විදුලිබිල 30%කින් අඩු කළ යුතුයි.. පළාත් 9ම කියලා ... මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙයි
විදුලිබිල සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව ගාස්තු සංශෝධනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිසම කියයි.
ඒ අනුව, කොමිසමේ අවසන් තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.
මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය 10 වැනිදා අවසන් වූ අතර එහිදී දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, බලශක්ති විශේෂඥයින් ඇතුළු 400කට අධික පිරිසක් අදහස් ලබාදී ඇත.
මෙම වසරේ මුල් මාස 6 සඳහා ක්‍රියාත්මක වීමට නියමිත ගාස්තු සංශෝධනය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරමින් පසුගිය මස 06 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේ විදුලි ගාස්තුව අඩුකළ නොහැකි බවයි.
කෙසේවෙතත් දෙසැම්බර් 17 වැනිදා ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ මහජන උපයෝගිතා කොමිසම, විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා පවතින අනවශ්‍ය වියදම් අඩු කිරීම මගින් විදුලි ගාස්තුව සියයට 11ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බව අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..