
දින 100 ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව අනුව ආණ්ඩුව ෆේල්ලු
වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවත්, එමෙන්ම ආණ්ඩුවේම මැති ඇමතිවරු සෑහීමකට පත්ව නොමැති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (20දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අද වන විට ජාතික ජන බලවේගය, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 100 සම්පූර්ණ වෙලා තියෙනවා. ආණ්ඩුවක දින 100 තමයි ඕනෑම ආණ්ඩුවක් බලයට ආවම වැදගත් වෙන්නේ. මේ ආණ්ඩුව බලයට ගෙනාපු විශාල ජනතාවක් විශාල අපේක්ෂාවන් තියාගෙන මේ රටේ ඉන්නවා.
ආණ්ඩුව ඡන්ද කාලයේදී බලාපොරොත්තු ලබා දුන්නා. ඒ අනුව ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතනවා, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කතාවලිනුත්, සමහර මැති ඇමතිවරුන්ගේ කතාවලිනුත් ඔවුන්වත් මේ ආණ්ඩුවේ දින 100 ගැන සන්තෝෂයකට එහෙම නැතිනම්, සෑහීමකට පත්වෙලා නෑ කියලා. මොකද දින 100 ප්‍රගති වාර්තාව ආරන් බැලුවොත් අපිට පේනවා ආණ්ඩුව ඒ දින 100 ප්‍රගති වාර්තාව තුළ විශේෂයෙන් කෙටිකාලීනව ආණ්ඩුව කරනවා කියලා ලබා දුන් පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා.
දින 100 දිහා අපි හැරිලා බැලුවම ආණ්ඩුවේ දින 100 ගමන සාර්ථකත්වයක් ලබා ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ කියන එක අපි පැහැදිලිවම පෙන්වලා දෙන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා එක එක දේවල් කියන්න පුළුවන්. අගමැතිතුමිය කියන්න පුළුවන්. ඒ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමතිවරු නොයෙකුත් සුරංගනා කතා කියන්න පුළුවන්.
ඒවා තවම කෙරෙනවා. නමුත් අපි යථාර්ථවාදීව, ප්‍රායෝගිකව ආණ්ඩුව මෙතෙක් කල් ආපු ගමන් මගේ ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතන්නේ මම හිතන්නේ ආණ්ඩුවට ඡන්දය දීපු විශාල පිරිසකුත් කනගාටු වෙලා තිබෙනවා. ඒ අයත් සෑහීමකට පත්වෙලා නෑ. ඒ වගේම ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු කතා කරන විලාශය බැලුවම ඔවුනුත් සෑහීමකට පත්වෙලා නෑ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
