
ඉන්දියාව සමග ඩිජිටල් හැඳුනුම්පත හැදීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතිලු – ඩිජිටල් ආර්ථික නි. ඇමැති කියයි
ඉන්දියාව සමග එක්ව හඳුන්වාදීමට නියමිත ඩිජිටල් හැඳුනුම්පත සකස් කළත් ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද එය සියයට සියයක් ආරක්ෂිත යැයි ද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ඊයේ (14දා) පැවසීය.
මෙම හැඳුනුම්පත සකස් කිරීමට විශාල මුදලක් වැය වන බවත් ඉන් සියයට 50ක් පමණ ඉන්දියානු ආධාර මගින් සිදුකිරීමට අදහස් කරගෙන සිටින බවත් ඔහු පැවසීය.
ඩිජිටල් හැඳුනුම්පත ඇඟිලි සලකුණු, මුහුණ සහ ඇසේ කළු ඉංගිරියාව ඇසුරු කරගෙන සකස් කරන බවත්, ඇඟිලි සලකුණු ගැනීම කඩදාසියක් මත නොව ඩිජිටල් ආකාරයට ගන්නා බවත් ඔහු කීය. ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත් ඉඩම් ගනුදෙනුවලදී ලොකු ගැටලු මතු වී තිබෙන අතර ඩිජිටල්කරණයෙන් එය නිසියාකාරයට සිදුකරගත හැකි බවත් ඔහු කීය.
පසුගිය රජය සමයේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේදී ජීව දත්ත තොරතුරු සමග එය සිදුකිරීමට නියමිතව තිබුණත් අද එම තත්ත්වය වෙනස් කර රජයේ නිලධාරීන්ට එම බලය ලබාදී ඇතැයි ද ඒ මහතා කීය. රජයේ නිලධාරීන්ට එම ක්‍රමවේදය පුහුණු කිරීමට කටයුතු කරන බවද ඔහු කීය.
නව ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට හඳුන්වා දීමටත් ලබන මස සිට එය නිකුත් කිරීමටත් අදහස් කරගෙන සිටින බව කී නියෝජ්‍ය ඇමැතිවරයා දැනට හැඳුනුම්පත් ලබාගෙන සිටින පුද්ගලයන්ට නව ඩිජිටල් හැඳුනුම්පත මාස හයකට පමණ පසුව සකස් කරදීමට අදහස් කරන බවද වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
