වීසා සැකසීම කොම්පැණියකට දීමෙන් රුපියල් කෝටි 320ක පාඩුවක්...
වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද පෙත්සම් විභාගය සිදු කළ අතර, පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා;
“අද දිනයේ ඊ වීසා සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට ගත්තා. අතුරු නියෝගයක් දුන්නා. හිටපු උසාවියට අපහාස කිරීම මත හිටපු ආගමන විගමන පාලකවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් තමයි අද එක විනිසුරුතුමෙක් පෞද්ගලික හේතුවක් මත ඒ නඩුව ඇසීමෙන් ඉවත් වුණා. ඒක හින්දා සඳුදා දිනයට විසිහත් වෙනිදට යෝජනා වුණා. ඇප යෝජනාව පිළිබඳව තීරණයක් ගන්න. මේ නඩුවේ පැමිණිලිකරුවෝ හැටියට එම්. ඒ. සුමන්දිරන් මහත්මයාත්, රවුෆ් හකීම් මහත්මයාත් අපි ඒ පුද්ගලයාට ඇප දීමට විරුද්ධ වුණේ නෑ. ඒ නිසා විසිහත් වෙනිදා ඇප සාකච්ජා කැඳවනවා. ඊට පස්සේ නඩු විභාගය ආරම්භ වෙනවා.
මේ වංචාව කෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්. අධිකරණය මැදිහත් නොවෙන්න මේ වංචාව තාමත් ඉදිරියට යනවා. ඒ වගේම මෙවැනිම සිද්ධියක් පාස්පෝට් සම්බන්ධයෙනුත් වෙලා දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත්වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා, අගමැතිතුමියගේ මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ මුලින්ම කරන්න ඕන දෙයක් තමයි මේ වංචාව පිළිබඳව කටයුතු කිරීම. මොකද මුදල් කාරක සභාවෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරන්න කියලා. වෝහාරික විගණනයක් කරන බව ජනාධිපතිවරණයයි, මහ මැතිවරණයයි අතරමැදි අවස්ථාවේදී විජිත හේරත් ඇමතිවරයා ප්‍රකාශ කළා. අපි දැනගන්න කැමතියි ඒ වෝහාරික විගණනයට මොකද වුණේ කියලා. ඒ වගේම මේ Clean Sri Lanka වැඩපිළිවෙල, Dirty Sri Lanka නොවෙන්න නම්, මේ පුද්ගලයින් සම්බන්ධයෙන්, වීසා වංචාවට සම්බන්ධ දේශපාලකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. පාස්පෝට් වංචාවකුත් සිද්ධ වුණා. අද සෑහෙන දුකක් විඳලා තියෙනවා මේ රටේ ජනතාව පාස්පෝට් එකක් ලබාගන්න. සිද්ධ කරලා තියෙන්නේ මොකක්ද? ඩිජිටල් වේදිකාවක් හදලා, ලබාදීම සීමා කිරීම විතරයි. ඒ ප්‍රශ්නෙ මාස හතරක් යනකන් විසඳලා නෑ මේ අලුත් රජය. ඒ නිසා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. මේවට තමයි සීඅයිඩියට යන්න ඕනේ මේ ඇමතිවරු. එහෙම නැතුව තමන්ගේ ආචාර්ය උපාධිය වැරදියට සඳහන් කළා, කුමන්ත්‍රණයක් තිබුණා කියලා නෙමෙයි. අපිට හැඟෙනවා මෙතන යම් ක්‍රියාවලියක් සිදු වෙනවද කියලා, මේ චෞර වළල්ල විසින් මේ ඊවීසා වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර නොගෙන ඉඳීමෙන් අපට හැඟෙනවා. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා Clean Sri Lanka, Dirty Sri Lanka නොවෙන්න නම් අනිවාර්යෙන්ම ඊ. වීසා සහ ඊ පාස්පෝර්ට් වංචනිකයන්ට, නිලධාරීන්ට පමණක් නෙවෙයි සම්බන්ධ හිටපු දේශපාලන නායකයින්ට විරුද්ධව පියවර ගත යුතුයි.”
මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;
ප්‍රශ්නය: සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර මේ දිනවල සිදුවන සාකච්ඡා ඔබ කොහොමද දකින්නේ?
පිළිතුර: ඒක ඉතින් ඇත්තටම ඒ පක්ෂ දෙකේ වැඩක්. ඒ පක්ෂ දෙක බිඳ වැටුණේ 2020දි.
ප්‍රශ්නය: එකමුතු වෙලා යනවද? වෙන්වෙලා යනවද කියන එක එකක්. නමුත් කතා වෙන්නේ සියලුම විපක්ෂය ඒකාබද්ධ කරනවා කියන එක.
පිළිතුර: කවුද? එහෙම කතාබහක් අපට නම් තාම එහෙම යෝජනාවක් ඇවිල්ලා නෑ. සන්ධානයක් හැදෙන්න කලින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවයක් තියෙන්න ඕන. මොකද නිකන් මේ ආණ්ඩුව පරාජය කිරීමේ අරමුණින් වගේ අරමුණකට පමණක් එකතු වෙලා, ඡන්දේ ඉල්ලලා වැඩක් නැහැ. රට බංකොලොත්, ඒ බංකොලොත් රට ගොඩනගන්න නම්, මේ ස්ථාවරභාවය රැකගන්න අතර ම වර්ධනයක් ළඟා කර ගන්න ඕනේ. ඒ ආර්ථික වර්ධනයට අනුගමනය කරන උපක්‍රමය මොකක්ද කියන එක අපි බලන්න ඕන. මොකද අනුර දිසානායක මහත්තයා දැන් කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රියාදාමයමයි. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නියම අනුප්‍රාප්තිකයා තමයි අනුර දිසානායක මහත්තයා. අපිට පේන්නේ ඒකයි, ආර්ථික හා දේශපාලන වශයෙන්.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..