News Category
From Date
To Date
Maximum Number of Result

ඩලස්ලා මාධ්‍ය නිදහස ගැන කතා කිරීම තරම් සරදම් සහගත දෙයක් තවත් නැත... ඩලස්ගේ නිවේදනයට ඇමති නලින්දගෙන් පිළිතුරු (වීඩියෝ)

Jan 12, 2025 at 05:34 AM
|

වර්තමාන ආණ්ඩු යටතේ ජනමාධ්‍ය නිදහස දැඩිව සීමා වෙමින් ඇතැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු විසින් දීර්ඝ ලෙස කරුණු දක්වමින් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 2025 ජනවාරි 10 වන දින මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ. එය ඔහුගේ අයිතියකි.

මාධ්‍ය නිදහස රාජපක්ෂලාගේ රෙජිමයේ යකඩ සපත්තුවට පෑගී තිබූ යුගයක, ඒ රෙජිමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජපක්ෂලාගේ ඉදිරිපෙළේ විශ්වාසනීය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඩලස් වර්තමාන මාධ්‍ය තත්ත්වය පිළිබඳව කරන විවේචනාත්මක නිවේදනය විමතියට කරුණකි.

මේ ප්‍රකාශය කළ ඩලස් සහ එදා රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඩලස් යනු එක් අයෙකුමද, නොඑසේනම් දෙදෙනෙකුද යන්න සිතා ගැනීම අපහසුය.

එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස කටයුතු කළේත් අසූව දශකයේ ‘ප්‍රේමදාස අපි සූදානම්’ කියා ලියනු ලැබුවේත් එකම ඩලස්මද කියා ප්‍රශ්නයක් ඉතිරි වේ. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් ඔහුව භෞතිස්ම කළ ඩලස් මේ වනවිට සජිත් ප්‍රේමදාස සමග එක් කඳවුරක දේශපාලනය කරමින් සිටී.

රාජපක්ෂලා සිය පැවැත්ම වෙනුවෙන් ඊනියා දේශප්‍රේමය සහ, ජාතිය ආගම යොදාගත් අතර, ඩලස්ලා ස්වකීය පැවැත්මට යොදා ගත්තේ තමන් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළාය කියන ඉතිහාසයේ සාක්ෂියයි. ඉතාමත්ම දූෂිත සහ මාධ්‍ය මර්දනයක අඛණ්ඩව යෙදුනු ආණ්ඩුවක වැජඹෙමින් සිටි අමාත්‍යවරයෙක ලෙස ඔහු එම ඉතිහාසයේ සාක්ෂි අනේක වාරයක් කෙලෙසන්නට ඉඩදී බලා සිටි සුවච කීකරු අමාත්‍යවරයෙක් පමණක් විය. ඔවුන් විශ්වාස කරන්නේ මාධ්‍ය නිදහස සහ මාධ්‍ය යනු තමන්ට අවශ්‍ය අවස්ථාවල පමණක් ප්‍රයෝජනයට ගන්නට ඔවුන් සතු පෙට්ටගමක බහා ඇති ඔවුන්ගේ පෞරාණික භාණ්ඩයක් කියාය.

කන්න ඕනෑ වන විට කබර ගොයා තලගොයා කරගැනීමට ඩලස්ලාට ඇති පුද්ගලික අයිතිය අප ප්‍රශ්න නොකරන මුත් මාධ්‍ය නිදහස පිළිබඳ ඔහු වගුරමින් සිටින මේ කඳුලු කෙතරම් “අවංක” ද යන්න විමසා බැලීම වැදගත් ය. ඩලස් මේ සිදු කර ඇත්තේ උඩ බලා ගෙන කෙළ ගසා ගැනීමකි. ඒ ඩලස්ගේ ප්‍රකාශය ඔහුට පාරා වළල්ලක්ම වන බැවිනි.

රාජපක්ෂ රජයේ දූෂණය හා භීෂණය පිළිබඳව සත්‍ය තොරතුරු හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට අත්වූ ඉරණම රටේ පමණක් නොව ලෝකය පුරාම ප්‍රසිද්ධය. ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය කෙරුණු අතර ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් අය අතුරුදන් කරවන ලදී. කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකට පහර කෑමට සිදුවූ අතර තවත් පිරිසකට ජීවිතාරක්ෂාව පතා රටින් පළා යාමට සිදුවිය.

මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඒ යුගය නම් දරා සිටි අතර මාධ්‍ය ආයතන සීල් තැබීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගැනීම, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම රාජපක්ෂ අවිචාර පාලන සමයේ එදිනෙදා සුලභ සිදුවීම් විය.

ඩලස් පසුගියදා නිකුත් කළ නිවේදනය ඔහුට ආවේණික ලස්සන වචනවලට මුවා වූ හාස්‍යජනක හිස් ලිපියක් පමණක් බවට පත් වන්නේ ඔවුන්ම මැදිහත්වී නිර්මාණය කළ ආණ්ඩුවල නායකයින් කටයුතු කළ ආකාරය පිළිබඳව සහ ඒ නායකයින් යටතේ ඩලස්ලා කටයුතු කළ ආකාරය සිහිපත් වන විටය.

ස්වකීය ධුර කාලය අන්තනෝමතික ලෙස වැඩි කර ගැනීම වෙනුවෙන් දහ අටවැනි සංශෝධනය මහින්ද රාජපක්ෂ විසින් ගෙන ආ මොහොතේ ඩලස් අලහප්පෙරුම ඉමහත් අභිමානයෙන් යුතුව ඒ වෙනුවෙන් පෙනී සිට ඡන්දය ද ලබා දුන්නේය. ස්වකීය කුප්‍රකට බල න්‍යාය පත්‍රය තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙරට සිටි අගවිනිසුරුවරිය බෙල්ලෙන් අල්ලා එළියට දමන්නට තීන්දුව ගත් ආණ්ඩුවේ ඩලස් තරුණ කටයුතු අමාත්‍යවරයා විය.

ඒ සියලු තැන්වලදී ඩලස් නිහය.

අසූව දශකයේ මරණ වරෙන්තුව අතේ තියාගෙන මාධ්‍යකරණයේ යෙදුණු පිරිස් ගැන කතා කරන ඩලස්ට අමතකව ඇත්තේ ඩලස් ඇමතිකමේ වැජඹුණු රාජපක්ෂ සමයේ ඇතැම් මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූයේ අධි ආරක්ෂිත කලාපවල බවය. දෛවයේ බරපතළම සරදම වන්නේ ඩලස් මේ නිවේදනය නිකුත් කරන්නේ ලසන්ත වික්‍රමතුංග නමැති මාධ්‍යවේදියා සාහසික ලෙස ඝාතනය කොට හරියටම වසර 16 ක් ගත වූ දාට දෙදිනකට පසු වීමය. ඒ ඝාතනය සිදුවන විට ඩලස් අලහප්පෙරුම නැමති අයෙක් එවක රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකි.

හරියටම සොයා බැලිය යුත්තේ ඒ ඩලසුත් මේ ඩලසුත් එක්කෙනෙක්ද දෙදෙනෙක්ද කියාය.

හැම විටම මිනිසෙකුගේ සැබෑ වටිනාකම් මැනිය හැක්කේ කියන දේ අනුව නොව කරන දේ අනුවය. ඩලස්ලා එදා කියන දේ මෙන්ම කරන දේ අනුවද හිටියේ රාජපක්ෂලා ඕනෑම දෙයක් කරන විට ඕනෑම දේකට ප්‍රශස්ති ගයන ප්‍රශස්තිකරුවන් ලෙසය. කිසිවිටෙක ඔහු ඒවාට එරෙහි වූයේ නැත.

දිගින් දිගටම රාජපක්ෂ ආණ්ඩුව වෙතින් මාධ්‍යවේදීන්ට සිදුවන තර්ජන ගර්ජන ඉවසිය නොහැකි තැන එක්තරා දවසක මාධ්‍යවේදියෙක් එවක මාධ්‍ය ඇමති කෙහෙලියගෙන් විමසා සිටියේ මාධ්‍යවේදීන්ට සිදු කරන පහරදීම් සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබට මැදිහත් වන්නට බැරිද කියාය. එහෙත්,එදා කෙහෙලිය අතිශයින් පිළිකුල් සහගත පිළිතුරක් දුන්නේය.

“මටත් ඉතින් කරන්න තියෙන්නෙ එහෙම ගහපු අයව බලන්න තැඹිලි ගෙඩියක් අරගෙන hospital එකට යන එක විතරයි”

රාජපක්ෂ ආණ්ඩුවේ මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා මාධ්‍යවලට එල්ල වන තර්ජන සම්බන්ධව ඒ බියගුළු සහ අන්තනෝමතික පිළිතුර ලබා දෙන විට වම් පැත්තේ වාඩිවී හිටියේ ඩලස් අලහපෙරුමය. ඔවුන් එදවස එකම ආණ්ඩුවේ සහෝදර ඇමතිවරුය.

2006 ජනවාරියේ සිට 2015 ජනවාරිය දක්වා වූ කාල පරාසය තුළදී මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකු ඝාතනය වීය. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අතුරුදහන් වීය. මාධ්‍යවේදීන් අසූ හත් දෙනෙකු පහර කෑමට ලක් වීය. මාධ්‍යවේදීන් බුරුතු පිටින් අත්අඩංගුවට පත්විය. පුද්ගලික මාධ්‍ය ආයතන හතරකට අවස්ථා පහකදී ප්‍රහාර එල්ල වීය. ඒ සිදුවීම් පිළිබඳ සාක්ෂි පවා විනාශ කරනු ලැබීය.

බලය ලබාගන්නට පෙර මහින්ද රාජපක්ෂ මාධ්‍ය මිතුරෙකු විය. ඔහු 2015 මැතිවරණ ව්‍යාපාරයේදී ඒ මාධ්‍ය මිතුරුකම මොනවට පාවිච්චි කළේය. ගඟෙන් එතෙර වීම උදෙසා පාවිච්චි කළ මාධ්‍යය හිත මිතුරුකම නැමති පහුර ගඟෙන් එගොඩ වූ විට රාජපක්ෂ විසින්ම ගිනි තැබුවේය. මාධ්‍ය සුරකින ඉටු දෙවියකු ලෙස බලය ලබාගත් මහින්ද බලය ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වනසන යම රජෙකු බවට පරිවර්තනය විය.

ඩලස්ද දේශපාලනය ආරම්භ කරන්නේ මාධ්‍යවේදීයෙකු යන අයිඩින්ටිය හෝ ලේබලය ඇතිවය. හැබැයි දේශපාලනය නැමැති ගඟ තරණය කළ පසු තමන්ගේ දේශපාලන නායකයා වූ මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුද ඒ පහුරට ගිනි තැබුවේය. එහෙත් තමන්ට ඕනෑ ඕනෑ විට වෙන කාගේ හෝ පහුරක් පාවිච්චි කරමින් මාධ්‍ය නිදහස පිළිබඳව කිඹුල් කඳුළු හෙළන්නට ඔහු දෙවරක් නොසිතන්නේය.

ඊයේ ඩලස් අලහප්පෙරුම නිකුත් කළ නිවේදනයද එවැනි එකකි.

2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් ඩලස් අලහප්පෙරුමලා කොන්දේසි විරහිතව පෙනී සිටියේය. අඩු තරමේ තමන්ම තමා මාධ්‍යවේදියෙකු බව හඟවා ගනිමින් කතාකරන ඩලස් “හූ ඊස් ලසන්තා” කියා ඇමතූ නිර්ලජ්ජිත පුද්ගලයාව රටේ ජනාධිපති කිරීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනෙන ව්‍යාපෘතියේදී ඇතැම් මාධ්‍ය ජාතිවාදය, ආගම් වාදය, වර්ගවාදය, ඇදගෙන ඉතා ලැජ්ජා සහගත නාඩගමක් නටද්දි පවා ඩලස්ලා ඒවාට විරුද්ධ වනවා වෙනුවට ඒවා වෙනුවෙන් පෙනී සිටියේය.

ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතාවන් ඉතා පහත් ලෙස උල්ලංඝනය කරමින් සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය ශාෆී දණ්ඩනයට නියම විය. ඒ වඳ සැත්කම් කළ බවට ඊනියා චෝදනා එල්ල කරමිනි. මේ මාධ්‍ය භාවිතය වැරදි බව කියන්නට හෝ,අඩු තරමේ ශාෆි නිදහස් වීමෙන් පසුවත් ඒ පිළිබඳව සමාව ගන්නටවත් ඩලස්ලා තුළ මිනිස්කමවත් තිබුණේ නැත.

වඳ කොත්තු ගැන කතා කරන විට, කැලණි ගඟෙන් ධාතූන් වහන්සේලා වැඩම කරවන විට ඒ ඊනියා මාධ්‍ය ප්‍රචාරවලදී ඒවා වැරදි බව කියන්නට ඩලස්ලාගේ පිටකොන්දක් තිබුණේ නැත.

ගෝඨා ශ්‍රද්ධාවන්ත සැදැහැවත් තවුසෙක් බවට මුලින් ම කීවේ ඩලස් ය. ඒ 2018 ජනවාරියේය. එපමණක් නොව ‘ගෝඨාභය’ උම්බලකඩ කෑල්ලක්වත් නොකන ‘පින්වතෙක්’ බවට සළුපිළි පැළැන්දුවේ ඩලස් ය.

මෙවැනි ඩලස්ලා මාධ්‍ය නිදහස ගැන කතා කිරීම තරම් සරදම් සහගත දෙයක් තවත් නැත.

ජර්මනියේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සිටියේය. ඔහු අඳින ලද බොහෝ චිත්‍ර බෙහෙවින්ම අහිංසකය. ඒ චිත්‍රවල තිබුණේ ආදරය කරුණාව සහ සෙනෙහසය. ඇතැම් විට ඔහු අපූරු කවි ද ලියා ඇති බව ඔහුගේ ඉතිහාසය පිරික්සීමේදී සොයා ගත හැකිය.

ලෝක ඉතිහාසයේ බිහිසුණුම අපරාධකරුවෙක් ජර්මනියේ සිටියේය. ඔහු සිය බල ව්‍යාපෘතිය වෙනුවෙන් ඒකාධිපති ෆැසිස්ට්වාදී පාලකයෙකු ලෙස ප්‍රකට විය. මුලින් සඳහන් කළ චිත්‍ර ශිල්පියාත්, ඒකාධිපති ෆැසිස්ට්වාදියාත් දෙදෙනෙකු නොව එක් අයෙකුය. ඒ ඇඩ්ලොෆ් හිට්ලර් ය. ඩලස් ඒකාධිපතියක හෝ ෆැසිස්ට්වාදියෙකු නොවේ. එහෙත්, එවැනි ආණ්ඩුවක ඉතා සමීප අන්තේවාසිකයෙකුව ලෙස කටයුතු කළේය.

අද ඔහුගේ භාවිතයත් වචනත් අතර බරපතළ වියවුලක ඔහු පැටලී සිටි.

බලය තිබෙන විට මොළය නෑ කියා කතාවක් තිබේ. එහෙත් බලය නැති විට මොළය නැති වීම අවාසනාවකි. කාලයක් ප්‍රගතිශීලී මානවවාදයේ පතාක යෝධයන්ගේ චරිතය අපූරුවට රඟ පෑ ඩලස් ලා මහින්ද යුගයේ ලද බලයත් සමඟ සහමුලින් ම බලකාමී විකටයන් බවට පරිවර්තනය වූහ. වරක්, රෝහිත භාෂණ අබේවර්ධන ලියූ ‘කුහුඹුවන් වූ මිනිසුන්’ නැමති ලිපිය ඩලස්ලාගේ පරිවර්තනයේ හැටි ස්වභාවය මොනවට පසක් කරන්නකි. ‘යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂා ශූන්‍යව ගිය කලක කිසිත් කර කියා ගත නොහෙන කුරා කුහුඹුවකුගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? කියන ප්‍රශ්නයට අප බොහෝ දෙනා පිළිතුරු උගත්තේ ඉතිහාසය විසින් මේ ප්‍රශ්නය මුහුණට දමා ගැසූ සමයකදීය. යටත්භාවය මහාමාරියක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප්‍රතිපත්තිගරුක ජීවිතය ආඩම්බරයකැයි කුහුඹුවකු නොදනී.

නමුත් මිනිස්සු එය දනිති. එය අමතකව ගිය සැණින් රැළෙන් මඟ නොහැරුණද මිනිසා හුදකලා කුහුඹුවකු බවට පෙරළෙයි. රැළ හා වසන මුත් පෑගී මිය යෑමේ තැති ගැන්මෙන් එකා පසුපස එකා වැටී සැරිසරයි.’ යනුවෙන් හෙතෙම සිය ලිපිය ආරම්භ කරයි. සත්‍යයකි. ඩලස්ලාට සිදු වූයේම එයම ය.

බලය ලද කල එහි ගිලී, එහිම වසමින් එය සදාකාලිකයැයි හඟින්නෝ උමතුවෙන් දොඩවති. අද ඩලස්ලා පත්ව සිටින්නේ එකී දෛවයේ පරීක්ෂණයට ය.

“ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” කියා ධර්මයෙහි තිබේ. මේ මොහොතේ වඩාත් ගැලපෙන්නේ එහි අවසන් පද දෙකය.

“දුසිරිත දනන් දෙන – ඔවා වැද්දන් කියන බණ වැනි”

ඩලස්ලා ඉදිරියටත් මෙවැනි වැදි බණ කිව යුතුය. එවිට ඒ ඩලසුත් මේ ඩලසුත් එක්කෙනෙක්ද, දෙන්නෙක් ද යන්න පිළිබඳව පුරවැසියන්ට හරියටම දැනගැනීමට හැකි වනු ඇත.

මෙරට මාධ්‍යවේදීන් විවිධ වකවානුවල, විවිධ පාලන තන්ත්‍රයන්ගේ පලිගැනීමට, තර්ජනයට සහ හිංසනයට ලක්වු කළු අතීතය පිළිබඳව සියල්ලන්ට වඩා අපට අවබෝධයක් තිබේ. නැවත එවැනි තත්ත්වයක් මේ රට තුළ නිර්මාණය වීමට කිසිසේත් ඉඩ නොතබන අතර එලෙස පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමටත්,එකී අකටයුතුකම් සිදුකළ චූදිතයන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට ගත යුතු සියලූම ක්‍රියාමාර්ග ගැනීමටත් අප පසුබට නොවන බවත් දන්වා සිටිමු.

නලින්ද ජයතිස්ස






සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.
කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.
විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.