
‘Clean Sri lanka උත්සවයට ලක්‍ෂ 70ක් වියදම්ලු... චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කියයි (වීඩියෝ)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භක උත්සවය සඳහා පමණක් රුපියල් ලක්ෂ හැත්තෑවක් වැය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ තම ප‍්‍රකාශයට අදාල තොරතුරු තමන් සතු බවත් එය අසත්‍යයක් යයි ඔප්පු කලහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවත්ය..
එම උත්සවයේ ගීත ගායනයට ලක්ෂ දෙකක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ අටක්, නිරූපිකාවන් සඳහා රුපියල් 15000 ක් බැගින්, වෙබ් අඩවියට ලක්ෂ විසි එකක් ඇතුළුව ලක්ෂ හැත්තෑවක් වැය කර ඇතැයි මන්ත්‍රීවරයා හෙලි කලේය.
තමන් සතු ලේඛන සියල්ල සභාගත කරන බවත් පැවසූ චාමර සම්පත් දසනායක මහතා කිසිදු ටෙන්ඩර් පටිපටියකින් තොරව වැය කර ඇති මෙම වියදම් අනුමත කිරීම ජනාධිපති කාර්යාලයට ප්‍රශ්නයක් වී ඇති බවත් පැවසුවේය.
“නිසි ක්‍රමවේදය අනුගමනය නොකර වියදම්, සංග්‍රහ වියදම්, ඇතුළු මුළු වියදම ලක්‍ෂ හැත්තෑවක් වැය කරලා තිබෙනවා. ඔයගොල්ලන්ට ලක්ෂ හැත්තෑව ගෙවන්න වෙන්නේ පැල්වත්තේ තියෙන අරමුදලෙන් තමයි.ජනාධිපති කාර්යාලයේ එකවුන්ස් එකින් චෙක්පත ලියන්නේ නැහැ.ඉතින් පටන් ගන්න කොටම වැඩේ ෆේල්.ඔයාලා ටෙන්ඩර් පටිපාටිය වත් දන්නේ නැහැ
ඒ වගේම ජනාධිපති කාර්යාලයෙන් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවන්න බැහැ පිහිටු වෙනවා නම් ඔයගොල්ල පාර්ලිමේන්තුවට ගේන්න ජනාධිපති ක්ලීන් ශ්‍රී ලංකා අරමුදල ක් පිහිටුවනවා නම් ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවට ගේන්න 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතින් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවීම නවත්තලා තියෙන්නේ” යයි චමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
