දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැතැයි කියන පැරැණි ප්‍රශස්ති නවතා දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්න - මනෝ ගනේෂන්
දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැතැයි කියන පැරැණි ප්‍රශස්ති ගායනා කිරීම නවතා දෙමළ දේශපාලන සිරකරුවන් සියලු ම දෙනා වහා නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් පවසයි.
දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් බන්ධනාගාරවල නැතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් කළා යැයි කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මනෝ ගනේෂන් මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
“දේශපාලන සිරකරුවන් යැයි කණ්ඩායමක් නැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. මොහු හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ සහෝදරයාගේ පුතා. එවක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ ඔවුන්ගේ සහෝදරයන්ව සිරගත කළ අවස්ථාවේ ඔවුන්ව හැඳින්වූයේ දේශපාලන සිරකරුවන් වශයෙන්. නමුත් යුද්ධය හේතුවෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් වශයෙන් හැඳින්වීම ප්‍රතික්ෂේප කරනවා.
බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි ඇතැමුන් එදා පටන් සිදුකරන ප්‍රකාශ අසා අපට හොඳ පුරුද්දක් තිබෙනවා. විශාල පෙරළියක් සිදු කිරීමට බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඒ ප්‍රශස්ති ම ගායනා නොකළ යුතුයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔවුන් ත්‍රස්තවාදීන් වුණාට ජනතාව පාර්ශ්වයෙන් ඔවුන් අරගලකරුවන්. පලස්තීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා ම අරගල සිදුවූ රටවල තත්ත්වය මෙයට සමානයි.
අපගේ ආණ්ඩු කාලවලත් දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ අය සිටියා. 1989දී ජනතා විමුක්ති පෙරමුණේ අරගලකරුවන්වත් එවක ආණ්ඩු ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සටන්කාමීන්ව හැඳින්වූයේ අරගලකරුවන් වශයෙන්. එබැවින් පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතුයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..