
ජනාධිපති මාධ්‍ය අංශයේ උපකරණ අතුරුදහන්වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පිළිතුරු දෙයි
ජනාධිපති මාධ්‍ය අංශයේ රුපියල් මිලියන 160 කට අධික වටිනාකමකින් යුත් උපකරණ අතුරුදහන් වී ඇති බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු අදාළ චෝදනා සම්බන්ධයෙන් පහත ප්‍රකාශය සිදුකර ඇත. ඒමෙසේය.
‘ජනාධිපති මාධ්‍ය අංශයේ උපකරණ රාශියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සිදුකරනු පිණිස මෙම සටහන ඔබ වෙත ඉදිරිපත් කරමි.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බාරගැනීම වෙනුවෙන් මා වෙත ආරාධනාව ලැබුනේ 2022 වසරේ ජුලි 25 වන දිනයි. 26 වන දින ධුරයට අදාල පත්වීම බාරගත් අතර එදින සිටම රාජකාරී අරම්භ කළෙමි. එහිදී මා පළමුව සිදුකළේ ජනාධිපති මාධ්‍ය අංශය වෙත අනුයුක්ත සහ අනුමත නිළධාරීන් ප්‍රමාණය සහ ජනාධිපති මාධ්‍ය අංශයේ පවතින වට්ටෝරු භාණ්ඩ ලේඛනය විධිමත්ව පවතින්නෙද යන්න ගැන සොයාබැලීමත් ය. (මොකද රාජ්‍ය සේවයේ තනතුරු දරණ කාලසීමාවට වඩා ඉන් පසු කාලයේ එන ගැටලු ගැන පූර්ව අවබෝධයක් අත්දකීම් මතින්ම දන්නා නිසාවෙනි)
2022 අගෝස්තු මස වන විට සියලු ඒකකයන්ගෙන් හා නිලධාරීන්ගෙන් විධිමත්ව සැදුම්ලත් ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති වට්ටෝරු භාණ්ඩ ලේඛනය සහ ඒ වන විට ප්‍රධාන ඉංජිනේරු ගබඩාවේ සහ එක් එක් නිළධාරීන්ගේ නමට පැවති වට්ටෝරු භාණ්ඩ අතර යම් වෙනසක් ඇති බවට කරුණු අනාවරණය කරගැනීමට හැකි විය. ඒ පිළිබඳව එවකට ජනාධිපති ලේකම්වරයා වූ සමන් ඒකනායක මහතා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශයේ සමස්ථ භාණ්ඩ අභ්‍යන්තර විගණනයක් කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල අවසරය ලබාගත්තේය.
ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහ ඉංජිනේරු දැනුම සහිත නිලධාරීන් 09 දෙනෙකුගේ දායකත්වය සහිතව මාධ්‍ය අංශයේ පරිපාලන නිලධාරී සහ ඉංජිනේරු අධ්‍යක්ෂ යටතේ විධිමත් ඇගයීමක් සිදුකෙරිණ.
මාස දෙකකට ආසන්න කාලයක් සිදුකළ තාක්ෂණික විගණනයෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ එවකට තිබූ භාණ්ඩ නියමාකාරයෙන් හදුනාගත් අතර, භාවිතයට ගත හැකි හා නොහැකි උපකරණද වෙන් වෙන් වශයෙන් හන්දුනාගන්නට හැකි විය. පසුව එම උපකරණ ලැයිස්තුව අපගේ වගකීමට යටත්ව කටයුතු කරන බවටත්, ඉන් පරිභාහිරව අස්ථානගත වී ඇති භාණ්ඩ පිළිබඳව සහ පූර්වයේ කළ විගණනයන්ට අදාළව හෙළිදරව් වී ඇති යම් ප්‍රශ්ණකාරී තැනක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපති කාර්‍යාලයේ අභ්‍යන්තර විගණන අංශයට භාර කෙරිණ. මේ පිළිඹදව මා විසින් අවස්ථානුකූලව සියලු අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විගණන හා කළමනාකරණ රැස්වීමේදී කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව 2022 ජුලි 26 වන දා සිට 2024 සැප්තැම්බර් 22 දින දක්වා ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති, එම කාලයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් යටතේ මිලදී ගත් භාණ්ඩ පිළිබඳ සියලු වාර්තා සේවය අවසන් කළ දින ඒ වන විට පත්ව සිටි වත්මන් ජනාධිපති ලේකම්වරයාටද පිටපත් සහිතව විධිමත්ව සහ විනිවිදභාවයකින් යුතුව බාරදුන් බව තහවුරු කරමි. ඒ සම්බන්ධ සියලු ලිපිලේඛන මා සතුව පවතී.
මා විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් රාජකාරිමය වගකීම් දැරූ කාලසීමාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ වට්ටෝරුගත යම් භාණ්ඩයක් අස්ථානගතවී ඇති බවට හෝ අවභාවිතාවක් සිදුවී ඇති බවට තොරතුරු වේනම්, ඒ පිළිබඳව පැවැත්වෙන ඕනෑම විමර්ශනයකට මා වගකීමෙන් යුතුව පූර්ණ සහාය දක්වන බවට සහතික කරමි.
මගේ රාජකාරි කාලසීමාවට පෙර සහ රාජකාරි කාලසීමාවෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්‍යයන් හෝ තාක්ෂණික හෝ තාක්ෂණික නොවන උපකරණ සම්බන්ධයෙන් මා වෙත කිසිදු රාජකාරිමය බැඳියාවක් නොමැති බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
