චාමරගේ චෝදනා බොරු ...රජය උත්තර දෙයි(වීඩියෝ)
‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමාරම්භක උත්සවය සඳහා රජය රුපියල් ලක්ෂ 70ක් වියදම් කළ බවට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
එම වැඩසටහන සඳහා අනුමත වී ඇත්තේ ලක්ෂ 09ක මුදලක් බවත්, එසේ වුවද එම මුදල ද තවමත් ගෙවා නොමැති බවත්, අමාත්‍යවරයා සඳහන් කරනවා.
සංගීතඥයෙකුට, ගීත රචකයෙකුට හෝ වෙබ් අඩවියකට අධික මුදලක් ගෙවා ඇති බවට පළවන වාර්තා පදනම් විරහිත සහ අසත්‍ය බවයි ඔහු පවසන්නේ.
මේ සඳහා මිල ගණන් කැඳවූ අතර, මිල ගණන් අධික වූ නිසා ප්‍රතික්ෂේප කළ බවත්, චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම මිල ගණන් පටලවා වටහාගෙන ඇති බවත්, අමාත්‍යවරයා පැවසුවා.
සමාරම්භක උත්සවය සඳහා අනුමත රුපියල් ලක්ෂ 09 ඉක්මවා රුපියලක්වත් වියදම් කර නොමැති බවයි ඔහු පැවසුවේ.
ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ 70ක මුදලක් වෙන් කර ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මෙසේ සඳහන් කළේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..