News Category
From Date
To Date
Maximum Number of Result

වරායේ ගල් ගෙඩිත් අතුරුගිරියේ කොස් ගෙඩියත් එකක්මද?- අරුණ පුවත් පත අමාත්‍ය නලින්දගෙන් අසයි

Jan 6, 2025 at 01:12 PM
|

පසුගිය සතියේ තම පුවත්පත විසින් පළ කළ රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාරේ කොස් විකුණන්න බැරි බව පැවසූ  වාර්තාවේ අකුරක් කොමාවක් නෑර සියල්ල සත්‍ය බව අරුණ පුවත්පත අවධාරණය කරයි.

අද(06) දින අරුණ පුවත්පතේ විශේෂ කර්තෘ සටහනක් තබමින් කතෲවරයා අවධාරණය කරන්නේ මෙම වාර්තාවේ සියල්ල සනාථ කිරීම සඳහා අදාල හඬපට වීඩියෝ සාක්ෂි පවා පුවත් පතෙහි කතෲ මණ්ඩලය සතුව තිබෙන බවයි.

ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පුවත්පතට චෝදනා කරමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවෙන් පසු අදාළ වාර්තා වීඩියෝ පට ආදිය ලබා දීමට පුවත් පතෙහි කතෘ මණ්ඩල සාමාජිකයින් උත්සාහ කළද අමාත්‍යවරයා දුරකථන ප්‍රතිචාර වලට ප්‍රතිචාර නොදැක්වූ බවද පුවත්පතේ විශේෂ කර්තෘ සටහන අවධාරණය කරයි..

අරුණ පුවත්පතේ පලවූ සම්පූර්ණ කතෘ සටහන මෙසේය.

පුවත සත්‍යයි

කර්තෘ සටහන

‘ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරේ කොස් විකුණන්න බැහැ’ යනුවෙන් පළ වූ පුවත සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එය සම්පූර්ණ අසත්‍යයක් බවත් එය ද්වේශ සහගතව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට බාධා පැමිණවීමට පළකළ එකක් බවටත් චෝදනා කරමින් පත්තරයත්, ආයතනයත්, හිමිකාරිත්වයත් දැඩි සේ විවේචනය කළේය.

මේ මොහොතේ පළමුවෙන් එම පුවත සම්බන්ධයෙන් අප ක්‍රියා කළ ආකාරය පැහැදිලි කර දිය යුතුය.

පනාගොඩ නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදෙන කොස් කපන්නකු ඇතුළු පිරිසක් අතුරුගිරිය පොලිසිය විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ඉවත් කරන්නට යන බවට වාර්තා වූ වහාම අප කර්තෘ මාණ්ඩලිකයා ඒ ගැන සම්පූර්ණ වාර්තාවක් අදාළ වෙළෙන්දාගෙන් ලබාගත්තේය. එම වාර්තාව ලියා ගැනීමට සීමා නොවූ අතර, පටිගත කර ගැනීමටද අප කර්තෘ මාණ්ඩලිකයා කටයුතු කළේය. ඒ වන විටත් ඔවුන්ට අට වැනිදා නඩු පවරන බවත් ඒ කටයුතු සඳහා පොලිසියට එන ලෙසත් පොලිසියම නියෝග කර තිබුණි. නඩු පැවැරීමට පොලිසියට එන ලෙස කියූ බවට ඔවුන් කළ ප්‍රකාශයද අප සතුය.

සාමාන්‍ය්‍ය තත්ත්වයක් යටතේ පුවත්පත කළ යුත්තේ අදාළ සිද්ධිය ගැන බලධාරීන්ගෙන් විමසා වාර්තාව පුවත්පතේ පළ කිරීමය. එහෙත් අප ඉන් ඔබ්බට ගොස් පුරවැසියකුගේ යුතුකම් පැත්තෙන්ද කටයුතු කළ ආකාරය පැහැදිලි කළ යුතුය.

පොලිසිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිට දමා පදික වෙළෙන්දන් ඉවත් කිරීමෙන් රජය සද්භාවයෙන් කරන එම වැඩසටහන අවුල් කෙරෙන බව අපි වටහා ගන්නෙමු. අප කර්තෘ මාණ්ඩලිකයා පත්තරේ එය පළ කිරීමට පෙර එම හඬ පටද රජයට සම්බන්ධ පාර්ශ්ව වෙතින් පොලිස්පතිවරයාටත් ඉන් ඉහළින් ඉන්නා බලධාරීන්ටත් යවන්නට කටයුතු කළේය. එහෙත් එය ලැබුණේ දැයි කිව නොහැකිය. පත්තරකාරයින්ගේ රාජකාරියෙන් බැහැරව ගොස් කටයුතු කළේ පොලිසියේ නඩු දැමීමෙන් මේ අහිංසක වෙළෙන්දන්ට වෙන හානිය වළක්වා ගන්නටය. තමන්ගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට බාධාවන මෙවැනි ක්‍රියා වහා වළක්වා ගන්නට ජනාධිපතිගේ බසින් කීවොත් සහකම්පනයෙන් කටයුතු කරවීම අපේ අපේක්ෂාව විය. රජය සමග ද්වේශයක් තිබුණේ නම් සතුරු හැඟීමක් තිබුණේ නම් අප කළ යුතුව තිබුණේ පොලිසිය වෙළෙන්දන්ට කියූ ආකාරයට නඩු දාන්නට සලස්වා ඒ ආකාරයටම රට පුරා කරන්නට ඉඩ දී පසුව එය වාර්තා කිරීමය.

සතුරා වරදක් කරන විය එය නිවැරදි කරන්නට එපාය යන උපදේශය අනුව නම් අප කටයුතු කළ යුත්තේ එසේය. එහෙත් මෙබන්දක් වළක්වා ගැනීමට කටයුතු කළේ අපට ආණ්ඩුව සමග හතුරු හිතක් නොතිබූ නිසාය. අප වාර්තාව පළ කළේ එසේ ක්‍රියා කිරීමෙන් පසුය. එහෙත් යම් නිලධාරියකු ඒ ගැන මගෙන් විමසුවේ නෑ කියා කියන්නේ නම් අප ඒ ගැන හබ කරන්නට යන්නේ නැත. එසේ නොකරන්නේ අනාගතයක් තියෙන නිලධාරින්ගේ රස්සාවට කෙළින්නට අපිට වුවමනා නැති නිසාය. එහෙත් අපි ලියූ වාර්තාවේ කොමාවටත් අපි වගකියමු. සියල්ල සාක්ෂි පටිගත කළ සාක්ෂි සහිතය.

අමාත්‍යවරයා මීට ඉහත පත්තරේ පළ වූ වාර්තා හතරක් හුවා දක්වා අරුණ ආණ්ඩුවට සතුරුව කළමනාකාරිත්වය සමග කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයේද මහ මැතිවරණයේද ආණ්ඩුව පිහිට වූ පසුද ජාතික ජන බලවේගයද එහි නායකකාරකාදීන් කළ කතා ප්‍රකාශ සේම ක්ලීන් ශ්‍රී ලංකා දියත් කළ දා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පළකිරීමට දුන් ඉඩද කළමනාකාරීත්වය නියෝජනය කරන සර්වජන පක්ෂයට දුන් ඉඩකඩද සන්සන්දනය නොකර ප්‍රවෘත්ති හතරක් හුවාදැක්වීමෙන් පෙනෙන්නේ කුමක්ද? අමාත්‍යවරයාද ආණ්ඩුවද පුවත්පතට සතුරු හැඟීමකින් කටයුතු කරන බවය.

මේ තර්ජනවලට බිය නොවන ලෙස කියන මිතුරන්ට අප කියන්නේ කුමක්ද?

මෙයට පෙරාතුව ඒකාධිපති යැයි කියන ආණ්ඩු හමුවේ හතරවැනි තට්ටුවට ගිය අත්දැකීම් අපට ඇත. එහෙත් එයින් අපව සසල කරවීමට නොහැකි වුණා මෙන්ම ඔවුන්ගේ ඒ හැසිරීම් හමුවේ වුව කිසි විටෙකත් සතුරු හිතකින් අප කටයුතු කළේද නැත. මාලිමා ආණ්ඩුව කෙරෙහිද ඒ හැඟීම එසේමය. ආණ්ඩුව කටයුතු කරන්නේ මෙහෙම නම් පොලිසිය ආණ්ඩුවේ මුඛ්‍ය ව්‍යාපෘතියක් කෙරෙහි කටයුතු කරන්නේ මෙහෙම නම් අප හතුරුකම් කරන්නේ කුමටද?නීති රීති පනවා කටයුතු කරන්නට කලින් නිවැරදි වීමට කාලය දෙන බව කියා කියූ කියුම ස්තූතිපුර්වකව භාරගන්නා අප, අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව පුවතේ සත්‍යතාවය අදාළ වාර්තා වීඩියෝ පට ආදිය ලබාදී එතුමා නිවැරදි කිරීමට උත්සාහ කළත් එතුමා දුරකථනයට උත්තර නොදුන්නේය. මේ සටහන ලියුවේ ඒ නිසාය.

සම්බන්ධිත පුවත් | Related News

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් 2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.
පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මැයි 5 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) අලුයම යළි දිවයිනට පැමිණියා.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.