
ජනාධිපති බංගලා සහ අමාත්‍ය නිවාස බදුදීම: ගොඩනැගිලිවල ඓතිහාසික වටිනාකමට හානියක්ද?
ජනාධිපති බංගලා සහ අමාත්‍ය නිවාස පෞද්ගලික අංශයට බදුදීමට රජය ගත් තීරණය හේතුවෙන්, මෙම ගොඩනැගිලිවල ඓතිහාසික වටිනාකමට හානියක් සිදුවේදැයි යන්න පිළිබඳව ඇතැම් පාර්ශව කනස්සල්ල පළකර ඇත.
පෞද්ගලික සංවර්ධකයන්ට කුමන දේපළ පැවරිය යුතුද යන්න ඇගයීම සඳහා කමිටුවක් පත්කර ඇති බව රජය පවසන නමුත්, එවැනි පියවරක් කෙතරම් ඥාණවන්තද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.
රජයේ වටිනා දේපළ අනිසි ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳව කනස්සල්ල මතුකළ අය අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විපක්ෂ දේශපාලනඥයකු වන චරිත හේරත් ද සිටී.
“මෙම යෝජනාවට ඉතා වටිනා රජයේ බංගලා ඇතුළත් වන බව පෙනේ. ඒවායින් සමහරක් ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක වැදගත්කමක් දරයි. විශේෂයෙන්, නුවරඑළියේ ජනාධිපති මන්දිරය ද අදාළ දේපළ අතර වේ. එවැනි ක්‍රියා, විනිවිදභාවයෙන් යුතුව හසුරුවන්නේ නැත්නම්, එය පූර්වාදර්ශයක් විය හැකියි” චරිත හේරත් සිය X ගිණුමේ සටහන් කර ඇත.
මෙම යෝජනාව හොඳින් ඇගයීම සඳහා ජාතික සංවාදයක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පවසයි.
“මෙම දේපළ පටු අවශ්‍යතා සඳහා යොදවනවාට වඩා සමස්තයක් ලෙස රටට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් සංරක්ෂණය කර කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා ඒවායේ තාර්කිකත්වය, තේරීමේ ක්‍රියාවලිය සහ අපේක්ෂිත භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතුයි”
බෙලිහුල්ඔය, පොළොන්නරුව, හබරණ සහ මාතර යන ප්‍රදේශවල පිහිටි විශ්‍රාම නිවාඩු නිකේතන වැනි වටිනා වත්කම්, එවකට පැවති ආණ්ඩු සමඟ සමීපව සම්බන්ධ වූ අයට පවරා දුන් අවස්ථා අතීතයේ දී ඇති බව ඔහු පෙන්වාදෙයි.
මෙම දේපළවලින් සමහරක් සංවර්ධනය කරන ලද අතර, අනෙක් ඒවා නොසළකා හැරීම හේතුවෙන් ඒවායේ වටිනාකම සහ පවරාදීමේ අරමුණ අහිමි විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
