පිරිසිදු කරන බෙරේ වැවේ තාරා මලකදන්...
ඊයේ උදෑසන බේරේ වැවේ මතුපිට පාවෙමින් තිබූ තාරාවන් සහ අළු පැස්තුඩුවන් රැසකගේ මළ සිරුරු දුසිම් ගණනක් හේතුවෙන් සැකයක් නිර්මාණය වී ඇත.
විශ්වාස කෙරෙන්නේ පිරිසිදු කිරීමේ අරමුණු සඳහා ජලයට රසායනික ද්‍රව්‍යයක් මුදාහැර ඇති බවත්, එය ජලජ පක්ෂීන්ට විෂවී ඇති බවත්ය.
ඊයේ සහ පෙරේදා බේරේ ජලයේ පාවෙමින් සිටි තාරාවන්ගේ සහ අළු පැස්තුඩුවන්ගේ මළ සිරුරු දුසිම් දෙකක් පමණ සොයාගන්නා ලද අතර, මෙම මරණවලට හේතුව පිළිබඳව බලධාරීන් සහ මහජනතාව ව්‍යාකූල වී ඇති බවක් පෙනෙන්නට තිබිණි.
කොළඹ මහනගර සභා කොමසාරිස් පාලිත නානායක්කාර ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, සිද්ධිය පිළිබඳව තමා ද දැන සිටින නමුත් කුරුල්ලන්ගේ මරණයට හේතුව කුමක්දැයි නොදන්නා බවයි.
තාරාවන්ට විෂ විය හැකි රසායනිකයක් නගර සභාවේ සේවකයන් විසින් ජලයට යොදා ඇතැයි යන කටකතාව කොමසාරිස්වරයා ප්‍රතික්ෂේප කර ඇත.
බේරේ වැවේ වගකීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරියට සහ කොළඹ මහනගර සභාව යන ආයතනවලට අයත් වන අතර, තම ආයතනය වැවේ කසළ එකතු කර බැහැර කිරීම සිදුකරන බව කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.
මේ අතර, නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ, ඊයේ උදෑසන ගංගාරාම සීමාමාලකය අසල දූපතේ එල්ලෙන පාලමේ අලුත්වැඩියා කටයුතු සොයාබැලීමට එහි ගිය විට ප්‍රදේශය වටා තාරා මළකඳන් හමු වූ බවයි.
ප්‍රදේශයේ කම්කරුවන් දෙදෙනෙකුගෙන් කළ විමසීමකදී එම නිලධාරියාට පවසා ඇත්තේ, කොළඹ මහ නගර සභාවේ යැයි විශ්වාස කරන පිරිසක් බදාදා වැවට පැමිණ ජල පිරිපහදු කටයුතු සඳහා රසායනික ද්‍රව්‍යයක් මුදාහැර ඇති බවයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය වෛද්‍ය සුහද ජයවර්ධන පවසා ඇත්තේ, තාරා මළකඳන් පිළිබඳව ඉහත බලධාරීන්ගෙන් කිසිවෙකු තවමත් තමන් දැනුවත් කර නොමැති බවයි.
බේරේ වැව පසුගිය සති කිහිපය තුළ මතභේදයට තුඩු දී තිබුණේ, ඇල්ගී ඝන තට්ටුවක් සහ කුණු කසළ හේතුවෙන් අප්‍රසන්න ගන්ධයක් පැතිරීම සම්බන්ද්ධයෙන් කිසිදු අධිකාරියක් විසින් සොයාබලා නොතිබූ බැවිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..