‘Clean Sri lanka උත්සවයට ලක්‍ෂ 70ක් වියදම්ලු... චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කියයි (වීඩියෝ)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භක උත්සවය සඳහා පමණක් රුපියල් ලක්ෂ හැත්තෑවක් වැය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ තම ප‍්‍රකාශයට අදාල තොරතුරු තමන් සතු බවත් එය අසත්‍යයක් යයි ඔප්පු කලහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවත්ය..
එම උත්සවයේ ගීත ගායනයට ලක්ෂ දෙකක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ අටක්, නිරූපිකාවන් සඳහා රුපියල් 15000 ක් බැගින්, වෙබ් අඩවියට ලක්ෂ විසි එකක් ඇතුළුව ලක්ෂ හැත්තෑවක් වැය කර ඇතැයි මන්ත්‍රීවරයා හෙලි කලේය.
තමන් සතු ලේඛන සියල්ල සභාගත කරන බවත් පැවසූ චාමර සම්පත් දසනායක මහතා කිසිදු ටෙන්ඩර් පටිපටියකින් තොරව වැය කර ඇති මෙම වියදම් අනුමත කිරීම ජනාධිපති කාර්යාලයට ප්‍රශ්නයක් වී ඇති බවත් පැවසුවේය.
“නිසි ක්‍රමවේදය අනුගමනය නොකර වියදම්, සංග්‍රහ වියදම්, ඇතුළු මුළු වියදම ලක්‍ෂ හැත්තෑවක් වැය කරලා තිබෙනවා. ඔයගොල්ලන්ට ලක්ෂ හැත්තෑව ගෙවන්න වෙන්නේ පැල්වත්තේ තියෙන අරමුදලෙන් තමයි.ජනාධිපති කාර්යාලයේ එකවුන්ස් එකින් චෙක්පත ලියන්නේ නැහැ.ඉතින් පටන් ගන්න කොටම වැඩේ ෆේල්.ඔයාලා ටෙන්ඩර් පටිපාටිය වත් දන්නේ නැහැ
ඒ වගේම ජනාධිපති කාර්යාලයෙන් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවන්න බැහැ පිහිටු වෙනවා නම් ඔයගොල්ල පාර්ලිමේන්තුවට ගේන්න ජනාධිපති ක්ලීන් ශ්‍රී ලංකා අරමුදල ක් පිහිටුවනවා නම් ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවට ගේන්න 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතින් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවීම නවත්තලා තියෙන්නේ” යයි චමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..