
විදුලිබිල 30%කින් අඩු කළ යුතුයි.. පළාත් 9ම කියලා ... මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙයි
විදුලිබිල සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව ගාස්තු සංශෝධනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිසම කියයි.
ඒ අනුව, කොමිසමේ අවසන් තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.
මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය 10 වැනිදා අවසන් වූ අතර එහිදී දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, බලශක්ති විශේෂඥයින් ඇතුළු 400කට අධික පිරිසක් අදහස් ලබාදී ඇත.
මෙම වසරේ මුල් මාස 6 සඳහා ක්‍රියාත්මක වීමට නියමිත ගාස්තු සංශෝධනය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරමින් පසුගිය මස 06 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේ විදුලි ගාස්තුව අඩුකළ නොහැකි බවයි.
කෙසේවෙතත් දෙසැම්බර් 17 වැනිදා ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ මහජන උපයෝගිතා කොමිසම, විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා පවතින අනවශ්‍ය වියදම් අඩු කිරීම මගින් විදුලි ගාස්තුව සියයට 11ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බව අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
