News Category
From Date
To Date
Maximum Number of Result

සිරිලංකාවට ආ අදානිගේ කොරෝනාව - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Jan 8, 2025 at 10:35 AM
|

(ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති පෙයි-චිං නුවර සිට)

2025 ජනවාරි 2 වැනි දා රෑ 9:36 ට ඉන්දියාවේ ගෞතම් අදානිගේ NDTV වෙබ් අඩවියේ මහ භයානක, ඇඟ හරිවැටෙන ප්‍රවෘත්තියක් පළවුණා. නිකිල් පාණ්ඩේ කියන ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කරකයා ලියපු ඒ ප්‍රවෘත්තියෙන් කියැවුණේ කෝවිඩ් වසංගතයෙන් අවුරුදු පහකට පස්සේ පුපුරලා ගිය අලුත් වයිරසයකින් චීනයේ රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බවක් සහ ආදාහනාගාර කාර්යබහුල වී ඇති බවක්. ඊට පහුව දා (ජනවාරි 3 වැනි දා) ඉඳලා මේ භයානක ප්‍රවෘත්තිය අපේ සිරිලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය එක විදිහට පළ කරන්න පටන්ගත්තා. අපේ ගෙවල්වල මිනිස්සු, යාළුවෝ කලබල වෙලා මට කතා කළා.

ඒත් මේ දවස්වල චීනයේ රැඳිලා ඉන්න අපිට එහෙම දෙයක් දකින්න නෑ. සියලු පාසල් සහ විශ්වවිද්‍යාල සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. බස්, කෝච්චි හැම එකක් ම වෙන දා වගේ ම සෙනඟ පුරවගෙන දුවනවා. කඩ සාප්පු, ආපනශාලා පුරුදු විදිහට මිනිස්සුන්ගෙන් පිරිලා තියෙනවා. මේ මිනිස්සුන්ගෙන් බහුතරයක් මුඛ ආවරණ පැළඳලත් නෑ. මුඛ ආවරණ පළඳින අයගෙන් සෑහෙන පිරිසක් කරන්නේ මේ දවස්වල තියෙන තද සීතලෙන් ආරක්‍ෂා වෙන්න.

එහෙම නම් අදානිගේ කට්ටිය හොයාගත්ත අලුත් වයිරසය මොකක්ද?

මේකට කෙටියෙන් කියන්නේ HMPV කියලා. ඇත්තෙන්ම, අදානිගේ කට්ටිය අලුතින් හොයාගන්න අවුරුදු 24 කට කලින් - 2001 අවුරුද්දේ, තමයි මෙහෙම වයිරසයක් තියෙන බව මුලින් ම තහවුරු කරගත්තේ. ඒ හඳුනාගැනීම කළේ නෙදර්ලන්තයේ ළමයි 28 දෙනෙක් සම්බන්ධ කරගෙන කරපු පර්යේෂණයකින්. මේ කියන්නේ HMPV ඉපැදුණේ 2001 අවුරුද්දේ කියන එක නම් නෙවෙයි. අලුත් හඳුනාගැනීම සම්බන්ධ කරගෙන කලින් කරලා තිබුණු නිරීක්‍ෂණ විශ්ලේෂණය කළාම පැහැදිළි වුණා අඩුම තරමින් ඊට කලින් අවුරුදු 50 ක් විතර මේ වයිරසය හින්දා ශ්වසන රෝග ඇතිවෙලා තියෙනවා කියලා. ඉතින් මේක අවුරුදු හැට - හැත්තෑවකට වඩා පරණ “අලුත්” වයිරසයක්!

මේ වයිරසය හින්දා ඇතිවෙන්නේ සාමාන්‍ය හෙම්බිරිස්සා තත්ත්වයක්. ළදරුවෝ, වයස අවුරුදු 65 ට වැඩි වයසක අය, ඇදුම වගේ රෝගවලින් පෙළෙන අය, පිළිකාවලට ගොදුරුවෙලා ඉන්න අය මේ හෙම්බිරිස්සාවෙන් පීඩාවට ලක්වෙන්න පුළුවන්. මොන විදිහකින් හරි ප්‍රතිශක්තිය අඩු අයට තමයි මේක වදදෙන්නේ. මේ හෙම්බිරිස්සාවට පත්වෙලා මරණයට පත්වෙන අය ඉතාමත් අඩුයි. ඉපැදිච්ච ගමන් දරුවෙක්ට මෙහෙම හෙම්බිරිස්සාවක් හැදුණොත් ඒක මාරාන්තක වීමේ ඉඩක් තියෙනවා.

උතුරු අර්ධගෝලයේ තියෙන රටවල්වල ශීතල කාලයේ අන්තිමේ සහ වසන්ත කාලයේ මුල තමයි මේ වයිරසය ඔළුව උස්සන්නේ. ඉතින් එහෙම වයිරස් ආසාදනය වැඩිවෙද්දි වගකීමක් තියෙන රටවල් ඒ ගැන වාර්තා ප්‍රසිද්ධ කරනවා. අවදානම් කාණ්ඩවල ඉන්න අයට පරිස්සම්වෙන්න කියලා අවවාද කරනවා. පහුගිය දෙසැම්බර් අන්තිමේ චීනයේ මෙහෙම වාර්තාවක් නිකුත් කළා. ඒක හැම අවුරුද්දේ ම සාමාන්‍යයෙන් නිකුත් කරන වාර්තාවක්. ඇත්තෙන්ම, මේ අවුරුද්දේ වාර්තාවෙලා තියෙන HMPV ආසාදන ප්‍රමාණය ගිය අවුරුද්දට වඩා අඩුයි.

ඒත් අදානිලාට මේ කරුණු කාරණා අදාළ නෑ. අපේ මාධ්‍ය හනුමන්තලාත් මෙහෙම ටොම් පචයක් දැක්ක ගමන් ම අගක් මුලක් හොයන්නේ නැතුව හතර වටේ ගිනි තියනවා. අදානිගේ NDTV එක මෙහෙම ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළත් රොයිටර්, AP, AFP වගේ බටහිර බලවත් මාධ්‍ය නියෝජිත ආයතන මේ ගැන වචනයක්වත් කිව්වේ නෑ. ඇමෙරිකාවේ, එංගලන්තේ, ප්‍රංශයේ පවා මේ හෙම්බිරිස්සාව තියෙන හින්දා තමයි ඒ අය මේක ප්‍රවෘත්ති වටිනාකමක් නැති කාරණයක් විදිහට දකින්නේ.

කොහොම වුනත්, ජනවාරි 6 වැනි දා හින්දු පත්තරේ පළ කරපු වාර්තාවකින් කියනවා “HMPV ගැන බයවෙන්න ඕන නෑ” කියලා. ඒ ඇයි කියලා දන්නවා ද? ඉන්දියාවෙත් මේ හෙම්බරිස්සාව තියෙනවා!

සම්බන්ධිත පුවත් | Related News

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් 2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.
පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මැයි 5 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) අලුයම යළි දිවයිනට පැමිණියා.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.