බැදුම්කර වංචාවට සමාන පොල්තෙල් වංචාවක් ගැන අනාවරණයක්
මහ බැංකු බැඳුම්කරය වැනි වංචාවක් පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හරහා වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන බවත්, මෙම වංචාව පසුගිය රජය සමයේ ආරම්භ කර ඇති අතර, වත්මන් රජය යටතේද එය සිදුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (15දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හරහා රජයට අයවිය යුතු කෝටි 5,000ක පමණ බදු ආදායමට සමාගම් කිහිපයක් විසින් පොල්ල තියලා තියෙනවා කියලා. 2024ජනවාරි 01වැනිදා ඉඳලා ඔක්තෝබර් මාසයේ අග දක්වා තමයි මේ බදු පොල්ල වැටිලා තියෙන්නේ.
2024 ජනවාරි 01වැනිදාට කලින් පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ආනයනය කරන කොට විශේෂ වෙළෙඳ භාණ්ඩ යටතේ රුපියල් 125,000ක් මෙට්‍රික් ටොන් එකකටත්, පිරිපහදු කළ එකකට 150,000ක් දාලා තිබුණා. ඒ ගැසට් පත්‍රයේ පැහැදිලිව තිබෙනවා මේක වැට් කාණ්ඩයට අයිති වෙන්නේ නෑ කියලා. 2024 ජනවාරි 01වැනිදා ඉඳන් වැට් පිළිබඳව දාපු විශේෂ ගැසට් එක අනුව වැට් එකෙන් ඉවත් කළ කාණ්ඩයට මේක නෑ.
ඒ කියන්නේ බදු ගෙවන්න වෙනවා. නමුත් සමාගම් කිහිපයක් පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 38.8ක් ගෙන්වලා තියෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ.
මේ ගැසට් එක අනුව 18%ක වැට් බද්දකුත්, 2.5%ක සමාජ ආරක්ෂණ බද්දකුත් ගෙවන්න ඕනි. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් මිලියන 38.8ම සෑම කිලෝග්‍රෑම් එකකටම 20.5% බදු නොගෙවා හැරලා තියෙනවා. වැඩේ කියන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව යටතේනේ වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් තමයි ඉල්ලලා තියෙන්නේ බදු සහන දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පසුවත් අපිට ආරංචි විදියට මේක දිගටම කෙරීගෙන යනවා. සැප්තැම්බර් 21 තමයි අනුර කුමාර දිසානායක මහත්මයා මේ රටේ ජනාධිපති වෙන්නේ. ඔක්තෝබර් මාසය දක්වා ටොන් 38,000ක් ගේනවා නම්, අනුර කුමාර මහතා ජනාධිපති වුණාට පස්සෙත් මේක ගෙන්වලා තියෙනවා. දිගින් දිගටම මෙම සමාගම් විසින් බදු පැහැර හැරීම සිදුකරනවා. අපිට ආරංචි විදියට නොවැම්බර් මාසයේත් මේ සමාගම්වලින් විශාල ප්‍රමාණයක් ගෙන්වලා තියෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..