News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණයෙන් මාස 4කට පසු රනිල්ගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් පොලිසියෙන් උසාවි දාලා – ක්ලීන් ශ්‍රී ලංකා වැඩක්දැයි නීතිඥයා අසයි

Jan 10, 2025 at 10:06 AM
|

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගතවූ පසුව, ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිර්පත් කරන්නේ කාගේ හෝ හොඳහිතා දිනාගන්නදැයි කුරුණෑගල පොලිසියෙන් ප්‍රශ්න කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න, සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කර මැතිවරණ පෝස්ටර් අලවා ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ කාට හෝ බයේ දැයි විමසා සිටියේය.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස කුරුණෑගල පොලිසියේ නිලධාන්ගෙන් විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළේ, පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේදී ජනාධිපතිවරණ පනත උල්ලංඝනය වන අයුරින් එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින්, එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමනාකරු කුරුණෑගල පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේ ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කුරුණෑගල පොලිසියේ නිලධාරීන් අමතමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේද කීවේය.

“ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් කඩිමුඩියේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ යමෙකුගේ හොඳ හිත දිනාගන්නද? යමෙකුගෙන් හොඳ නමක් දිනාගන්නද? සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කර ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ බය නිසාද? එසේත් නැති නම් හෙට අනිද්දා ඒ.එස්.පී. කෙනෙක් හෝ එස්. එස්.පී. කෙනෙක් පොලිසියේ යම් පරීක්ෂණයකට එනවද? ඒ නිසාද?”

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල පොලිසියේ නිලධාරීන් පැවැසුවේ මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේ සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ප්‍රවර්ධනය කිරීමේ පෝස්ටර් අලවා ඇති බවයි.

ඒ තුළින් සැකකරුවන් ජනාධිපතිවරණ පනත මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවද පවසා සිටි පොලිසිය සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයිද ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කීර්ති දුනුසිංහ කුරුණෑගල පොලිසියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය උදෙසා මැතිවරණ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් තම සේවාදායකයන් අත්අඩංගුවට ගත්තේ ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ’ තවත් එක් කොටසක් ලෙසද? යන්නයි.

ජනාධිපතිවරණය නිම වී ඊට පසුව මහ මැතිවරණයක්ද පවත්වා ඇති බවද අවධාරණය කළ නීතිඥවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පමණක් නොව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ, සජිත් ප්‍රේමදාසගේ සහ දිලිත් ජයවීරගේ මැතිවරණ පෝස්ටර්ද දිවයින පුරා තමා දුටු බවද කීවේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කිරීමේ කිසිදු පෝස්ටරයක් ජනාධිපතිවරණ සමයේ තම සේවාදායකයන් අලවා නැති බවද කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ ඔවුන් ඇලවූයේ රනිල් වික්‍රසිංහ කුලියාපිටියේදී ජන හමුවක් අමතන බව සඳහන් පෝස්ටරයක් පමණක් බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට තම සේවාදායකයන්ට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද අධිකරණයට සැල කළ නීතිඥවරයා ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහන ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න විසින් සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් වෙන් වෙන් වශයෙන් රුපියල් පනස් දහසක් වටිනා ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට නියෝග කෙරිණි.

මෙසේ ඇප මත මුදාහැරියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමනාකරු මෙන්ම වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නසීර් අහමඩ් යන දෙදෙනාගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ එච්.ඒ. නදීක හෙට්ටිආරච්චි සහ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක එන්. ලලිත් රවින්දු කුමාර යන දෙදෙනාය.(මව්බිම)

සම්බන්ධිත පුවත් | Related News

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් 2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.
පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මැයි 5 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) අලුයම යළි දිවයිනට පැමිණියා.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.