
රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් - වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය
රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇතිබවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.
එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව අද (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම අදහස් පළකළේය.
"බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පසුගිය සති කිහිපය තුළ සිදුවෙලා තිබෙනවා. රෝගීන්ගේ මුඛ පිරිසිදු කිරීමට භාවිතකරන විෂබීජනාශක බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් මිලදී ගැනීමට පසුගිය වසරේ ජුනි මාසයේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවලා. පසුගිය දෙසැම්බර් 12 වනදා මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් තීරණයක් ලබාදීලා. මිල අඩුම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කරලා. මේ ටෙන්ඩරය ප්‍රධානය කරන විට මේ සමාගමට අදාළ සමාගම ලංකාවේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් තවදුරටත් මූල්‍ය ගනුදෙනු නොකළ යුතු බවට තීරණය කළ සමාගමක්. මේ සමාගම බංග්ලාදේශ සමාගමක් මෙම සමාගම මගින් ශ්‍රී ලංකා රජයට රු. මිලියන 127ක අධිභාරයක් අයවිය යුතු සමාගමක්."
කෙසේවෙතත් එම චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ පිළිබඳව සොයාබැලීමකින් තොරව ප්‍රකාශක් කළ නොහැකි බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
