරන්න, ඔබට මේ ජනවරම ලැබුණේ ඒකටයි. එහෙම නැත්නම් ඔබලා ඉතාමත් අසාර්ථක පිරිසක් බවට ඉදිරි කාලයේ දී පත් වෙයි. ට්‍රම්ප් ජනාධිපති ආවා. දවස් හතරයි ගියේ. ඉතා ම විශාල වෙනසක් කළා. ඒවා සිස්ටම් චේන්ජ් තමයි කියන්නේ. අවුරුදු හතරක් රට කළා හා සමානයි දවස් හතරක් යන කොට. මෙතන කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒ අසහනය පිට කර ගැනීමට, කතා පවත්වලා හරි යන්නේ නැහැ. හාල් හිඟය බල්ලන් හා පූසන් මත පටවලා හරි යන්නේ නැහැ. පොල් කිරි හිඟය, පොල් කිරිබත් හා පොල් සම්බෝල මත පටවලා හරි යන්නේ නැහැ. නිවැරදි විසඳුම් හොයා ගෙන විසඳුම් කරුණා කරලා ලබා දෙන්න. අතීතයට බැණ අඬගැහීම නවත්තන්න. අතීතය ගැන කියනවා නම් ඔබටත් ලේ වැකුණු අතීතයක් තිබුණු බව පමණක් අමතක කරන්න එපා”

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ කරුණු දැක්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි. මෙම සිදුවීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය සම්බන්ධ ගැටලුවකට සීමා නොකර, බුද්ධ ශාසනයේ ආරක්ෂාව සහ රජයේ වගකීම් පිළිබඳ පුළුල් සංවාදයක් දක්වා ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.