
අප්‍රේල් මාසයේ කීරි සම්බා 400ට යයිලු
ලංකාවට ආවේණික කීරි සම්බා කිලෝවක මිල සිංහල අලුත් අවුරුදු සමය වන විට රුපියල් 400 දක්වා වැඩිවීමේ අවදානමක් පවතින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ.බී. ගුණරත්න මහතා පවසයි.
මෙරට සහල් මාෆියාව මර්ධනය කිරීමට වත්මන් රජයට කිසිදු ආකාරයක හැකියාවක් තිබෙන බවක් පේන්න නොමැති බවටද ඔහු චෝදනා කර සිටි.
මෙවර මහ කණ්නයේ 85% ක්ම වගාකොට ඇත්තේ නාඩු සහල් බැවින් කීරි සම්බා හිඟයක් ඉදිරියේදී ඇතිවන බවත් එම සහල් වර්ගය විදේශවල නොමැති මෙරටට ආවේණික සහල් වර්ගයක් බවද ගුණරත්න මහතා අවධාරණය කරයි.
ඊයේ (07) මහනුවරදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රජය නියමාකාරයට පොහොර සහනාධාරය සහ ගංවතුර වන්දි මුදල් ලබා නොදීම හේතුවෙන් ගොවින් දැඩි අපහසුතාවයට පත් වී සිටින බවයි.
මේ වන විට මෙරටට සහල් මෙට්‍රික්ටොන් 88,000 ක් ආනයනය කොට ඇති බවත් ඉන් විශාල බදු ආදායමක් රජය ලබමින් සිටින බව පවසන හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා මේ වන විට වන විට සහල් ආනයනයෙන් රුපියල් බිලියන 5.7 ක ආදායමක් රජය උපයාගෙන ඇති බවද පවසයි.
ආනයනික සහල් කිලෝව රුපියල් 150 ක සහන මිලකට ලබාදීමට හැකියාව තිබියදී රජය හාල් කිලෝවකට රුපියල් 65 ක බද්දක් අය කරමින් සිටින බවද ඒ මහතා පවසයි.
වත්මන් රජය පත්වී මාස දෙකක කාලයක් ගතවීී තිබුණත් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කිසිදු ආකාරයක ප්‍රගතියක් පෙනෙන්නට නොමැති බවත් කිසිවෙකුටත් කෘෂිකර්මය පිළිබඳ දැනුමක් අවබෝධයක් නොමැති බවටද හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා චෝදනා කර සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
