රතු හාල් නැත්තේ රනිල් කිලෝ 20 ගානෙ බෙදූ නිසා.. - ඇමති වසන්ත
අද වන විට රට තුළ රතු සහ කැකුළු සහල් හිඟයක් ඇතිවී තිබෙන්නේ පසුගිය රජය විසින් සිදු කරන ලද වැරදි ක්‍රියා හේතුවෙන් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ගිය රජය විසින් රතු සහල් ආහාරය නොගන්නා ප්‍රදේශයන්ටද කිලෝ 20 බැගින් රතු කැකුළු සහල් බෙදා දීමේ අමනෝඥ වැඩ නිසා අද පොංගල් බත උයා ගැනීමටද නොහැකි වී ඇති බවද හෙතෙම චෝදනා කළේය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
“අද දවසේ තෛපොංගල් බත උයන්න රතු සහල් වුවමනා වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා රතු සහල් හිඟයක් තියෙනවා කියලා අද සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා.
වෙළෙඳපොළේ සහල් නැතිවීම පිළිබඳව ජනතාව මට දුරකථන ඇමතුම් ලබා දෙනවා. රතු සහල් මෙහෙම වෙන්නේ ඇයි කියන කාරණය මම කියන්න කැමතියි. විශේෂයෙන්ම රතු සහල් වගාකිරීම් කරන්නේ මාතර, ගාල්ල, හම්බන්තොට, දකුණ වගේම නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවල මේ වී වගාකරන ප්‍රදේශවල මෝල්වල වගේම, ගබඩා සම්බන්ධවත් අපි සමීක්ෂණයක් කළා. ඒ අනුව ගත්තාම අපිට දැනෙනවා පසුගිය 2024 වර්ෂයේ හෙක්ටයාර් 277,315ක් අපේ රටේ රතු සහල් වගා කරලා තියෙනවා. 2024 යල සහ මහ කන්න දෙකම ඒ අනුව වගා කරලා තියෙනවා. මේ අනුව වී මෙට්‍රික් ටොන් මිලියන 1.1ක් අස්වැන්න ලැබිලා තියෙනවා.
දැන් පටන් ගන්නේ මහ කන්නයේ අස්වැන්න. 2024 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර 277,000 මුළු අවුරුද්දෙම යල කන්නයේදී වගා කරලා තියෙන්නේ හෙක්ටයාර ලක්ෂයයි. යල කන්නයේදී වී අස්වැන්න ලැබිලා තියෙන්නේ හාරලක්ෂ තුන්දහස් අනූ හතක් වගේ ප්‍රමාණයක්, හත්ලක්ෂ හයදහසක් ලැබිලා තියෙනවා මහ කන්නයේදී.
දැන් අපි සූදානම් වෙන්නේ 2025 මහ කන්නයට. 2025 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර එක්ලක්ෂ හැට එක් දහස් හැට හතක් රතු වී සඳහා වගා කරලා තියෙනවා. අපේක්ෂා කරලා තියෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හයලක්ෂ හතලිස් අටදහස් දෙසීය දාසයක්. ඒ අනුව 2025 අවුරුද්දට රතු සහල් හිඟයක් ඇති වෙන්න විදිහක් නෑ.
2024 හිටපු ආණ්ඩු කරපු සමහර අමනෝඥ වැඩ නිසා තමයි අද තෛපොංගල් බත උයාගන්නත් බැරි වෙලා තියෙන්නේ.
පහුගිය ජනාධිපතිවරණයට පෙර ඔබට මතක ඇති රතු සහල් කිලෝ 20ක් ලැබුණා රතු සහල් කන්නේ නැති මිනිස්සුන්ටත් ගිහින් රතු සහල් දුන්නහම සහල්වල හිඟයක් කල්පනා කරන්න තිබුණා. ඒ වෙලාවේ කිලෝ 20 ගානේ රතු සහල් අරන් ගිහින් දුන්නා රතු හාල් කන්නේ තැනි මිනිස්සුන්ටත් කන්න කියලා සුදු හාල් කන මිනිස්සුන්ට අවසානෙදි වුණේ රතු සහල්වල හිඟය එගොල්ලේ හැදෙව්වා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..