News Category
From Date
To Date
Maximum Number of Result

දමළ කොටි ත්‍රස්තයන් දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කර අදට වසර 27යි...

Jan 25, 2025 at 10:26 AM
|

අදින් වසර විසි හතකට පෙර එනම් 1998 ජනවාරි 25 වනදා බෞද්ධයාගේ මුදුන් මල් කඩ වූ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට දෙමළ කොටි ත්‍රස්තවාදීන් (එල්ටීටීඊ) විසින් ට්‍රක් රථයක සවි කළ බෝම්බ උපයෝගී කරගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළෝය. ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව යනු බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ තැම්පත් කොට තිබෙන ස්ථානයයි. දළදා මාළිගාව, යුනෙස්කෝව විසින් නම් කරනු ලැබූ ලෝක උරුම අඩවියක්ද වෙයි.  එල්ටීටීඊ සංවිධානය, 1983-2009 අතර කාලය තුල ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා සටන් වදිමින් සිටියදී බෞද්ධ ජනයා ඉලක්ක කර එල්ල කළ තිරස්ඡීන ප්‍රහාර වලින් එකකි. මීට පෙර ඔවුහු අනුරාධපුර පූජා භූමිය ඉලක්ක කරද ප්‍රහාර එල්ල කරනු ලැබූහ.

1990 දශකයේ අවසන් භාගය වනවිට, දෙමළ කොටි ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් උපරිම මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. 1995 වර්ෂයේ දී, එතෙක් එල්ටීටීඊ ග්‍රහණයේ තුබූ යාපනය අර්ධද්වීපය නැවතත් සියතට ලබා ගැනීමට, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවෝ සමත් වූහ. එසේ වුවද 1996 දී, ඊට පළිගැනීමක් වශයෙන් එල්ටීටීඊ සංවිධානය, රජයේ හමුදාවන්ට බරපතළ හානි සිදුකරමින් මුලතිව් හී පාලනය ඔවුන් යටතට නතුකර ගන්නා ලදී. නැවත 1997 වර්ෂයේදී ජය සිකුරුයි මෙහෙයුම දියත් කරමින් රජයේ හමුදාවෝ, එල්ටීටීඊ ග්‍රහණයේ පැවැති සමහරක් භූමි ප්‍රදේශ නැවතත් අල්ලා ගත්හ. මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදාව යුද භූමියේ ලැබූ ජයග්‍රහන ආපසු හැරවීමට දෙමළ කොටි සංවිධානය ආර්ථික මරමස්ථානවලට සහ අහිංසක සිවිල් වැසියන්ව ඉලක්ක කොට ගෙන, මරාගෙන මැරෙන ප්‍රහාර රැසක් දියත් කිරීමට කටයුතු කළහ.

බ්‍රිතාන්‍යය කිරීටයෙන්  නිදහස් වී 50වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාව අභිමානයෙන් යුතුව සැරසෙමින් සිටි අතර  බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ඇතුළු විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එම උත්සවයට සහභාගි වීමට පැමිණීමට නියමිතව තිබුණි. එලෙසම එම සංවත්සර උළෙලේ සැමරුම් කටයුතු, පෙබරවාරි 4 දින මහනුවරදී සිදුකිරීමටද තෝරා ගෙන තිබුණි. එලෙසම එම වසරේ ජනවාරි 28 වන දින, යුද්ධය හේතුවෙන්  වසර 16 ක් බිඳවැටී තුබූ යාපනය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමටද කටයුතු යොදා තිබුණි. මෙම කාලය අතර තුර කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශ වල දරුණු ලෙස ගැටුම් ඇවිලී තිබුණි. එහෙත්  ජනතාවගේ සාමාන්‍ය දිවිපෙවෙත යළි ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජයට වුවමනා වී තිබුණි.

ඒ අනුව සමස්ථ ලෝකයේම අවධානය දිනා ගත හැකි ලෙස 1998 ජනවාරි 25 වන දින දෙමළ කොටි ත්‍රස්තවාදීන්, එවර නිදහස් උළෙලට සැරසෙමින් තිබූ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුල දැවැන්ත ට්‍රක් රථ බෝම්බය පුපුරුවා මෙම සාහසික අපරාධය සිදු කළහ. එදින පෙරවරු 6:10 ට පමණ, මරාගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් රජ වීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, අවට මාර්ග බාධක වල සිටි හමුදා භටයින්ටද වෙඩි තබා, මාලිගාවේ පිවිසුම් අංගණය වෙත කඩා වැදෙමින් පිපිරවීම සිදු කරන ලදී. අධි බල පුපුරණ ද්‍රව්‍ය කිලේ ග්රෑම් 300-400ක් පමණ සවිකර තිබූ ට්‍රක් රථය, ප්‍රධාන පිපිරීම් දෙකක් ඇති කරමින් විනාශයට පත්වූ බව එවකට ආරක්ෂක අංශ විසින් වාර්තා කර තිබුණි. ප්‍රහාරයෙන් මිනීමරු කළු කොටි තිදෙනා සහ වයස අවුරුදු 2 ක දරුවෙකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. පිපිරීමෙන් තවත් 25 දෙනෙකු තුවාල ලැබූහ. තුවාල ලැබූ අය අතර කාන්තාවන් සිව් දෙනෙක්, භික්ෂුන් වහන්සේ නමක් සහ පොලිස් නිළදාරියෙක් වූහ. භූ ගර්භ විද්‍යා මහාචාර්යවරයෙකු වූ පී. ඩබ්. විතානගේ මහතා, මෙම සිදුවීම ඇසීමෙන් කම්පනයකට ලක්ව මිය ගිය බව එකළ පුවත් පත් වාර්තා වලින් කියවුණි.  ප්‍රහාරයේ බලපෑම හේතුවෙන්, දළදා මාළිගාව අවට කිලෝ මීටර 5 ක් පමණ දුරින් වූ සමහර ගොඩනැගිලිවලට පවා හානි සිදුවනු බව වාර්තා විය.

ප්‍රහාරයෙන් සිදුවූ සමාජ බලපෑම

දළදා මාළිගාවට ප්‍රහාරයක් එල්ල වීම, සිංහල බෞද්ධ ජනයා අතර කෝපය අවුසන්නට හේතු වූ කාරණයක් විය. මේ අතර මාළිගාව අවට එක්රැස් වූ පිරිසක් එම අවස්ථාවේ වාහන 3 කට සහ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයකට ගිනි තබන ලදී. කෙසේ වුවද පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැර  තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීම වලක්වනු ලැබීය. එවක ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මෙවැනි ප්‍රහාරයක් සිදු කිරීම හේතුවෙන් දෙමළ ජනයාගෙන් පළිගැනීමට නොයන ලෙස,  සිංහල ජනයාගෙන් ඉල්ලා සිටි අතර එවැනි ප්‍රචන්ඩ ක්‍රියා දෙමළකොටි සංවිධානයේ අරමුණු ඉෂ්ඨ වීමක් යැයි ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකා රජය ප්‍රහාරයෙන් පසු දිනයේම නිල වශයෙන් දෙමළ කොටි ත්‍රස්ථවාදීන් හෙවත් එල් ටී ටී ඊ සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කරමින් එල්ටීටීඊ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී මගකට ගැනීම උදෙසා, එය මීට පෙර තහනමකට ලක් කිරීමට රජය කටයුතු නොකළ බවද අවධාරණය කෙරුණි. එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතා ප්‍රහාරය සිදුවීමට හේතුවූ ආරක්ෂක දුර්වලතාවල වගකීම භාරගනිමින් සිය තනතුරින් ඉල්ලා අස්වීය. මෙම ප්‍රහාරය සහ උතුරේ යුධ ගැටුම් ඇවිලී ගිය වකවානුවක් අතරතුරදී වූවද, යාපනය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමටද රජය කටයුතු කරන ලදී. ප්‍රහාරය හේතුවෙන් මහනුවර ආශ්‍රිතව පැවැත්වීමට සැළසුම් කොට තිබූ නිදහස් සැමරුම කොළඹ වෙත ගෙන යාමට තීරණය කල අතර, ඊට සහභාගී වීම පිණිස බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් අගනුවරට පැමිණියහ. මේ අතර, රජීව් ගාන්ධි ඝාතනයට වක්‍ර සම්බන්ධතාවයක් අනාවරණය වීම හේතුවෙන් ජනවාරි 28 වනදා මදුරාසි නුවර මහාධිකරණය විසින්, එල්ටීටීඊ ත්‍රස්ථ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු 25 දෙනෙකුට මරණ වරෙන්තු නිකුත් කරණ ලදී.

2003 ඔක්තෝම්බරයේදී, මේ ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් වූ එල්ටීටීඊ සාමාජිකයෝ තිදෙනෙක්ට, මහනුවර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරන ලදී. ඉන් දෙදෙනෙකුට බරපතල වැඩසහිතව වසර 680 ක සිරදඬුවම් නියම වූ අතර, තුන්වැන්නාට වසර 490 ක සිරදඬුවමක් නියම විණි. මාකන්සී (Mackenzie) නම් ආයතනයේ ඇගයීමට අනූව, මෙම ප්‍රහාරය දියත් කිරීමෙන් එල්ටීටීඊ ය බලාපොරොත්තුව සිට ඇත්තේ, 1983 කළු ජූලිය අවස්ථාවේදී මෙන් රට පුරා වෙසෙන සිංහල ජාතික බහුතරය, දමීළ සුළුතරය වෙත ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනු ඇත කියායි. කෙසේ නමුත් මෙම ප්‍රහාරය නිසා එවැනි තත්වයක් හට නොගැනුණි. ඒ අනුව 1983 කළු ජූලිය තම පැවැත්ම තහවුරු කර ගැනීම වෙනුවෙන් එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැරයන් විසින් කළ අපරාධයක් බව තහවුරු විය.

මෙම නින්දිත ත්‍රස්ථ ප්‍රහාරය, දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුලද හෙළාදැකිනු ලැබූ අතර දැඩි විවේචනයටද ලක්විය.

ආගමික නායකයගේ ප්‍රතිචාර

එම අවධියේ මල්වතු පාර්ශ්වයේ මහනායක වූ පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි හිමි, අස්ගිරිය පාර්ශවයේ මහනායක වූ පූජ්‍ය පලිපානේ ශ්‍රී චන්දනාන්ද හිමි මෙන්ම ශ්‍රී දළදාවේ භාරකරුවන්, මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් සිය බලවත් කම්පාව ප්‍රකාශ කරන ලදී. මල්වතු පාර්ශ්වයේ මහනායක වූ පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි හිමියෝ  "මුළු මහත් බෞද්ධ ලෝකයා තුල පූජනීයත්වයට හා වන්දනීයත්වයට ලක්වූ, ශ්‍රී දළදා මාලිගාවට ත්‍රස්ථවාදීන් විසින් හානි සිදුකිරීම සම්බන්ධයෙන් හිතේ ඇතිවන අපරිමිත වේදනාවත් සමග බලවත් කම්පාව සහ කණගාටුව ප්‍රකාශ කරන බව." අවධාරණය කළහ.

ශ්‍රී ලංකා හින්දු සංගමයේ සභාපති, යෝගේන්ද්‍ර දුරෙයිස්වාමි මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්  "ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ පූජනීයම පුදබිම බඳු වූ දළදා මාලිගාවට එල්ල වූ මෙම නිවට ප්‍රහාරය, සම්බන්ධයෙන් හින්දු කවුන්සිලය අතිශය සංවේගයට පත් වනවා." යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ. එවක කොළඹ රදගුරු, නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් මෙන්ම ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය (SLIC) ප්‍රහාරය හෙළා දකින ලදී.

එවකට විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් , "වසර 2000 ක් පමණ වූ ශ්‍රී ලංකා ඉතිහාසයෙහි එතෙක් උදාවී තුබූ අඳුරු යුගවලදීවත්, අපගේ ශිෂ්ඨාචාරය සහ ඓතිහාසිකමය වශයෙන් වටිනා සංකේතයන්ට, මේ ආකාරයේ හානි කිරීමක් සිදු වූවේ නැහැ." යනුවෙන් කියා සිටියේය.

එක්සත් රාජධානිය – වේල්සයේ කුමාරයා වූ චාල්ස් කුමරු, පෙබරවාරි 4 වන දින, කොළඹ පැවැති 50වන නිදහස් උළෙලට එක්වෙමින් "පසුගිය මස දළදා මාළිගාව බෝම්බ පිපිරීම නිසා ඔබලා තියුණු වේදනාවෙන් පසුවන්නේ. එය සැබැවින්ම මිලේච්ඡ සහ දුෂ්ඨ ක්‍රියාවක්, අපි සියලුදෙනා එය හෙළාදකිනවා. දළදා මාළිගාව ලෝකයේම උරුමයක්; එය ශ්‍රී ලාංකිකයන්ටවත්, බෞද්ධයන්ටවත් පමණක් නොවේ. මාළිගාවේ දුෂ්කර ප්‍රතිසංස්කරණ කර්තව්‍යයන් සාර්ථකව නිමකරමින්, එහි සැබෑ විභූතිය ගොඩනැංවීම සඳහා, ඔබලාගේ සියළුම විදෙස් අමුත්තන් සුභ ප්‍රාර්ථනා කරනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.

එවක යුනෙස්කෝ අධ්‍යක්ෂක ජනරාල් Federico Mayor Zaragoza මහතා,  " සාමය සතුට සහ ධ්‍යානය වඩවන මෙවැනි පුදබිමකට හානි කරමින් එල්ල වූ මෙම අන්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් මම අතිශය කම්පාවට පත්වනවා. සියළුම ආගම් පදනම්ව තිබෙන්නේ ආදරය සහ ජීවිතයට ගරු කිරීම මත. මෙවැනි පූජනීය ස්ථානයකට පහර දීම යනු උතුම් මනුෂ්‍යත්වයට පහර දීමක්, අවිහිංසාව සහ ශුද්ධත්වයට හානි කිරීමක්. ආගමික විෂමතාවය සැබැවින්ම ගැටුම් සඳහා සාධාරණීකරණ හේතුවක් නොවේ සහ වන්දනාමානයට ලක්වන පුදබිම් මෙවැනි ප්‍රහාර වල ඉලක්ක නොවිය යුතුයි." ජනවාරි 27 දින මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.

එවක එක්සත් ජාතීන්ගේ සංවිදානයේ මහලේකම් කොෆි අනන් මහතාගේ කාර්යාලයද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්  "ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රධාන බෞද්ධ පූජාබිමකට එල්ල වූ මේ සැහැසි බෝම්බ ප්‍රහාරය නිසා ජීවිත අහිමිවීම සහ දේපළ විනාශවීම පිළිබඳව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් වුනා. මෙවැනි ආකාරයේ අවස්ථාවලදී ඔහු කටයුතු කළ ලෙසම, ඕනෑම හේතුවක් සඳහා ත්‍රස්තවාදය යොදා ගැනීම, මහලේකම්වරයා දැඩි ලෙස හෙළා දකිනවා. ආගමික සහ වාර්ගික පසුබිම් යොදා ගනිමින් මනුෂ්‍ය වර්ගයා බෙදීමට දරණ වෑයම් සම්බන්ධයෙන් කණගාටුව පළකරනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.

සිදු වූ හානිය සහ ප්‍රතිසංස්කරණය

මාලිගාවට දරුණු ලෙස හානි සිදු කිරීමට, මේ ප්‍රහාරය සමත්ව තිබුණි. මාලිගාවේ වහළට සහ ඉදිරිපස මුහුණතට ප්‍රහාරය නිසා දැඩි හානි සිදුව තිබූ නමුත්, දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි කුටියට සහ ඇතුල් කුටි වලට හානි සිදු කිරීමට, ප්‍රහාරය අසමත්ව තිබුණි . මාලිගාවේ පත්තිරිප්පුව, මහාවාහල්කඩ, රාජකීය මාළිගය, ප්‍රවිශ්ඨ සඳකඩපහණ, රැජිණ තටාකය, පුස්ථකාලය සහ සමහරක් පිටත කැටයම් නිර්මාණ වලටද ප්‍රහාරය හේතුවෙන් හානි සිදුව තිබුණි.මාළිගාවට යාබදව පිහිටි මහනුවර ක්වීන්'ස් හෝටලය, මහනුවර නාථ දේවාලයට සහ ශාන්ත. පෝල්'ස් දෙව් මැදුරටද, මෙම පිපිරීම නිසා හානි සිදුවී තිබූ බවටද වාර්තා විය.

ප්‍රහාරයේ සුන්බුන් අස් කොට, පෙබරවාරි 10 වන දින නැවතත් මාළිගාව මහජනයා වෙනුවෙන් විවෘත කෙරුණත්,එහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට වසර එකහමාරක් ගතවිය. එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ජනපති කාර්ය සාධක බලකාය සහ, එවක සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය වූ ලක්ෂ්මන් ජයකොඩි මහතා විසින් පත්කල දළදා මාළිගාව ප්‍රතිසංස්කරණ කමිටුව එක්ව, මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉදිකිරීම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලයද, මාළිගාවේ ප්‍රතිසංස්කරණ සහ සුරක්ෂා කිරීමේ කටයුතු වලට දායකත්වය සපයන ලදී.

දැඩි ලෙස හානියට පත්වූ වහළ සැකසීම, ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සැළකූ නිසා එහි ප්‍රතිසංස්කරණය කිරීම් මාස 2 - 4 ත් අතර කාලයකදී නිම කෙරිණි.මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, රුපියල් මිලියන 2 ක මුදලක් වෙන් කළේය. මහජනතාවගෙන්ද රුපියල් මිලියන 100 ඉක්මවූ ආධාර මුදල් ප්‍රමාණයක් හිමිවිය. එම ආධාර ප්‍රමාණය, මාළිගාවේ ප්‍රතිසංස්කරණ වියදම් තක්සේරු අගය මෙන් තුන් ගුණයක් ඉක්මවූ අගයක් බවද එවකට වාර්තා පරිශීලනයේදී තහවුරු වේ.මාළිගාවේ විනාශයට පත්වූ ගල් කැටයම් ආදිය, දක්ෂ කර්මාන්තකරුවන් අතින් පිළිසකර කරවීය. හානියට පත් වූ බිතු සිතුවම්ද නැවතත් යථා තත්වයට පත් කෙරුණි.  ප්‍රතිසංස්කරණ කටයුතු අතර තුරදී , ඇතුල් කුටියක බිත්තියකින් කීර්ති ශ්‍රී රාජසිංහ යුගයට අයත් එතෙක් සැඟවී තිබූ සිතුවම් කිහිපයක්ද හමුවූ බව වාර්තා විය. මාළිගාවේ සියළුම ප්‍රතිසංස්කරණ කටයුතු 1999 අගෝස්තුව එළඹෙන විට අවසන් කෙරුණි.


අන්තර්ජාලය ඇසුරෙන් සැකසුණි. සංස්කරණය ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
රජයේ සහතික මිල යටතේ වී කිලෝවක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 50කට ආසන්න පාඩුවක් දරාගනිමින් බවට ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කරයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.