
දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැතැයි කියන පැරැණි ප්‍රශස්ති නවතා දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්න - මනෝ ගනේෂන්
දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැතැයි කියන පැරැණි ප්‍රශස්ති ගායනා කිරීම නවතා දෙමළ දේශපාලන සිරකරුවන් සියලු ම දෙනා වහා නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් පවසයි.
දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් බන්ධනාගාරවල නැතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් කළා යැයි කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මනෝ ගනේෂන් මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
“දේශපාලන සිරකරුවන් යැයි කණ්ඩායමක් නැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. මොහු හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ සහෝදරයාගේ පුතා. එවක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ ඔවුන්ගේ සහෝදරයන්ව සිරගත කළ අවස්ථාවේ ඔවුන්ව හැඳින්වූයේ දේශපාලන සිරකරුවන් වශයෙන්. නමුත් යුද්ධය හේතුවෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් වශයෙන් හැඳින්වීම ප්‍රතික්ෂේප කරනවා.
බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි ඇතැමුන් එදා පටන් සිදුකරන ප්‍රකාශ අසා අපට හොඳ පුරුද්දක් තිබෙනවා. විශාල පෙරළියක් සිදු කිරීමට බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඒ ප්‍රශස්ති ම ගායනා නොකළ යුතුයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔවුන් ත්‍රස්තවාදීන් වුණාට ජනතාව පාර්ශ්වයෙන් ඔවුන් අරගලකරුවන්. පලස්තීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා ම අරගල සිදුවූ රටවල තත්ත්වය මෙයට සමානයි.
අපගේ ආණ්ඩු කාලවලත් දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ අය සිටියා. 1989දී ජනතා විමුක්ති පෙරමුණේ අරගලකරුවන්වත් එවක ආණ්ඩු ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සටන්කාමීන්ව හැඳින්වූයේ අරගලකරුවන් වශයෙන්. එබැවින් පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතුයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
