ජානක පෙරේරාගේ ඝාතකයා කෙහෙළියගේ ආරක්ෂකයෙක්... නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණිල්ලක්
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ආරක්ෂකයකු බව හෙළිදරව් කරමින් උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට ඊයේ (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණි හෙතෙම ජනමාධ්‍යයට පැවසුවේ, මෙම ඝාතනය සිදුකළ බෝම්බකරු කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සිටි උමර් හබ්තාප් නමැති මුස්ලිම් ජාතිකයා බවයි.
කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 2001 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, අනතුරුව දේශපාලනයට ප්‍රවේශ වන්නේ එවකට පැවැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු පෙරමුණු අණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හිඳිමිනි.
ඔහු උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායකයාව හිඳ මහඇමැති අපේක්ෂක ධුරය අපේක්ෂා කරමින් පළාත් සභා මැතිවරණ සටන දියත් කරන අතරතුර අනුරාධපුර ඔහුගේ මැතිවරණ කාර්යාලය තුළදී එල්ලවන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි.
“උතුරේ හිටපු මන්ත්‍රීවරයෙක් වන රාජා කූනේස්වර යන මන්ත්‍රීවරයා ඊ. පී. ආ.ර් එල්. එෆ්. (EPRLF) සංවිධානයේ උමර් හබ්තාප් නම් මුස්ලිම් ජාතිකයෙක් මට ගෙනත් භාරදුන්නා. මම ඔහුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ගිහින් භාරදුන්නා. ඔහු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ තමා හිටියේ. එතන ගොඩක් සිද්ධි සංවිධානය වුණා” යැයි ද පැමිණිලිකරු මෙහිදී ජනමාධ්‍ය හමුවේ කීවේය.
“මෙම සිද්ධියට මැදවච්චිය පොලිසියේ සී.අයි විමලසිරි සම්පූර්ණයෙන්ම සහයෝගය දැක්වූවා. මෙම ඝාතනය කරලා යන වෙලාවේ උමර් හබ්තාප් ළඟ තියාගෙන එයාට තුවක්කු ලබාදීලා ආරක්ෂාව දීලා තිබුණා. මේක සම්පූර්ණයෙන්ම දිසානායක කියන ඕ.අයි.සී. තමයි කළේ. ඒවා හෙළිකරනකොට මට බොරු නඩු දැම්මා. මම දැන් ඒවගෙන් නිදොස් කොට නිදහස් වුණා” යැයි ද ඔහු කීවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා