
පොහොසත් මුස්ලිම් රටවල් මගහැර ලංකාවට රොහින්ග්‍යා සරණාගතයන් ගෙන ඒම කුමන්ත්‍රණයක්…! – ආචාර්ය සරත් වීරසේකර
පොහොසත් මුස්ලිම් රටවල් තිබිය දී රෝහින්ග්‍යා සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීම කුමන්ත්‍රණයක් බව හිටපු ඇමැති, ආචාර්ය සරත් වීරසේකර පවසයි.
“රොහින්ග්‍යා සරණාගතයන් ලංකාවට පැමිණෙන එක විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යතුමා පැහැදිලිව කිව්වා බුද්ධි තොරතුරු අනුව ලක්ෂයක් පමණ ලංකාවට එන්න තිබෙනවා කියලා. ඒ වගේම එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා මේ පිරිස සරණාගතයන් නොවේ නීති විරෝධීන් ලෙස බෝට්ටුවලට මුදල් දීලා පැමිණෙන පිරිස් කියලා. නීති විරෝධි සංක්‍රමණිකයෝ කියලා ඉතා පැහැදිලිව එතුමා ප්‍රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ සංගමයේ දැනටමත් අපේ රටට විරුද්ධව අපි සමූල ඝාතනය කළා කියලා, අපි යුද අපරාධ කළා කියලා යෝජනා ගෙන එන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. එසේ තිබියදී කෙසේද අපිට බල කරන්නේ මේ වගේ සරණාගතයන් අපිට භාරගන්න කියලා. කුමන්ත්‍රණයක් නැතිනම්, කවුද මේවා කරන්නේ කියලා යම් මෙහෙයවන බලවේගයක් තිබෙන බව අපිට පේනවා. මේ සියලුම පිරිස ඉස්ලාම් ආගම අදහන පිරිසයි. අපේ රටෙත් මුස්ලිම් ජනතාව සිටිනවා. නමුත් අපේ රටේ මුස්ලිම් ජනතාව මේ සිංහල බෞද්ධ සංස්කෘතියට මුසුවෙලා ඔවුන් සිටින්නේ. ඉතා සාමදානයෙන් අපේ සිංහල සහ මුස්ලිම් පිරිස එකම සහෝදරයෝ වගේ ජිවත් වෙනවා.
නමුත් අනෙක් රටවල්වල සිටින මුස්ලිම් ජාතීන් එසේ නොවේ, ඔවුන් ශරියා නීතිය අදහන මුස්ලිම් ජාතීන්. ඒවගේ සංස්කෘතියක සිටින පුද්ගලයෝ අපේ රටේ සංස්කෘතියකට කවදාවත් ගැලපෙන්නේ නැහැ. ලෝකයේ මුස්ලිම් රටවල් 50ට අධික සංඛ්‍යාවක් තිබෙනවා. එයින් අර්ධයකටත් වඩා පොහොසත් රටවල්. එසේ තිබියදී ඇයි මේ එක්සත් ජාතීන්ගේ සංගමය සරණාගතයන් පිළිබඳ ආයතනය ඒවගේ රටවල්වලට මේ සරණාගතයන් යොමු කරන්නේ නැත්තේ කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා.
ඒ වගේම අපේ රට ගත්තාම ආර්ථිකය අතින් අවුරුදු 03ට කලින් බංකොලොත් යැයි ප්‍රකාශ කළ රටක්. අපේ රටට තාමත් ආර්ථික ප්‍රශ්න රැසක් තිබෙනවා. අද වෙද්දි අපිට හාල්, පොල් නෑ. මිනිස්සුන්ට විශාල ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳලා අපි ජනතාවගේ බඩවල් පුරවලා පිටරට පිරිස් ගැන හිතුවට කමක් නැහැ. රජය මේ සඳහා අතගහන එක ඉතා වැරැදියි. ඒ වගේම මේ වගේ සරණාගතයන් මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධි අවි ජාවාරම්, ත්‍රස්තවාදීන්, ගණිකාවන් පැමිණෙනවා. එසේ නම් අපිට රටක් වශයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව හිතන විට මේ සඳහා ඉතා ප්‍රවේශම් වෙන්න ඕන.
ඒ වගේම සජිත් ප්‍රේමදාස, මුජිඛර් රහුමාන් මැතිතුමන්ලා මේ පිළිබඳව ඉතාම කරුණාවෙන් කතා කරනවා. ඔවුන් අපේ රටේ තියාගන්න ඕන කියන ස්ථාවරයේ ඉඳන්. නමුත් අපේ රටේ යුද්ධයෙන් අවතැන් වූ එකොළොස් දාහක් පමණ අපේ රටේ පිරිස. තාමත් ඒ පිරිස ඉන්නවා අනාථ කඳවුරුවල. ඒ වගේම ස්වාභාවික හේතුන් නිසා එක්ලක්ෂ විස්එක්දාහක් පමණ අවතැන් වෙලා සිටිනවා. ඒ නිසා අපේ රටේ අවතැන් වෙච්ච මිනිස්සු ගැන හිතන්නේ නැති කෙසේද මේ පාර්ලිමේන්තුවේ මුදල් වැය කරලා, කාලය වැය කරලා ඒ පිටරටින් එන සරණාගතයින් ගැන කතා කරන්නේ. එයින් තේරනවා මේ දේශපාලන වශයෙන් වාසියක් ගැනීම සඳහා කරන දෙයක්.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් හෙතෙමේ මේ බව පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
