News Category
From Date
To Date
Maximum Number of Result

වීසා සැකසීම කොම්පැණියකට දීමෙන් රුපියල් කෝටි 320ක පාඩුවක්...

Jan 24, 2025 at 09:35 AM
|

වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද පෙත්සම් විභාගය සිදු කළ අතර, පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා;

“අද දිනයේ ඊ වීසා සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට ගත්තා. අතුරු නියෝගයක් දුන්නා. හිටපු උසාවියට අපහාස කිරීම මත හිටපු ආගමන විගමන පාලකවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් තමයි අද එක විනිසුරුතුමෙක් පෞද්ගලික හේතුවක් මත ඒ නඩුව ඇසීමෙන් ඉවත් වුණා. ඒක හින්දා සඳුදා දිනයට විසිහත් වෙනිදට යෝජනා වුණා. ඇප යෝජනාව පිළිබඳව තීරණයක් ගන්න. මේ නඩුවේ පැමිණිලිකරුවෝ හැටියට එම්. ඒ. සුමන්දිරන් මහත්මයාත්, රවුෆ් හකීම් මහත්මයාත් අපි ඒ පුද්ගලයාට ඇප දීමට විරුද්ධ වුණේ නෑ. ඒ නිසා විසිහත් වෙනිදා ඇප සාකච්ජා කැඳවනවා. ඊට පස්සේ නඩු විභාගය ආරම්භ වෙනවා.

මේ වංචාව කෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්. අධිකරණය මැදිහත් නොවෙන්න මේ වංචාව තාමත් ඉදිරියට යනවා. ඒ වගේම මෙවැනිම සිද්ධියක් පාස්පෝට් සම්බන්ධයෙනුත් වෙලා දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත්වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා, අගමැතිතුමියගේ මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ මුලින්ම කරන්න ඕන දෙයක් තමයි මේ වංචාව පිළිබඳව කටයුතු කිරීම. මොකද මුදල් කාරක සභාවෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරන්න කියලා. වෝහාරික විගණනයක් කරන බව ජනාධිපතිවරණයයි, මහ මැතිවරණයයි අතරමැදි අවස්ථාවේදී විජිත හේරත් ඇමතිවරයා ප්‍රකාශ කළා. අපි දැනගන්න කැමතියි ඒ වෝහාරික විගණනයට මොකද වුණේ කියලා. ඒ වගේම මේ Clean Sri Lanka වැඩපිළිවෙල, Dirty Sri Lanka නොවෙන්න නම්, මේ පුද්ගලයින් සම්බන්ධයෙන්, වීසා වංචාවට සම්බන්ධ දේශපාලකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. පාස්පෝට් වංචාවකුත් සිද්ධ වුණා. අද සෑහෙන දුකක් විඳලා තියෙනවා මේ රටේ ජනතාව පාස්පෝට් එකක් ලබාගන්න. සිද්ධ කරලා තියෙන්නේ මොකක්ද? ඩිජිටල් වේදිකාවක් හදලා, ලබාදීම සීමා කිරීම විතරයි. ඒ ප්‍රශ්නෙ මාස හතරක් යනකන් විසඳලා නෑ මේ අලුත් රජය. ඒ නිසා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. මේවට තමයි සීඅයිඩියට යන්න ඕනේ මේ ඇමතිවරු. එහෙම නැතුව තමන්ගේ ආචාර්ය උපාධිය වැරදියට සඳහන් කළා, කුමන්ත්‍රණයක් තිබුණා කියලා නෙමෙයි. අපිට හැඟෙනවා මෙතන යම් ක්‍රියාවලියක් සිදු වෙනවද කියලා, මේ චෞර වළල්ල විසින් මේ ඊවීසා වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර නොගෙන ඉඳීමෙන් අපට හැඟෙනවා. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා Clean Sri Lanka, Dirty Sri Lanka නොවෙන්න නම් අනිවාර්යෙන්ම ඊ. වීසා සහ ඊ පාස්පෝර්ට් වංචනිකයන්ට, නිලධාරීන්ට පමණක් නෙවෙයි සම්බන්ධ හිටපු දේශපාලන නායකයින්ට විරුද්ධව පියවර ගත යුතුයි.”

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්නය: සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර මේ දිනවල සිදුවන සාකච්ඡා ඔබ කොහොමද දකින්නේ?

පිළිතුර: ඒක ඉතින් ඇත්තටම ඒ පක්ෂ දෙකේ වැඩක්. ඒ පක්ෂ දෙක බිඳ වැටුණේ 2020දි.

ප්‍රශ්නය: එකමුතු වෙලා යනවද? වෙන්වෙලා යනවද කියන එක එකක්. නමුත් කතා වෙන්නේ සියලුම විපක්ෂය ඒකාබද්ධ කරනවා කියන එක.

පිළිතුර: කවුද? එහෙම කතාබහක් අපට නම් තාම එහෙම යෝජනාවක් ඇවිල්ලා නෑ. සන්ධානයක් හැදෙන්න කලින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවයක් තියෙන්න ඕන. මොකද නිකන් මේ ආණ්ඩුව පරාජය කිරීමේ අරමුණින් වගේ අරමුණකට පමණක් එකතු වෙලා, ඡන්දේ ඉල්ලලා වැඩක් නැහැ. රට බංකොලොත්, ඒ බංකොලොත් රට ගොඩනගන්න නම්, මේ ස්ථාවරභාවය රැකගන්න අතර ම වර්ධනයක් ළඟා කර ගන්න ඕනේ. ඒ ආර්ථික වර්ධනයට අනුගමනය කරන උපක්‍රමය මොකක්ද කියන එක අපි බලන්න ඕන. මොකද අනුර දිසානායක මහත්තයා දැන් කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රියාදාමයමයි. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නියම අනුප්‍රාප්තිකයා තමයි අනුර දිසානායක මහත්තයා. අපිට පේන්නේ ඒකයි, ආර්ථික හා දේශපාලන වශයෙන්.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ලබාදුන් රහසිගත තොරතුර රටට හෙළි කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති තිලක් සියඹලාපිටියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
තාප බලශක්ති මාෆියාවේ අතකොළුවක් බවට පත්ව ඇති ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කිරීමට සැරසෙන බව විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ චෝදනා කළේය.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකළ නොහොබිනාම දේ තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීම බව සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි. ''රට අඳුරට යවන සූර්‍ය බල අවමඟුල" ලෙසන් වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවට එක් කරමින් ඔහු මෙසේ පවසයි.

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.