
අරක්කු සිගරැට් බොන්න එපා! .. ජීවිතය විදින්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙන්නේ - පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර
මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම දැවෙන ප්‍රශ්නයක් නොවන බවත් විශේෂයෙන්ම කාන්තාවන් ඊට කැමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි.
යම් අයෙක් මත්පැන්, දුම්වැටි භාවිතයෙන් සොයන්නේ විනෝදයක් බව පැවසූ ඒ මහතා ඒ වෙනුවට ජනතාවට ජීවිතය විඳීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් ඉදිරියේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන බවද පැවසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පැවසුවේ ජනාධිපතිවරයා විසින් සුරාබදු වැඩිකිරීම හේතුවෙන් මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ඇදගෙන නෑවේ ඒගොල්ලො. ඒක රටේ ජනතාව දන්නවා. මඩ අවලාද ගහන්න අපි අවස්ථාව දීලා තියෙනවා, ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක ඒගොල්ලොන්ගෙ වැඩේ. අපේ වැඩේ තමයි මේ රට හදන එක.
විවිධාකාරයෙන් කෙනෙක් සිගරට් එකක් බීලා විනෝද වෙනවා, තව කෙනෙක් අරක්කු ටිකක් බීලා විනෝද වෙනවා. එතකොට ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් නෙවෙයිනෙ අරක්කු මිල වැඩිවීම, සිගරට් මිල වැඩිවීම. ඇත්තටම කාන්තා පාර්ශ්වය ගත්තොත් එහෙම ඕකට වැඩියෙන්ම කැමතිවෙන පිරිස තමයි කාන්තා පාර්ශ්වය. අපි කොහොමත් ජීවිතය විඳින්න වැඩපිළිවෙලක් එක්ක තමයි ක්‍රියාවලියට අතගහලා තියෙන්නෙ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
