ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති කියන්නේ බොරු - උදය ගම්මන්පිල (වීඩියෝ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිලිබදව සිය ආණ්ඩුවේ අළුත් වැඩක් ලෙසින් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය මින් වසර තුනකට පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කල ව්‍යාපෘතියක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මේ සම්බන්ධ ගිවිසුම 2022 වසරේ අත්සන් කල බවත් එවකට එයට දැඩිව බාධා කලේ ජාතික ජන බලවේගය බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටීයි.
පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සදහන් පකර සිටියේ අද දින (20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
"ජනපතිවරණ සමයේ දී ජනාධිපතිතුමා කිව්වේ ඉතාම කෙටි කාලයකින් මොකක්ද යෙදුම? ඉතාම කෙටි කාලයකින් විදුලි බිල 1/3කින් අඩු කරනවා කියලා. එතුමා ඒක කියලා නිකන් හිටියේ නෑ. රුපියල් නවදාහක විදුලි බිල හය දහස දක්වා අඩු වෙනවා කියමින් උදාහරණත් සමග අපට පැහැදිලි කර දුන්නා. නමුත් ආණ්ඩුව පත් වී මාස හතරක් වුණත් ඉතාම කෙටිකාලය උදා වුණේ නෑ. විදුලි බිල අඩු කළ යුතුයි කියන දැවැන්ත මහජන පීඩනය නිසාම මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල අඩු කිරීමට මහජන අදහස් ගත්තා. එහිදී ජනතාව නම් ඉල්ලුවා පොරොන්දු වූ පරිදි 1/3 මිල අඩු කරන්න කියලා. නමුත් විදුලි බල මණ්ඩලය කිව්වේ බිල අඩු කරන්න පුළුවන් 3%කින් විතරයි කියලා. ඒ අතරේ බලශක්ති ඇමතිතුමා කිව්වා බිල අඩු කරන්න නොවේ 37%කින් වැඩි කරන්නයි වෙලා තිබෙන්නේ කියලා.
මේ සියල්ලටම ඇහුම්කන් දීලා මහජන උපයෝගිතා කොමිසම 20%කින් විදුලි ගාස්තු අඩු කරන්න නිර්දේශ කලා. මීට කලින් නම් මහජන උපයෝගිතා කොමිසම ආණ්ඩුවේ මතයට කීකරු නොවුණොත් සභාපති අස් කරලා හරි මට්ටු කරනවා මිස කොමිසම කියන දේ කරන්නේ නෑ. නමුත් ඔය අතරේ හෝමාගම, මොරටුව, කැළණිය, අගුණුකොලපැලැස්ස සහ බේරුවල වගේ මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරපු මැතිවරණ කොට්ඨාශ වල පැවැති සමූපකාර සමිති නිලවරණයන්ගෙන් මාලිමාවට අන්ත පරාජයක් අත් වුණා.
පොරොන්දු සිහිපත් කිරීමෙන් රත් නොවුණු අනුර කුමරුගේ පඬුපුල් අසුන සමූපකාර ඡන්ද ප්‍රතිඵලය දැකලා රත් වෙන්න පටන් ගත්තා. අනුර කුමරුගේ පඬුපුල් අසුන විතරක් නොවේ ආණ්ඩුවේ නායකයන්ගේ හිස් මොළ මේ දැවැන්ත පරාජය හමුවේ රත් වෙන්න පටන් ගත්තා.
අන්න ඒකයි අවුරුදු තුනකට අඩු කරන්න බෑ කියූ විදුලි බිල හදිසියේම අඩු කරන්න ආණ්ඩුව තීරණය කලේ. ඒ නිසා විදුලි බිල 20%කින් අඩු කිරීමේ සමස්ථ ගෞරවය සමූපකාර ඡන්ද වල දී මාලිමාවට අන්ත පරාජයක් අත් කරලා දුන්නු ඡන්දදායකයින්ට හිමි වෙනවා. මේ රැල්ල ඉදිරි සමූපකාර ඡන්ද වලටත් අරගෙන ගියොත් කඩවුණු පොරොන්දු සියල්ලම මේ ආණ්ඩුවෙන් ඉටු කර ගන්න පුළුවන් වේවි කියලා ජනතාවට සිහිපත් කරනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..