පොහොසත් මුස්ලිම් රටවල් මගහැර ලංකාවට රොහින්ග්‍යා සරණාගතයන් ගෙන ඒම කුමන්ත්‍රණයක්…! – ආචාර්ය සරත් වීරසේකර
පොහොසත් මුස්ලිම් රටවල් තිබිය දී රෝහින්ග්‍යා සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීම කුමන්ත්‍රණයක් බව හිටපු ඇමැති, ආචාර්ය සරත් වීරසේකර පවසයි.
“රොහින්ග්‍යා සරණාගතයන් ලංකාවට පැමිණෙන එක විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යතුමා පැහැදිලිව කිව්වා බුද්ධි තොරතුරු අනුව ලක්ෂයක් පමණ ලංකාවට එන්න තිබෙනවා කියලා. ඒ වගේම එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා මේ පිරිස සරණාගතයන් නොවේ නීති විරෝධීන් ලෙස බෝට්ටුවලට මුදල් දීලා පැමිණෙන පිරිස් කියලා. නීති විරෝධි සංක්‍රමණිකයෝ කියලා ඉතා පැහැදිලිව එතුමා ප්‍රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ සංගමයේ දැනටමත් අපේ රටට විරුද්ධව අපි සමූල ඝාතනය කළා කියලා, අපි යුද අපරාධ කළා කියලා යෝජනා ගෙන එන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. එසේ තිබියදී කෙසේද අපිට බල කරන්නේ මේ වගේ සරණාගතයන් අපිට භාරගන්න කියලා. කුමන්ත්‍රණයක් නැතිනම්, කවුද මේවා කරන්නේ කියලා යම් මෙහෙයවන බලවේගයක් තිබෙන බව අපිට පේනවා. මේ සියලුම පිරිස ඉස්ලාම් ආගම අදහන පිරිසයි. අපේ රටෙත් මුස්ලිම් ජනතාව සිටිනවා. නමුත් අපේ රටේ මුස්ලිම් ජනතාව මේ සිංහල බෞද්ධ සංස්කෘතියට මුසුවෙලා ඔවුන් සිටින්නේ. ඉතා සාමදානයෙන් අපේ සිංහල සහ මුස්ලිම් පිරිස එකම සහෝදරයෝ වගේ ජිවත් වෙනවා.
නමුත් අනෙක් රටවල්වල සිටින මුස්ලිම් ජාතීන් එසේ නොවේ, ඔවුන් ශරියා නීතිය අදහන මුස්ලිම් ජාතීන්. ඒවගේ සංස්කෘතියක සිටින පුද්ගලයෝ අපේ රටේ සංස්කෘතියකට කවදාවත් ගැලපෙන්නේ නැහැ. ලෝකයේ මුස්ලිම් රටවල් 50ට අධික සංඛ්‍යාවක් තිබෙනවා. එයින් අර්ධයකටත් වඩා පොහොසත් රටවල්. එසේ තිබියදී ඇයි මේ එක්සත් ජාතීන්ගේ සංගමය සරණාගතයන් පිළිබඳ ආයතනය ඒවගේ රටවල්වලට මේ සරණාගතයන් යොමු කරන්නේ නැත්තේ කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා.
ඒ වගේම අපේ රට ගත්තාම ආර්ථිකය අතින් අවුරුදු 03ට කලින් බංකොලොත් යැයි ප්‍රකාශ කළ රටක්. අපේ රටට තාමත් ආර්ථික ප්‍රශ්න රැසක් තිබෙනවා. අද වෙද්දි අපිට හාල්, පොල් නෑ. මිනිස්සුන්ට විශාල ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳලා අපි ජනතාවගේ බඩවල් පුරවලා පිටරට පිරිස් ගැන හිතුවට කමක් නැහැ. රජය මේ සඳහා අතගහන එක ඉතා වැරැදියි. ඒ වගේම මේ වගේ සරණාගතයන් මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධි අවි ජාවාරම්, ත්‍රස්තවාදීන්, ගණිකාවන් පැමිණෙනවා. එසේ නම් අපිට රටක් වශයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව හිතන විට මේ සඳහා ඉතා ප්‍රවේශම් වෙන්න ඕන.
ඒ වගේම සජිත් ප්‍රේමදාස, මුජිඛර් රහුමාන් මැතිතුමන්ලා මේ පිළිබඳව ඉතාම කරුණාවෙන් කතා කරනවා. ඔවුන් අපේ රටේ තියාගන්න ඕන කියන ස්ථාවරයේ ඉඳන්. නමුත් අපේ රටේ යුද්ධයෙන් අවතැන් වූ එකොළොස් දාහක් පමණ අපේ රටේ පිරිස. තාමත් ඒ පිරිස ඉන්නවා අනාථ කඳවුරුවල. ඒ වගේම ස්වාභාවික හේතුන් නිසා එක්ලක්ෂ විස්එක්දාහක් පමණ අවතැන් වෙලා සිටිනවා. ඒ නිසා අපේ රටේ අවතැන් වෙච්ච මිනිස්සු ගැන හිතන්නේ නැති කෙසේද මේ පාර්ලිමේන්තුවේ මුදල් වැය කරලා, කාලය වැය කරලා ඒ පිටරටින් එන සරණාගතයින් ගැන කතා කරන්නේ. එයින් තේරනවා මේ දේශපාලන වශයෙන් වාසියක් ගැනීම සඳහා කරන දෙයක්.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් හෙතෙමේ මේ බව පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..