
බැදුම්කර වංචාවට සමාන පොල්තෙල් වංචාවක් ගැන අනාවරණයක්
මහ බැංකු බැඳුම්කරය වැනි වංචාවක් පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හරහා වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන බවත්, මෙම වංචාව පසුගිය රජය සමයේ ආරම්භ කර ඇති අතර, වත්මන් රජය යටතේද එය සිදුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (15දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හරහා රජයට අයවිය යුතු කෝටි 5,000ක පමණ බදු ආදායමට සමාගම් කිහිපයක් විසින් පොල්ල තියලා තියෙනවා කියලා. 2024ජනවාරි 01වැනිදා ඉඳලා ඔක්තෝබර් මාසයේ අග දක්වා තමයි මේ බදු පොල්ල වැටිලා තියෙන්නේ.
2024 ජනවාරි 01වැනිදාට කලින් පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ආනයනය කරන කොට විශේෂ වෙළෙඳ භාණ්ඩ යටතේ රුපියල් 125,000ක් මෙට්‍රික් ටොන් එකකටත්, පිරිපහදු කළ එකකට 150,000ක් දාලා තිබුණා. ඒ ගැසට් පත්‍රයේ පැහැදිලිව තිබෙනවා මේක වැට් කාණ්ඩයට අයිති වෙන්නේ නෑ කියලා. 2024 ජනවාරි 01වැනිදා ඉඳන් වැට් පිළිබඳව දාපු විශේෂ ගැසට් එක අනුව වැට් එකෙන් ඉවත් කළ කාණ්ඩයට මේක නෑ.
ඒ කියන්නේ බදු ගෙවන්න වෙනවා. නමුත් සමාගම් කිහිපයක් පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 38.8ක් ගෙන්වලා තියෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ.
මේ ගැසට් එක අනුව 18%ක වැට් බද්දකුත්, 2.5%ක සමාජ ආරක්ෂණ බද්දකුත් ගෙවන්න ඕනි. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් මිලියන 38.8ම සෑම කිලෝග්‍රෑම් එකකටම 20.5% බදු නොගෙවා හැරලා තියෙනවා. වැඩේ කියන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව යටතේනේ වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් තමයි ඉල්ලලා තියෙන්නේ බදු සහන දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පසුවත් අපිට ආරංචි විදියට මේක දිගටම කෙරීගෙන යනවා. සැප්තැම්බර් 21 තමයි අනුර කුමාර දිසානායක මහත්මයා මේ රටේ ජනාධිපති වෙන්නේ. ඔක්තෝබර් මාසය දක්වා ටොන් 38,000ක් ගේනවා නම්, අනුර කුමාර මහතා ජනාධිපති වුණාට පස්සෙත් මේක ගෙන්වලා තියෙනවා. දිගින් දිගටම මෙම සමාගම් විසින් බදු පැහැර හැරීම සිදුකරනවා. අපිට ආරංචි විදියට නොවැම්බර් මාසයේත් මේ සමාගම්වලින් විශාල ප්‍රමාණයක් ගෙන්වලා තියෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
