News Category
From Date
To Date
Maximum Number of Result

දමළ කොටි ත්‍රස්තයන් දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කර අදට වසර 27යි...

Jan 25, 2025 at 10:26 AM
|

අදින් වසර විසි හතකට පෙර එනම් 1998 ජනවාරි 25 වනදා බෞද්ධයාගේ මුදුන් මල් කඩ වූ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට දෙමළ කොටි ත්‍රස්තවාදීන් (එල්ටීටීඊ) විසින් ට්‍රක් රථයක සවි කළ බෝම්බ උපයෝගී කරගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළෝය. ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව යනු බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ තැම්පත් කොට තිබෙන ස්ථානයයි. දළදා මාළිගාව, යුනෙස්කෝව විසින් නම් කරනු ලැබූ ලෝක උරුම අඩවියක්ද වෙයි.  එල්ටීටීඊ සංවිධානය, 1983-2009 අතර කාලය තුල ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා සටන් වදිමින් සිටියදී බෞද්ධ ජනයා ඉලක්ක කර එල්ල කළ තිරස්ඡීන ප්‍රහාර වලින් එකකි. මීට පෙර ඔවුහු අනුරාධපුර පූජා භූමිය ඉලක්ක කරද ප්‍රහාර එල්ල කරනු ලැබූහ.

1990 දශකයේ අවසන් භාගය වනවිට, දෙමළ කොටි ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් උපරිම මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. 1995 වර්ෂයේ දී, එතෙක් එල්ටීටීඊ ග්‍රහණයේ තුබූ යාපනය අර්ධද්වීපය නැවතත් සියතට ලබා ගැනීමට, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවෝ සමත් වූහ. එසේ වුවද 1996 දී, ඊට පළිගැනීමක් වශයෙන් එල්ටීටීඊ සංවිධානය, රජයේ හමුදාවන්ට බරපතළ හානි සිදුකරමින් මුලතිව් හී පාලනය ඔවුන් යටතට නතුකර ගන්නා ලදී. නැවත 1997 වර්ෂයේදී ජය සිකුරුයි මෙහෙයුම දියත් කරමින් රජයේ හමුදාවෝ, එල්ටීටීඊ ග්‍රහණයේ පැවැති සමහරක් භූමි ප්‍රදේශ නැවතත් අල්ලා ගත්හ. මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදාව යුද භූමියේ ලැබූ ජයග්‍රහන ආපසු හැරවීමට දෙමළ කොටි සංවිධානය ආර්ථික මරමස්ථානවලට සහ අහිංසක සිවිල් වැසියන්ව ඉලක්ක කොට ගෙන, මරාගෙන මැරෙන ප්‍රහාර රැසක් දියත් කිරීමට කටයුතු කළහ.

බ්‍රිතාන්‍යය කිරීටයෙන්  නිදහස් වී 50වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාව අභිමානයෙන් යුතුව සැරසෙමින් සිටි අතර  බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ඇතුළු විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එම උත්සවයට සහභාගි වීමට පැමිණීමට නියමිතව තිබුණි. එලෙසම එම සංවත්සර උළෙලේ සැමරුම් කටයුතු, පෙබරවාරි 4 දින මහනුවරදී සිදුකිරීමටද තෝරා ගෙන තිබුණි. එලෙසම එම වසරේ ජනවාරි 28 වන දින, යුද්ධය හේතුවෙන්  වසර 16 ක් බිඳවැටී තුබූ යාපනය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමටද කටයුතු යොදා තිබුණි. මෙම කාලය අතර තුර කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශ වල දරුණු ලෙස ගැටුම් ඇවිලී තිබුණි. එහෙත්  ජනතාවගේ සාමාන්‍ය දිවිපෙවෙත යළි ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජයට වුවමනා වී තිබුණි.

ඒ අනුව සමස්ථ ලෝකයේම අවධානය දිනා ගත හැකි ලෙස 1998 ජනවාරි 25 වන දින දෙමළ කොටි ත්‍රස්තවාදීන්, එවර නිදහස් උළෙලට සැරසෙමින් තිබූ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුල දැවැන්ත ට්‍රක් රථ බෝම්බය පුපුරුවා මෙම සාහසික අපරාධය සිදු කළහ. එදින පෙරවරු 6:10 ට පමණ, මරාගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් රජ වීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, අවට මාර්ග බාධක වල සිටි හමුදා භටයින්ටද වෙඩි තබා, මාලිගාවේ පිවිසුම් අංගණය වෙත කඩා වැදෙමින් පිපිරවීම සිදු කරන ලදී. අධි බල පුපුරණ ද්‍රව්‍ය කිලේ ග්රෑම් 300-400ක් පමණ සවිකර තිබූ ට්‍රක් රථය, ප්‍රධාන පිපිරීම් දෙකක් ඇති කරමින් විනාශයට පත්වූ බව එවකට ආරක්ෂක අංශ විසින් වාර්තා කර තිබුණි. ප්‍රහාරයෙන් මිනීමරු කළු කොටි තිදෙනා සහ වයස අවුරුදු 2 ක දරුවෙකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. පිපිරීමෙන් තවත් 25 දෙනෙකු තුවාල ලැබූහ. තුවාල ලැබූ අය අතර කාන්තාවන් සිව් දෙනෙක්, භික්ෂුන් වහන්සේ නමක් සහ පොලිස් නිළදාරියෙක් වූහ. භූ ගර්භ විද්‍යා මහාචාර්යවරයෙකු වූ පී. ඩබ්. විතානගේ මහතා, මෙම සිදුවීම ඇසීමෙන් කම්පනයකට ලක්ව මිය ගිය බව එකළ පුවත් පත් වාර්තා වලින් කියවුණි.  ප්‍රහාරයේ බලපෑම හේතුවෙන්, දළදා මාළිගාව අවට කිලෝ මීටර 5 ක් පමණ දුරින් වූ සමහර ගොඩනැගිලිවලට පවා හානි සිදුවනු බව වාර්තා විය.

ප්‍රහාරයෙන් සිදුවූ සමාජ බලපෑම

දළදා මාළිගාවට ප්‍රහාරයක් එල්ල වීම, සිංහල බෞද්ධ ජනයා අතර කෝපය අවුසන්නට හේතු වූ කාරණයක් විය. මේ අතර මාළිගාව අවට එක්රැස් වූ පිරිසක් එම අවස්ථාවේ වාහන 3 කට සහ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයකට ගිනි තබන ලදී. කෙසේ වුවද පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැර  තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීම වලක්වනු ලැබීය. එවක ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මෙවැනි ප්‍රහාරයක් සිදු කිරීම හේතුවෙන් දෙමළ ජනයාගෙන් පළිගැනීමට නොයන ලෙස,  සිංහල ජනයාගෙන් ඉල්ලා සිටි අතර එවැනි ප්‍රචන්ඩ ක්‍රියා දෙමළකොටි සංවිධානයේ අරමුණු ඉෂ්ඨ වීමක් යැයි ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකා රජය ප්‍රහාරයෙන් පසු දිනයේම නිල වශයෙන් දෙමළ කොටි ත්‍රස්ථවාදීන් හෙවත් එල් ටී ටී ඊ සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කරමින් එල්ටීටීඊ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී මගකට ගැනීම උදෙසා, එය මීට පෙර තහනමකට ලක් කිරීමට රජය කටයුතු නොකළ බවද අවධාරණය කෙරුණි. එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතා ප්‍රහාරය සිදුවීමට හේතුවූ ආරක්ෂක දුර්වලතාවල වගකීම භාරගනිමින් සිය තනතුරින් ඉල්ලා අස්වීය. මෙම ප්‍රහාරය සහ උතුරේ යුධ ගැටුම් ඇවිලී ගිය වකවානුවක් අතරතුරදී වූවද, යාපනය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමටද රජය කටයුතු කරන ලදී. ප්‍රහාරය හේතුවෙන් මහනුවර ආශ්‍රිතව පැවැත්වීමට සැළසුම් කොට තිබූ නිදහස් සැමරුම කොළඹ වෙත ගෙන යාමට තීරණය කල අතර, ඊට සහභාගී වීම පිණිස බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් අගනුවරට පැමිණියහ. මේ අතර, රජීව් ගාන්ධි ඝාතනයට වක්‍ර සම්බන්ධතාවයක් අනාවරණය වීම හේතුවෙන් ජනවාරි 28 වනදා මදුරාසි නුවර මහාධිකරණය විසින්, එල්ටීටීඊ ත්‍රස්ථ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු 25 දෙනෙකුට මරණ වරෙන්තු නිකුත් කරණ ලදී.

2003 ඔක්තෝම්බරයේදී, මේ ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් වූ එල්ටීටීඊ සාමාජිකයෝ තිදෙනෙක්ට, මහනුවර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරන ලදී. ඉන් දෙදෙනෙකුට බරපතල වැඩසහිතව වසර 680 ක සිරදඬුවම් නියම වූ අතර, තුන්වැන්නාට වසර 490 ක සිරදඬුවමක් නියම විණි. මාකන්සී (Mackenzie) නම් ආයතනයේ ඇගයීමට අනූව, මෙම ප්‍රහාරය දියත් කිරීමෙන් එල්ටීටීඊ ය බලාපොරොත්තුව සිට ඇත්තේ, 1983 කළු ජූලිය අවස්ථාවේදී මෙන් රට පුරා වෙසෙන සිංහල ජාතික බහුතරය, දමීළ සුළුතරය වෙත ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනු ඇත කියායි. කෙසේ නමුත් මෙම ප්‍රහාරය නිසා එවැනි තත්වයක් හට නොගැනුණි. ඒ අනුව 1983 කළු ජූලිය තම පැවැත්ම තහවුරු කර ගැනීම වෙනුවෙන් එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැරයන් විසින් කළ අපරාධයක් බව තහවුරු විය.

මෙම නින්දිත ත්‍රස්ථ ප්‍රහාරය, දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුලද හෙළාදැකිනු ලැබූ අතර දැඩි විවේචනයටද ලක්විය.

ආගමික නායකයගේ ප්‍රතිචාර

එම අවධියේ මල්වතු පාර්ශ්වයේ මහනායක වූ පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි හිමි, අස්ගිරිය පාර්ශවයේ මහනායක වූ පූජ්‍ය පලිපානේ ශ්‍රී චන්දනාන්ද හිමි මෙන්ම ශ්‍රී දළදාවේ භාරකරුවන්, මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් සිය බලවත් කම්පාව ප්‍රකාශ කරන ලදී. මල්වතු පාර්ශ්වයේ මහනායක වූ පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි හිමියෝ  "මුළු මහත් බෞද්ධ ලෝකයා තුල පූජනීයත්වයට හා වන්දනීයත්වයට ලක්වූ, ශ්‍රී දළදා මාලිගාවට ත්‍රස්ථවාදීන් විසින් හානි සිදුකිරීම සම්බන්ධයෙන් හිතේ ඇතිවන අපරිමිත වේදනාවත් සමග බලවත් කම්පාව සහ කණගාටුව ප්‍රකාශ කරන බව." අවධාරණය කළහ.

ශ්‍රී ලංකා හින්දු සංගමයේ සභාපති, යෝගේන්ද්‍ර දුරෙයිස්වාමි මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්  "ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ පූජනීයම පුදබිම බඳු වූ දළදා මාලිගාවට එල්ල වූ මෙම නිවට ප්‍රහාරය, සම්බන්ධයෙන් හින්දු කවුන්සිලය අතිශය සංවේගයට පත් වනවා." යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ. එවක කොළඹ රදගුරු, නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් මෙන්ම ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය (SLIC) ප්‍රහාරය හෙළා දකින ලදී.

එවකට විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් , "වසර 2000 ක් පමණ වූ ශ්‍රී ලංකා ඉතිහාසයෙහි එතෙක් උදාවී තුබූ අඳුරු යුගවලදීවත්, අපගේ ශිෂ්ඨාචාරය සහ ඓතිහාසිකමය වශයෙන් වටිනා සංකේතයන්ට, මේ ආකාරයේ හානි කිරීමක් සිදු වූවේ නැහැ." යනුවෙන් කියා සිටියේය.

එක්සත් රාජධානිය – වේල්සයේ කුමාරයා වූ චාල්ස් කුමරු, පෙබරවාරි 4 වන දින, කොළඹ පැවැති 50වන නිදහස් උළෙලට එක්වෙමින් "පසුගිය මස දළදා මාළිගාව බෝම්බ පිපිරීම නිසා ඔබලා තියුණු වේදනාවෙන් පසුවන්නේ. එය සැබැවින්ම මිලේච්ඡ සහ දුෂ්ඨ ක්‍රියාවක්, අපි සියලුදෙනා එය හෙළාදකිනවා. දළදා මාළිගාව ලෝකයේම උරුමයක්; එය ශ්‍රී ලාංකිකයන්ටවත්, බෞද්ධයන්ටවත් පමණක් නොවේ. මාළිගාවේ දුෂ්කර ප්‍රතිසංස්කරණ කර්තව්‍යයන් සාර්ථකව නිමකරමින්, එහි සැබෑ විභූතිය ගොඩනැංවීම සඳහා, ඔබලාගේ සියළුම විදෙස් අමුත්තන් සුභ ප්‍රාර්ථනා කරනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.

එවක යුනෙස්කෝ අධ්‍යක්ෂක ජනරාල් Federico Mayor Zaragoza මහතා,  " සාමය සතුට සහ ධ්‍යානය වඩවන මෙවැනි පුදබිමකට හානි කරමින් එල්ල වූ මෙම අන්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් මම අතිශය කම්පාවට පත්වනවා. සියළුම ආගම් පදනම්ව තිබෙන්නේ ආදරය සහ ජීවිතයට ගරු කිරීම මත. මෙවැනි පූජනීය ස්ථානයකට පහර දීම යනු උතුම් මනුෂ්‍යත්වයට පහර දීමක්, අවිහිංසාව සහ ශුද්ධත්වයට හානි කිරීමක්. ආගමික විෂමතාවය සැබැවින්ම ගැටුම් සඳහා සාධාරණීකරණ හේතුවක් නොවේ සහ වන්දනාමානයට ලක්වන පුදබිම් මෙවැනි ප්‍රහාර වල ඉලක්ක නොවිය යුතුයි." ජනවාරි 27 දින මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.

එවක එක්සත් ජාතීන්ගේ සංවිදානයේ මහලේකම් කොෆි අනන් මහතාගේ කාර්යාලයද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්  "ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රධාන බෞද්ධ පූජාබිමකට එල්ල වූ මේ සැහැසි බෝම්බ ප්‍රහාරය නිසා ජීවිත අහිමිවීම සහ දේපළ විනාශවීම පිළිබඳව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් වුනා. මෙවැනි ආකාරයේ අවස්ථාවලදී ඔහු කටයුතු කළ ලෙසම, ඕනෑම හේතුවක් සඳහා ත්‍රස්තවාදය යොදා ගැනීම, මහලේකම්වරයා දැඩි ලෙස හෙළා දකිනවා. ආගමික සහ වාර්ගික පසුබිම් යොදා ගනිමින් මනුෂ්‍ය වර්ගයා බෙදීමට දරණ වෑයම් සම්බන්ධයෙන් කණගාටුව පළකරනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.

සිදු වූ හානිය සහ ප්‍රතිසංස්කරණය

මාලිගාවට දරුණු ලෙස හානි සිදු කිරීමට, මේ ප්‍රහාරය සමත්ව තිබුණි. මාලිගාවේ වහළට සහ ඉදිරිපස මුහුණතට ප්‍රහාරය නිසා දැඩි හානි සිදුව තිබූ නමුත්, දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි කුටියට සහ ඇතුල් කුටි වලට හානි සිදු කිරීමට, ප්‍රහාරය අසමත්ව තිබුණි . මාලිගාවේ පත්තිරිප්පුව, මහාවාහල්කඩ, රාජකීය මාළිගය, ප්‍රවිශ්ඨ සඳකඩපහණ, රැජිණ තටාකය, පුස්ථකාලය සහ සමහරක් පිටත කැටයම් නිර්මාණ වලටද ප්‍රහාරය හේතුවෙන් හානි සිදුව තිබුණි.මාළිගාවට යාබදව පිහිටි මහනුවර ක්වීන්'ස් හෝටලය, මහනුවර නාථ දේවාලයට සහ ශාන්ත. පෝල්'ස් දෙව් මැදුරටද, මෙම පිපිරීම නිසා හානි සිදුවී තිබූ බවටද වාර්තා විය.

ප්‍රහාරයේ සුන්බුන් අස් කොට, පෙබරවාරි 10 වන දින නැවතත් මාළිගාව මහජනයා වෙනුවෙන් විවෘත කෙරුණත්,එහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට වසර එකහමාරක් ගතවිය. එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ජනපති කාර්ය සාධක බලකාය සහ, එවක සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය වූ ලක්ෂ්මන් ජයකොඩි මහතා විසින් පත්කල දළදා මාළිගාව ප්‍රතිසංස්කරණ කමිටුව එක්ව, මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉදිකිරීම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලයද, මාළිගාවේ ප්‍රතිසංස්කරණ සහ සුරක්ෂා කිරීමේ කටයුතු වලට දායකත්වය සපයන ලදී.

දැඩි ලෙස හානියට පත්වූ වහළ සැකසීම, ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සැළකූ නිසා එහි ප්‍රතිසංස්කරණය කිරීම් මාස 2 - 4 ත් අතර කාලයකදී නිම කෙරිණි.මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, රුපියල් මිලියන 2 ක මුදලක් වෙන් කළේය. මහජනතාවගෙන්ද රුපියල් මිලියන 100 ඉක්මවූ ආධාර මුදල් ප්‍රමාණයක් හිමිවිය. එම ආධාර ප්‍රමාණය, මාළිගාවේ ප්‍රතිසංස්කරණ වියදම් තක්සේරු අගය මෙන් තුන් ගුණයක් ඉක්මවූ අගයක් බවද එවකට වාර්තා පරිශීලනයේදී තහවුරු වේ.මාළිගාවේ විනාශයට පත්වූ ගල් කැටයම් ආදිය, දක්ෂ කර්මාන්තකරුවන් අතින් පිළිසකර කරවීය. හානියට පත් වූ බිතු සිතුවම්ද නැවතත් යථා තත්වයට පත් කෙරුණි.  ප්‍රතිසංස්කරණ කටයුතු අතර තුරදී , ඇතුල් කුටියක බිත්තියකින් කීර්ති ශ්‍රී රාජසිංහ යුගයට අයත් එතෙක් සැඟවී තිබූ සිතුවම් කිහිපයක්ද හමුවූ බව වාර්තා විය. මාළිගාවේ සියළුම ප්‍රතිසංස්කරණ කටයුතු 1999 අගෝස්තුව එළඹෙන විට අවසන් කෙරුණි.


අන්තර්ජාලය ඇසුරෙන් සැකසුණි. සංස්කරණය ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) අලුයම යළි දිවයිනට පැමිණියා.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් ඇමරිකාවට පිටත්ව ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලේ දී ඊයේ (20)පැවසීය.
ජාතික ජන බලවේගය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අත දිග හැර මුදල් දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් සහ අනෙකුත් ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 114කට අධික මුදලක් වැය වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ඇමරිකාව විසින් පනවා ඇති නව තිරුබදු අනුපාතයන් සම්බන්ධයෙන් වහා සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.