
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති කියන්නේ බොරු - උදය ගම්මන්පිල (වීඩියෝ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිලිබදව සිය ආණ්ඩුවේ අළුත් වැඩක් ලෙසින් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය මින් වසර තුනකට පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කල ව්‍යාපෘතියක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මේ සම්බන්ධ ගිවිසුම 2022 වසරේ අත්සන් කල බවත් එවකට එයට දැඩිව බාධා කලේ ජාතික ජන බලවේගය බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටීයි.
පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සදහන් පකර සිටියේ අද දින (20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
"ජනපතිවරණ සමයේ දී ජනාධිපතිතුමා කිව්වේ ඉතාම කෙටි කාලයකින් මොකක්ද යෙදුම? ඉතාම කෙටි කාලයකින් විදුලි බිල 1/3කින් අඩු කරනවා කියලා. එතුමා ඒක කියලා නිකන් හිටියේ නෑ. රුපියල් නවදාහක විදුලි බිල හය දහස දක්වා අඩු වෙනවා කියමින් උදාහරණත් සමග අපට පැහැදිලි කර දුන්නා. නමුත් ආණ්ඩුව පත් වී මාස හතරක් වුණත් ඉතාම කෙටිකාලය උදා වුණේ නෑ. විදුලි බිල අඩු කළ යුතුයි කියන දැවැන්ත මහජන පීඩනය නිසාම මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල අඩු කිරීමට මහජන අදහස් ගත්තා. එහිදී ජනතාව නම් ඉල්ලුවා පොරොන්දු වූ පරිදි 1/3 මිල අඩු කරන්න කියලා. නමුත් විදුලි බල මණ්ඩලය කිව්වේ බිල අඩු කරන්න පුළුවන් 3%කින් විතරයි කියලා. ඒ අතරේ බලශක්ති ඇමතිතුමා කිව්වා බිල අඩු කරන්න නොවේ 37%කින් වැඩි කරන්නයි වෙලා තිබෙන්නේ කියලා.
මේ සියල්ලටම ඇහුම්කන් දීලා මහජන උපයෝගිතා කොමිසම 20%කින් විදුලි ගාස්තු අඩු කරන්න නිර්දේශ කලා. මීට කලින් නම් මහජන උපයෝගිතා කොමිසම ආණ්ඩුවේ මතයට කීකරු නොවුණොත් සභාපති අස් කරලා හරි මට්ටු කරනවා මිස කොමිසම කියන දේ කරන්නේ නෑ. නමුත් ඔය අතරේ හෝමාගම, මොරටුව, කැළණිය, අගුණුකොලපැලැස්ස සහ බේරුවල වගේ මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරපු මැතිවරණ කොට්ඨාශ වල පැවැති සමූපකාර සමිති නිලවරණයන්ගෙන් මාලිමාවට අන්ත පරාජයක් අත් වුණා.
පොරොන්දු සිහිපත් කිරීමෙන් රත් නොවුණු අනුර කුමරුගේ පඬුපුල් අසුන සමූපකාර ඡන්ද ප්‍රතිඵලය දැකලා රත් වෙන්න පටන් ගත්තා. අනුර කුමරුගේ පඬුපුල් අසුන විතරක් නොවේ ආණ්ඩුවේ නායකයන්ගේ හිස් මොළ මේ දැවැන්ත පරාජය හමුවේ රත් වෙන්න පටන් ගත්තා.
අන්න ඒකයි අවුරුදු තුනකට අඩු කරන්න බෑ කියූ විදුලි බිල හදිසියේම අඩු කරන්න ආණ්ඩුව තීරණය කලේ. ඒ නිසා විදුලි බිල 20%කින් අඩු කිරීමේ සමස්ථ ගෞරවය සමූපකාර ඡන්ද වල දී මාලිමාවට අන්ත පරාජයක් අත් කරලා දුන්නු ඡන්දදායකයින්ට හිමි වෙනවා. මේ රැල්ල ඉදිරි සමූපකාර ඡන්ද වලටත් අරගෙන ගියොත් කඩවුණු පොරොන්දු සියල්ලම මේ ආණ්ඩුවෙන් ඉටු කර ගන්න පුළුවන් වේවි කියලා ජනතාවට සිහිපත් කරනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
