පිරිපහදු නොකළ තෙල් ආනයනයෙන් රජයට බදු පොල්ලක්
පසුගිය වසරේ (2024) මුල් මාස 10 තුළ පිරිපහදු නොකළ තෙල්, පොල්තෙල් නමින් ආනයනය කර රට පුරා අලෙවි කිරීමෙන් රජයට රුපියල් බිලියන 05ක හෙවත් කෝටි 5000ක බදු ආදායමක් අහිමිකර ඇති බවත්, එම මුදල් වහාම අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
පිරිපහදු නොකළ තෙල් කිලෝ මිලියන 39,000ක් මෙසේ ආනයනය කර මෙම බදු වංචාව සිදුකර ඇති බවත් මෙම වංචාව සිදුකර ඇත්තේ සීනි, ලූනු, පොල්තෙල් වැනි බදු වංචා කළ පුද්ගලයන්ම වීම විශේෂත්වයක් බවත්, ඔවුන් එම වංචා කළ මුදල් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හෝ අයකර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පෙරේදා (04දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම ආනයනික තෙල් රටේ අලෙවි කිරීමේදී ද කිසිම අවස්ථාවක බිල්පත්වල සටහන් නොවන නිසා බදු අය කර ගැනීමක් සිදු නොවන බවත් පිටකොටුවේ වෙළෙඳුන් කිහිප දෙනෙකු මාර්ගයෙන් එම තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුවන බවත් ඒ මහතා කීය. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට සියයට 18ක බද්ද පනවා ඇතත් ආනයනික තෙල් සඳහා බද්ද ඉවත් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව තෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති නිසා මෙරට පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට අයත් ආයතන සියයට 90ක් වැසී ගොස් ඇති අතර, එහි සේවය කළ ලක්ෂ හතරක පමණ පිරිසකට රැකියා අහිමිවී ගොස් ඇති බවත් ඔහු කීය. බොහෝ ආයතන හිමිකරුවන් බංකොලොත් වී ඇති අතර එම ආයතන මූල්‍ය ආයතනවලට සින්නවීමට නියමිත බවත් ඔහු කීය.
රජයට බදු නොගෙවා වංචා කළ පිරිසගෙන් එම බදු අයකර ගත නොහැකි නම් ඔවුන් සතු දේපළ හෝ පවරාගෙන එම බදු අයකරගන්නා ලෙසත්, එමෙන්ම දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළ යුතු බවත් ඔහු කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා