වක්‍රව සහ වංචනිකව සුභාස්කරන් අල්ලිරාජා දේශීය මාධ්‍ය අත්පත් කර ගන්නවා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ලන්ඩන්හි මූලස්ථානය පිහිටි ලයිකා සමූහ ව්‍යාපාරය සහ එහි සභාපති සහ නිර්මාතෘ සුභාස්කරන් අල්ලිරාජා ‘වක්‍රව සහ වංචනිකව දේශීය මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කර ගැනීම් සිදු කරමින්’ මෙරට සිය මෙහෙයුම් ක්‍රියාකාරීව ව්‍යාප්ත කරමින් සිටින බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමක සඳහන් වේ.
අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ ජාමුනි කමන්ත තුෂාර විසිනි.
අදාළ ගනුදෙනු ප්‍රොක්සි හරහා සිදුකර ඇත්තේ මාධ්‍ය ආයතනවල අයිතිය විදේශීය ආයතනවලට තහනම් කරන ශ්‍රී ලංකා රෙගුලාසි මග හැරීම සඳහා බවත් එලෙස ශ්‍රී ලංකා නීති උල්ලංඝනය කිරීම ජාතික ආරක්ෂාවට සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල විය හැකි බරපතළ තර්ජනයක් බවත් පෙත්සමෙහි සඳහන් වේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, සියලුම කැබිනට් සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන සංඛ්‍යාත හිමියන් ඇතුළු සමාගම් දහයක් සහ සමාගම් අධ්‍යක්ෂවරුන් මෙන්ම අල්ලිරාජා සහ ඔහුගේ බිරිඳ ඇතුළුව වගඋත්තරකරුවන් හැටක් පෙත්සමේ නම් කර ඇත.
ලයිකා සමූහ ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව හිමි සහ පාලනය වන හෝ අයත් සමාගම් අටක් එම පෙත්සමේ ලැයිස්තුගත කර ඇත.
එම සමාගම් ශ්‍රී ලංකාවේ එවක ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන බලපත්‍ර සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ලබා දුන් රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන සංඛ්‍යාත බලපත්‍ර දරයි.
“නීතිවිරෝධී, වැරදි, වංචනික සහ ප්‍රොක්සි හරහා, ලයිකා සමූහය දැනට රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා 11ක් පාලනය කරයි” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.
VIS Broadcasting (Pvt) Ltd විසින් මොනරා TV, සිත FM, රෙඩ් FM සහ තමිල් FM විකාශනය කරන අතර GMR Networks (Pvt) Ltd විසින් ආදවන් TV සහ ආදවන් Radio විකාශනය කරයි.
Colombo Communications (Pvt) Ltd හරහා ශ්‍රී FM, රන් FM සහ ඊ FM විකාශනය කරන අතර EAP Broadcasting Company (Pvt) Ltd විසින් ස්වර්ණවාහිනී සහ ETV විකාශනය කරයි.
පුද්ගලයන් කිහිප දෙනෙකු ද පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇත.
ඔවුන් අතර බෙන් හෝල්ඩිංග්ස් හි සමූහ අධ්‍යක්ෂ සහ ලයිකා මොබයිල් එක්සත් රාජධානියේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගෝවින්දසාමි තුරෙයිඅප්පා ජෙයසීලන් සහ නම් කර ඇති සමාගම් කිහිපයක කොටස් හිමියකු වන නිරුතන් රාජසුන්දරම් ඇතුළත් වේ.
ඔවුන් දෙදෙනාම විස්තර කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආරක්‍ෂක නිෂ්කාශන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති පුද්ගලයන් ලෙසය.
එසේ තිබියදීත්, ජෙයසීලන් සහ රාජසුන්දරම් දැන් මාධ්‍ය නාලිකා කිහිපයක් සහ විකාශන බලපත්‍ර පාලනය කරන්නේ ‘වංචනික හා වක්‍ර යෝජනා ක්‍රම හරහා’ බව පෙත්සමෙන් කියාසිටී.
“එම තත්ත්වයන් තුළ, පිදුරුතලාගල සම්ප්‍රේෂණ කුළුණ ඇතුළු රට තුළ ප්‍රධාන සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ඇති මාධ්‍ය නාලිකා සහ විකාශන ආයතන 11කට වැඩි ගණනක් ක්‍රියාත්මක කිරීමට අවසර දීම ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ තර්ජන එල්ල කරයි.” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා