රුසියාවේදී මියගිය ලංකාවේ හමුදා නිලධාරීන්ට වන්දි ගෙවන්න DNA වාර්තා ඉල්ලයි
යුක්රේන-රුසියා ගැටුමේදී මියගිය හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා රුසියාව ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා තිබේ.
වන්දි ගෙවීම සඳහා මාර්ගය සකස් කිරීම සඳහා DNA පරීක්ෂණ හරහා මියගිය නිලධාරීන් හඳුනා ගැනීමට පහසුකම් සපයන ලෙස රුසියාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
මියගිය සහ තුවාල ලැබූ අයට ප්‍රමාණවත් වන්දි ලබා දෙන බවට රුසියාව පසුගිය රජයට සහතික වී තිබිණි.
2022 පෙබරවාරි මාසයේ දේ යුක්රේන-රුසියා සටන් තීව්‍ර වීමෙන් පසු රුසියාව විසින් හමුදාවට බඳවා ගන්නා ලද අය අතර හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ද විය.
දැනට වාර්තා වන පරිදි මියගිය පුද්ගලයන් හඳුනා ගැනීම තහවුරු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් වන්දි ගෙවීම නතර කර ඇත.
මියගිය පුද්ගලයන් පස් දෙනෙකුගේ අනන්‍යතාවන් තහවුරු කරන ලෙස රුසියාව ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මුළු මරණ සංඛ්‍යාව තවමත් පැහැදිලි නැත.
මේ වන විට අවම වශයෙන් හිටපු හමුදා නිලධාරීන් 20 දෙනෙකු මිය ගොස් ඇති බවට විවිධ වාර්තා පළ වී තිබිණි.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයට පෙර, එවක රජය 2024 ජුනි මස අගදී මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා රුසියාවට නියෝජිත පිරිසක් යොමු කිරීමට කටයුතු කළේය.
මොස්කව්හි පැවති සාකච්ඡා අවසානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීම සඳහා දෙපාර්ශ්වයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව යෝජනා කළ බවයි.
නියෝජිත පිරිසට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඇතුළත් විය.
නියෝජිත පිරිස රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති ඇන්ඩ්‍රි රුඩෙන්කෝ සහ රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති කර්නල් ජෙනරාල් ඒ.වී. ෆොමින් හමු වී තිබිණි.
විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබෝඩ ද නියෝජිත පිරිස සමඟ එක් වූහ.
නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු බලයට පැමිණි ජාතික ජන බලවේග රජයට රුසියාව විසින් දැනට පවතින මෙම ගැටලුව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..