
නීතිවිරෝධී සංක්‍රමණිකයෝ ලක්ෂයක් ලංකාවට එන්න සූදානමින් - පොලිස් අුැමතිගෙන් හෙළිදරව්වක්
ඉදිරි දිනවලදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්ෂයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි රොහින්ග්‍යා සරණාගතයන් පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදා බුද්ධි අංශය සිදුකළ විමර්ශනවලට අනුව මෙම තොරතුරු ලැබී ඇති බව අමාත්‍ය විජේපාල පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
අනවසර සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නයක් ලෙස රජය හඳුනාගන්නා බව අමාත්‍ය විජේපාල පැවසීය.
රෝහින්ග්‍යා සරණාගතයන් 116 දෙනකු පසුගියදා බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“මෙම ගමන සඳහා එම පිරිස මිනිස් ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ මුදලින් මිලියන 80ක් පමණ ගෙවා තිබෙනවා. මේ සරණාගතයින් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි” ඔහු පැවසීය.
නීතිවිරෝධී සංක්‍රමණිකයන් සරණාගතයන් ලෙස හඳුනාගන්නේ නම්, ඒ අනුව ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සඳහන් කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අන්තර්ජාතික නීතිවලට අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ද සඳහන් කළේය.
“අපි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා සරණාගතයන් පිරිසට අවශ්‍ය ආහාර සහ ජලය ඇතුළු සියලු පහසුකම් සපයා තිබෙනවා” යැයි රොහින්ග්‍යා සරණාගතයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දක්වමින් ඔහු පැවසීය.
2024 දෙසැම්බර් 19 වන දින මුලතිව් වෙරළ තීරයෙන් මුදාගත් මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
