
සම්ප්‍රදායට එරෙහිව මහ සමන් දේවාලයට බස්නායක නිලමේවරයක්... දේවාලයෙන් ආණ්ඩුවට විරෝධය
සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතු වලින් අද ඉවත් වුහ.හිටපු බස්නායක නිළමේවරයා ගේ රාජකාරි කාලය අවසන්ව්මෙන් පසු ස්ථිර බස්නායක නිළමේවරයකු පත්කරන තෙක් එස්වි. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පත් කරනු ලැබුවේය.
එම වැඩබලන බස්නායක නිළමේවරයගේ පත්කිරීම දේශපාලන වුවමනාව මත සිදුවුවක් බවත් සබරගමු මහා සමන් දේවාලයේ සම්ප්‍රදායට අනුකුලව සිදු නොවු පත් කිරිමක්බව දේවාලයේ තේවාවන් වලින් ඉවත්වු රාජකාරි මණ්ඩලය පවසයි .
රාජකාරි වලින් ඉවත්වු කපු මහත්වරුන් ඇතුළු පිරිස සමන්දේවාලයේ සිට රත්නපුර පානදුර මාර්ගයේ පිහිටි සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසළට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වුහ.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
