News Category
From Date
To Date
Maximum Number of Result

ඩලස්ලා මාධ්‍ය නිදහස ගැන කතා කිරීම තරම් සරදම් සහගත දෙයක් තවත් නැත... ඩලස්ගේ නිවේදනයට ඇමති නලින්දගෙන් පිළිතුරු (වීඩියෝ)

Jan 12, 2025 at 05:34 AM
|

වර්තමාන ආණ්ඩු යටතේ ජනමාධ්‍ය නිදහස දැඩිව සීමා වෙමින් ඇතැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු විසින් දීර්ඝ ලෙස කරුණු දක්වමින් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 2025 ජනවාරි 10 වන දින මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ. එය ඔහුගේ අයිතියකි.

මාධ්‍ය නිදහස රාජපක්ෂලාගේ රෙජිමයේ යකඩ සපත්තුවට පෑගී තිබූ යුගයක, ඒ රෙජිමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජපක්ෂලාගේ ඉදිරිපෙළේ විශ්වාසනීය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඩලස් වර්තමාන මාධ්‍ය තත්ත්වය පිළිබඳව කරන විවේචනාත්මක නිවේදනය විමතියට කරුණකි.

මේ ප්‍රකාශය කළ ඩලස් සහ එදා රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඩලස් යනු එක් අයෙකුමද, නොඑසේනම් දෙදෙනෙකුද යන්න සිතා ගැනීම අපහසුය.

එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස කටයුතු කළේත් අසූව දශකයේ ‘ප්‍රේමදාස අපි සූදානම්’ කියා ලියනු ලැබුවේත් එකම ඩලස්මද කියා ප්‍රශ්නයක් ඉතිරි වේ. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් ඔහුව භෞතිස්ම කළ ඩලස් මේ වනවිට සජිත් ප්‍රේමදාස සමග එක් කඳවුරක දේශපාලනය කරමින් සිටී.

රාජපක්ෂලා සිය පැවැත්ම වෙනුවෙන් ඊනියා දේශප්‍රේමය සහ, ජාතිය ආගම යොදාගත් අතර, ඩලස්ලා ස්වකීය පැවැත්මට යොදා ගත්තේ තමන් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළාය කියන ඉතිහාසයේ සාක්ෂියයි. ඉතාමත්ම දූෂිත සහ මාධ්‍ය මර්දනයක අඛණ්ඩව යෙදුනු ආණ්ඩුවක වැජඹෙමින් සිටි අමාත්‍යවරයෙක ලෙස ඔහු එම ඉතිහාසයේ සාක්ෂි අනේක වාරයක් කෙලෙසන්නට ඉඩදී බලා සිටි සුවච කීකරු අමාත්‍යවරයෙක් පමණක් විය. ඔවුන් විශ්වාස කරන්නේ මාධ්‍ය නිදහස සහ මාධ්‍ය යනු තමන්ට අවශ්‍ය අවස්ථාවල පමණක් ප්‍රයෝජනයට ගන්නට ඔවුන් සතු පෙට්ටගමක බහා ඇති ඔවුන්ගේ පෞරාණික භාණ්ඩයක් කියාය.

කන්න ඕනෑ වන විට කබර ගොයා තලගොයා කරගැනීමට ඩලස්ලාට ඇති පුද්ගලික අයිතිය අප ප්‍රශ්න නොකරන මුත් මාධ්‍ය නිදහස පිළිබඳ ඔහු වගුරමින් සිටින මේ කඳුලු කෙතරම් “අවංක” ද යන්න විමසා බැලීම වැදගත් ය. ඩලස් මේ සිදු කර ඇත්තේ උඩ බලා ගෙන කෙළ ගසා ගැනීමකි. ඒ ඩලස්ගේ ප්‍රකාශය ඔහුට පාරා වළල්ලක්ම වන බැවිනි.

රාජපක්ෂ රජයේ දූෂණය හා භීෂණය පිළිබඳව සත්‍ය තොරතුරු හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට අත්වූ ඉරණම රටේ පමණක් නොව ලෝකය පුරාම ප්‍රසිද්ධය. ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය කෙරුණු අතර ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් අය අතුරුදන් කරවන ලදී. කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකට පහර කෑමට සිදුවූ අතර තවත් පිරිසකට ජීවිතාරක්ෂාව පතා රටින් පළා යාමට සිදුවිය.

මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඒ යුගය නම් දරා සිටි අතර මාධ්‍ය ආයතන සීල් තැබීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගැනීම, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම රාජපක්ෂ අවිචාර පාලන සමයේ එදිනෙදා සුලභ සිදුවීම් විය.

ඩලස් පසුගියදා නිකුත් කළ නිවේදනය ඔහුට ආවේණික ලස්සන වචනවලට මුවා වූ හාස්‍යජනක හිස් ලිපියක් පමණක් බවට පත් වන්නේ ඔවුන්ම මැදිහත්වී නිර්මාණය කළ ආණ්ඩුවල නායකයින් කටයුතු කළ ආකාරය පිළිබඳව සහ ඒ නායකයින් යටතේ ඩලස්ලා කටයුතු කළ ආකාරය සිහිපත් වන විටය.

ස්වකීය ධුර කාලය අන්තනෝමතික ලෙස වැඩි කර ගැනීම වෙනුවෙන් දහ අටවැනි සංශෝධනය මහින්ද රාජපක්ෂ විසින් ගෙන ආ මොහොතේ ඩලස් අලහප්පෙරුම ඉමහත් අභිමානයෙන් යුතුව ඒ වෙනුවෙන් පෙනී සිට ඡන්දය ද ලබා දුන්නේය. ස්වකීය කුප්‍රකට බල න්‍යාය පත්‍රය තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙරට සිටි අගවිනිසුරුවරිය බෙල්ලෙන් අල්ලා එළියට දමන්නට තීන්දුව ගත් ආණ්ඩුවේ ඩලස් තරුණ කටයුතු අමාත්‍යවරයා විය.

ඒ සියලු තැන්වලදී ඩලස් නිහය.

අසූව දශකයේ මරණ වරෙන්තුව අතේ තියාගෙන මාධ්‍යකරණයේ යෙදුණු පිරිස් ගැන කතා කරන ඩලස්ට අමතකව ඇත්තේ ඩලස් ඇමතිකමේ වැජඹුණු රාජපක්ෂ සමයේ ඇතැම් මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූයේ අධි ආරක්ෂිත කලාපවල බවය. දෛවයේ බරපතළම සරදම වන්නේ ඩලස් මේ නිවේදනය නිකුත් කරන්නේ ලසන්ත වික්‍රමතුංග නමැති මාධ්‍යවේදියා සාහසික ලෙස ඝාතනය කොට හරියටම වසර 16 ක් ගත වූ දාට දෙදිනකට පසු වීමය. ඒ ඝාතනය සිදුවන විට ඩලස් අලහප්පෙරුම නැමති අයෙක් එවක රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකි.

හරියටම සොයා බැලිය යුත්තේ ඒ ඩලසුත් මේ ඩලසුත් එක්කෙනෙක්ද දෙදෙනෙක්ද කියාය.

හැම විටම මිනිසෙකුගේ සැබෑ වටිනාකම් මැනිය හැක්කේ කියන දේ අනුව නොව කරන දේ අනුවය. ඩලස්ලා එදා කියන දේ මෙන්ම කරන දේ අනුවද හිටියේ රාජපක්ෂලා ඕනෑම දෙයක් කරන විට ඕනෑම දේකට ප්‍රශස්ති ගයන ප්‍රශස්තිකරුවන් ලෙසය. කිසිවිටෙක ඔහු ඒවාට එරෙහි වූයේ නැත.

දිගින් දිගටම රාජපක්ෂ ආණ්ඩුව වෙතින් මාධ්‍යවේදීන්ට සිදුවන තර්ජන ගර්ජන ඉවසිය නොහැකි තැන එක්තරා දවසක මාධ්‍යවේදියෙක් එවක මාධ්‍ය ඇමති කෙහෙලියගෙන් විමසා සිටියේ මාධ්‍යවේදීන්ට සිදු කරන පහරදීම් සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබට මැදිහත් වන්නට බැරිද කියාය. එහෙත්,එදා කෙහෙලිය අතිශයින් පිළිකුල් සහගත පිළිතුරක් දුන්නේය.

“මටත් ඉතින් කරන්න තියෙන්නෙ එහෙම ගහපු අයව බලන්න තැඹිලි ගෙඩියක් අරගෙන hospital එකට යන එක විතරයි”

රාජපක්ෂ ආණ්ඩුවේ මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා මාධ්‍යවලට එල්ල වන තර්ජන සම්බන්ධව ඒ බියගුළු සහ අන්තනෝමතික පිළිතුර ලබා දෙන විට වම් පැත්තේ වාඩිවී හිටියේ ඩලස් අලහපෙරුමය. ඔවුන් එදවස එකම ආණ්ඩුවේ සහෝදර ඇමතිවරුය.

2006 ජනවාරියේ සිට 2015 ජනවාරිය දක්වා වූ කාල පරාසය තුළදී මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකු ඝාතනය වීය. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අතුරුදහන් වීය. මාධ්‍යවේදීන් අසූ හත් දෙනෙකු පහර කෑමට ලක් වීය. මාධ්‍යවේදීන් බුරුතු පිටින් අත්අඩංගුවට පත්විය. පුද්ගලික මාධ්‍ය ආයතන හතරකට අවස්ථා පහකදී ප්‍රහාර එල්ල වීය. ඒ සිදුවීම් පිළිබඳ සාක්ෂි පවා විනාශ කරනු ලැබීය.

බලය ලබාගන්නට පෙර මහින්ද රාජපක්ෂ මාධ්‍ය මිතුරෙකු විය. ඔහු 2015 මැතිවරණ ව්‍යාපාරයේදී ඒ මාධ්‍ය මිතුරුකම මොනවට පාවිච්චි කළේය. ගඟෙන් එතෙර වීම උදෙසා පාවිච්චි කළ මාධ්‍යය හිත මිතුරුකම නැමති පහුර ගඟෙන් එගොඩ වූ විට රාජපක්ෂ විසින්ම ගිනි තැබුවේය. මාධ්‍ය සුරකින ඉටු දෙවියකු ලෙස බලය ලබාගත් මහින්ද බලය ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වනසන යම රජෙකු බවට පරිවර්තනය විය.

ඩලස්ද දේශපාලනය ආරම්භ කරන්නේ මාධ්‍යවේදීයෙකු යන අයිඩින්ටිය හෝ ලේබලය ඇතිවය. හැබැයි දේශපාලනය නැමැති ගඟ තරණය කළ පසු තමන්ගේ දේශපාලන නායකයා වූ මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුද ඒ පහුරට ගිනි තැබුවේය. එහෙත් තමන්ට ඕනෑ ඕනෑ විට වෙන කාගේ හෝ පහුරක් පාවිච්චි කරමින් මාධ්‍ය නිදහස පිළිබඳව කිඹුල් කඳුළු හෙළන්නට ඔහු දෙවරක් නොසිතන්නේය.

ඊයේ ඩලස් අලහප්පෙරුම නිකුත් කළ නිවේදනයද එවැනි එකකි.

2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් ඩලස් අලහප්පෙරුමලා කොන්දේසි විරහිතව පෙනී සිටියේය. අඩු තරමේ තමන්ම තමා මාධ්‍යවේදියෙකු බව හඟවා ගනිමින් කතාකරන ඩලස් “හූ ඊස් ලසන්තා” කියා ඇමතූ නිර්ලජ්ජිත පුද්ගලයාව රටේ ජනාධිපති කිරීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනෙන ව්‍යාපෘතියේදී ඇතැම් මාධ්‍ය ජාතිවාදය, ආගම් වාදය, වර්ගවාදය, ඇදගෙන ඉතා ලැජ්ජා සහගත නාඩගමක් නටද්දි පවා ඩලස්ලා ඒවාට විරුද්ධ වනවා වෙනුවට ඒවා වෙනුවෙන් පෙනී සිටියේය.

ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතාවන් ඉතා පහත් ලෙස උල්ලංඝනය කරමින් සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය ශාෆී දණ්ඩනයට නියම විය. ඒ වඳ සැත්කම් කළ බවට ඊනියා චෝදනා එල්ල කරමිනි. මේ මාධ්‍ය භාවිතය වැරදි බව කියන්නට හෝ,අඩු තරමේ ශාෆි නිදහස් වීමෙන් පසුවත් ඒ පිළිබඳව සමාව ගන්නටවත් ඩලස්ලා තුළ මිනිස්කමවත් තිබුණේ නැත.

වඳ කොත්තු ගැන කතා කරන විට, කැලණි ගඟෙන් ධාතූන් වහන්සේලා වැඩම කරවන විට ඒ ඊනියා මාධ්‍ය ප්‍රචාරවලදී ඒවා වැරදි බව කියන්නට ඩලස්ලාගේ පිටකොන්දක් තිබුණේ නැත.

ගෝඨා ශ්‍රද්ධාවන්ත සැදැහැවත් තවුසෙක් බවට මුලින් ම කීවේ ඩලස් ය. ඒ 2018 ජනවාරියේය. එපමණක් නොව ‘ගෝඨාභය’ උම්බලකඩ කෑල්ලක්වත් නොකන ‘පින්වතෙක්’ බවට සළුපිළි පැළැන්දුවේ ඩලස් ය.

මෙවැනි ඩලස්ලා මාධ්‍ය නිදහස ගැන කතා කිරීම තරම් සරදම් සහගත දෙයක් තවත් නැත.

ජර්මනියේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සිටියේය. ඔහු අඳින ලද බොහෝ චිත්‍ර බෙහෙවින්ම අහිංසකය. ඒ චිත්‍රවල තිබුණේ ආදරය කරුණාව සහ සෙනෙහසය. ඇතැම් විට ඔහු අපූරු කවි ද ලියා ඇති බව ඔහුගේ ඉතිහාසය පිරික්සීමේදී සොයා ගත හැකිය.

ලෝක ඉතිහාසයේ බිහිසුණුම අපරාධකරුවෙක් ජර්මනියේ සිටියේය. ඔහු සිය බල ව්‍යාපෘතිය වෙනුවෙන් ඒකාධිපති ෆැසිස්ට්වාදී පාලකයෙකු ලෙස ප්‍රකට විය. මුලින් සඳහන් කළ චිත්‍ර ශිල්පියාත්, ඒකාධිපති ෆැසිස්ට්වාදියාත් දෙදෙනෙකු නොව එක් අයෙකුය. ඒ ඇඩ්ලොෆ් හිට්ලර් ය. ඩලස් ඒකාධිපතියක හෝ ෆැසිස්ට්වාදියෙකු නොවේ. එහෙත්, එවැනි ආණ්ඩුවක ඉතා සමීප අන්තේවාසිකයෙකුව ලෙස කටයුතු කළේය.

අද ඔහුගේ භාවිතයත් වචනත් අතර බරපතළ වියවුලක ඔහු පැටලී සිටි.

බලය තිබෙන විට මොළය නෑ කියා කතාවක් තිබේ. එහෙත් බලය නැති විට මොළය නැති වීම අවාසනාවකි. කාලයක් ප්‍රගතිශීලී මානවවාදයේ පතාක යෝධයන්ගේ චරිතය අපූරුවට රඟ පෑ ඩලස් ලා මහින්ද යුගයේ ලද බලයත් සමඟ සහමුලින් ම බලකාමී විකටයන් බවට පරිවර්තනය වූහ. වරක්, රෝහිත භාෂණ අබේවර්ධන ලියූ ‘කුහුඹුවන් වූ මිනිසුන්’ නැමති ලිපිය ඩලස්ලාගේ පරිවර්තනයේ හැටි ස්වභාවය මොනවට පසක් කරන්නකි. ‘යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂා ශූන්‍යව ගිය කලක කිසිත් කර කියා ගත නොහෙන කුරා කුහුඹුවකුගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? කියන ප්‍රශ්නයට අප බොහෝ දෙනා පිළිතුරු උගත්තේ ඉතිහාසය විසින් මේ ප්‍රශ්නය මුහුණට දමා ගැසූ සමයකදීය. යටත්භාවය මහාමාරියක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප්‍රතිපත්තිගරුක ජීවිතය ආඩම්බරයකැයි කුහුඹුවකු නොදනී.

නමුත් මිනිස්සු එය දනිති. එය අමතකව ගිය සැණින් රැළෙන් මඟ නොහැරුණද මිනිසා හුදකලා කුහුඹුවකු බවට පෙරළෙයි. රැළ හා වසන මුත් පෑගී මිය යෑමේ තැති ගැන්මෙන් එකා පසුපස එකා වැටී සැරිසරයි.’ යනුවෙන් හෙතෙම සිය ලිපිය ආරම්භ කරයි. සත්‍යයකි. ඩලස්ලාට සිදු වූයේම එයම ය.

බලය ලද කල එහි ගිලී, එහිම වසමින් එය සදාකාලිකයැයි හඟින්නෝ උමතුවෙන් දොඩවති. අද ඩලස්ලා පත්ව සිටින්නේ එකී දෛවයේ පරීක්ෂණයට ය.

“ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” කියා ධර්මයෙහි තිබේ. මේ මොහොතේ වඩාත් ගැලපෙන්නේ එහි අවසන් පද දෙකය.

“දුසිරිත දනන් දෙන – ඔවා වැද්දන් කියන බණ වැනි”

ඩලස්ලා ඉදිරියටත් මෙවැනි වැදි බණ කිව යුතුය. එවිට ඒ ඩලසුත් මේ ඩලසුත් එක්කෙනෙක්ද, දෙන්නෙක් ද යන්න පිළිබඳව පුරවැසියන්ට හරියටම දැනගැනීමට හැකි වනු ඇත.

මෙරට මාධ්‍යවේදීන් විවිධ වකවානුවල, විවිධ පාලන තන්ත්‍රයන්ගේ පලිගැනීමට, තර්ජනයට සහ හිංසනයට ලක්වු කළු අතීතය පිළිබඳව සියල්ලන්ට වඩා අපට අවබෝධයක් තිබේ. නැවත එවැනි තත්ත්වයක් මේ රට තුළ නිර්මාණය වීමට කිසිසේත් ඉඩ නොතබන අතර එලෙස පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමටත්,එකී අකටයුතුකම් සිදුකළ චූදිතයන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට ගත යුතු සියලූම ක්‍රියාමාර්ග ගැනීමටත් අප පසුබට නොවන බවත් දන්වා සිටිමු.

නලින්ද ජයතිස්ස






සම්බන්ධිත පුවත් | Related News

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
ගුරුවරුන්ගේ කැපවීම සහ සහයෝගය මත බලයට පත් වූ වත්මන් ආණ්ඩුව මේ වන විට ගුරු පරපුරට සහ අධ්‍යාපන පද්ධතියට විශාල අසාධාරණයක් සිදු කරමින් සිටින බව ජාතික එකමුතු ගුරු සංගමය චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමේ අරමුණින්, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලාංකික කිරි ගොවීන් වෙනුවෙන් විශේෂ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් සංවිධානය කර තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවත්, ඔහු ඕනෑම මොහොතක ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවත් ඉරාන ජනාධිපති මස්ඌද් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
මිහිදු හිමියන් ලංකාවට පැමිණීමේ දී තිස්ස රජතුමා දිව්වේ මුවෙකුගේ පසුපසින් බවත්, ඒ හීලෑවට හැදීම සඳහා මුවා රැගෙන යාමට නොවන බවත්, මිහිදු හිමියන් පැමිණ සත්ව ඝාතනය නතර කිරීමට බෞද්ධයන්ට ශික්ෂා පද පැනවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනට පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) වසර 25ක් පැරණි එකක් වන බැවින්, වර්තමාන ගෝලීය ආර්ථික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි එය යාවත්කාලීන විය යුතු බව විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් වැඩිකිරීමක් සිදුකර නොමැති බවත්, සිදුව ඇත්තේ රජයේ නිලධාරීන්ට හිමි ඉන්ධන දීමනාව වත්මන් වෙළඳපොළ මිලට අනුව යාවත්කාලීන කිරීම පමණක් බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

ප්‍රධාන පුවත්

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.