ජනාධිපතිවරණයෙන් මාස 4කට පසු රනිල්ගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් පොලිසියෙන් උසාවි දාලා – ක්ලීන් ශ්‍රී ලංකා වැඩක්දැයි නීතිඥයා අසයි
ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගතවූ පසුව, ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිර්පත් කරන්නේ කාගේ හෝ හොඳහිතා දිනාගන්නදැයි කුරුණෑගල පොලිසියෙන් ප්‍රශ්න කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න, සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කර මැතිවරණ පෝස්ටර් අලවා ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ කාට හෝ බයේ දැයි විමසා සිටියේය.
කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස කුරුණෑගල පොලිසියේ නිලධාන්ගෙන් විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළේ, පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේදී ජනාධිපතිවරණ පනත උල්ලංඝනය වන අයුරින් එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින්, එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමනාකරු කුරුණෑගල පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේ ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කුරුණෑගල පොලිසියේ නිලධාරීන් අමතමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේද කීවේය.
“ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් කඩිමුඩියේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ යමෙකුගේ හොඳ හිත දිනාගන්නද? යමෙකුගෙන් හොඳ නමක් දිනාගන්නද? සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කර ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ බය නිසාද? එසේත් නැති නම් හෙට අනිද්දා ඒ.එස්.පී. කෙනෙක් හෝ එස්. එස්.පී. කෙනෙක් පොලිසියේ යම් පරීක්ෂණයකට එනවද? ඒ නිසාද?”
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල පොලිසියේ නිලධාරීන් පැවැසුවේ මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේ සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ප්‍රවර්ධනය කිරීමේ පෝස්ටර් අලවා ඇති බවයි.
ඒ තුළින් සැකකරුවන් ජනාධිපතිවරණ පනත මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවද පවසා සිටි පොලිසිය සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයිද ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කීර්ති දුනුසිංහ කුරුණෑගල පොලිසියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය උදෙසා මැතිවරණ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් තම සේවාදායකයන් අත්අඩංගුවට ගත්තේ ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ’ තවත් එක් කොටසක් ලෙසද? යන්නයි.
ජනාධිපතිවරණය නිම වී ඊට පසුව මහ මැතිවරණයක්ද පවත්වා ඇති බවද අවධාරණය කළ නීතිඥවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පමණක් නොව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ, සජිත් ප්‍රේමදාසගේ සහ දිලිත් ජයවීරගේ මැතිවරණ පෝස්ටර්ද දිවයින පුරා තමා දුටු බවද කීවේය.
ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කිරීමේ කිසිදු පෝස්ටරයක් ජනාධිපතිවරණ සමයේ තම සේවාදායකයන් අලවා නැති බවද කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ ඔවුන් ඇලවූයේ රනිල් වික්‍රසිංහ කුලියාපිටියේදී ජන හමුවක් අමතන බව සඳහන් පෝස්ටරයක් පමණක් බවද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට තම සේවාදායකයන්ට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද අධිකරණයට සැල කළ නීතිඥවරයා ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න විසින් සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් වෙන් වෙන් වශයෙන් රුපියල් පනස් දහසක් වටිනා ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට නියෝග කෙරිණි.
මෙසේ ඇප මත මුදාහැරියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමනාකරු මෙන්ම වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නසීර් අහමඩ් යන දෙදෙනාගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ එච්.ඒ. නදීක හෙට්ටිආරච්චි සහ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක එන්. ලලිත් රවින්දු කුමාර යන දෙදෙනාය.(මව්බිම)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි