
මම කළේ විහිළුවක්.. විහිළුවක් තේරුම් ගන්න බැරි අය සිටීම ගැන කණගාටුයි - චන්දන අබේරත්න
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න තමා විමසා සිටියේ රිළා සහ මොනර මස් ආහාරයට ගත යුතුයි යන අදහසින් නොවන බව රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න පැවැසීය.
තමා එවැන්නක් ප්‍රකාශ කළේ විහිළුවට බවත් විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි අයවලුන් සිටීම කනගාටුවට කරුණක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. මෙම රැස්වීම සඳහා ආණ්ඩුකාරවරයා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි ඇතුළු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ ජනත් චිත්‍රාල් ප්‍රනාන්දු සහභාගී වූහ. එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න විමසා සිටියේ සභාවේ සියල්ලන් සිනා සාගරයේ ගිල්වමිනි.
කෙසේ වෙතත් රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඇමැතිවරයාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.
"එයින් රිළා මස් මොනර මස් ආහාරයට ගන්න කියලා අදහස් කළේ නැහැ. විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි අයවලුන් සිටීම කනගාටුවට කරුණක්. රිළා මොනර ප්‍රශ්නයට කඩිනමින් යටි වගාවන් ආරම්භ කරනවා." තවද එහිදී තවමත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඌරු මස් පරිභෝජනයට නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
