
ආණ්ඩුවේ ඉවතලන කඩදාසි වාලච්චේනට
රජයේ ආයතනවල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත බාර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු 2020 වර්ෂයේ දී නැවත ආරම්භ කර ඇති අතර, නිෂ්පාදන කටයුතු සඳහා දැනට යොදා ගැනෙන ප්‍රධානතම අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි වේ.
එකී නිෂ්පාදන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අඛණ්ඩව සපයා ගැනීම අත්‍යාවශ්‍ය වී ඇත.රජයේ ආයතන වල පවතින ඉවතලන කඩදාසි, වාලච්චේන කඩදාසි කම්හලට ලබා දීම තුළින්, ප්‍රමාණවත් හා අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් ලැබීම තහවුරු කර ගත හැකි බව නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව, වාලච්චේන කඩදාසි කම්හලට අඛණ්ඩ කඩදායි සැපයුමක් තහවුරු කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* රජයේ මුද්‍රණාලය, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, මැතිවරණ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක වන රජයේ ආයතන, සියලුම විශ්ව විද්‍යාල, රජයේ සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙතින් බැහැර කරනු ලබන තත්ත්වයෙන් උසස් සුදු කඩදාසි ඇතුළු ඉවතලන කඩදාසි තොග, සීමාසහිත ජාතික කඩදාසි සමාගම විසින් ප්‍රවාහන පහසුකම් සැපයීමේ පදනම මත නොමිලේ සීමාසහිත ජාතික කඩදායි සමාගම වෙත බාර දීම.
* අනෙකුත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධිත සියලුම ආයතනවල පවතින ඉවතලන කඩදාසි තොග, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අදාළ ආයතන හා සීමාසහිත ජාතික කඩදාසි සමාගම එකඟවන සපනදායී මිලකට එකී සමාගම වෙත බාර දීම.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
