News Category
From Date
To Date
Maximum Number of Result

මියන්මාර සරණාගතයින් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මුජිබර් රහුමාන් ජනාධිපතිට ලියයි

Jan 5, 2025 at 04:53 PM
|

මුලතිව් මුහුදේදී අතරමංව සිට බේරාගන්නා ලද මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් යලි එරටට පිටුවහල් කිරීම මෙරටට කැළලක් වනු ඇති බව සමගි ජන බලවේග කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව කියා සිටී.

එම ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපති තුමනි,

රොහින්ග්ගේ යුද අනාථයන් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ඉල්ලීමයි.

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී ධීවරයන් විසින් දෙසැම්බර් 19 දා බේරාගෙන රජයට බාරදීමෙන් පසු දැන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රොහින්ගන්ත්‍යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අපේ බලවත් කම්පාවට හේතු වෙයි. යුද බියෙන් ජිවත බේරා ගැනීමට පලා යන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් හතලිහකට වැඩි සංඛ්‍යාවක් ඉන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත. ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීමයි. ඔවුන්ගේ නම් ලැයිස්තු ඒ ආණ්ඩුවට ලබාදි ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ. එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව අපේ දැඩි විශ්වාසයයි. එපමණක් නොව ඔවුන් මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මුලධර්මයට ද හරස්ව යාමකි. ඔබතුමාගේ පාලන කාලය තුල මෙරටට ඇතුල් වූ මුල්ම සරණාගත පිරිස ඔවුන් පැමිණි රටේ මාර මුඛයට යැවීමෙන් ලෝකයා හමුවේ රටට අත්වන්නේ කැළලකි.

ජාතිවාදී ගැටුම් වලින් ගලාගිය ලෙසින් තෙත් වූ දේශයක ජනතාව ඒ ඉරණමින් ගලවා නොගෙන දැන දැනම අනතුරේ හෙලීම ජාතිවාදී ගැටුම් වලින් පීඩාවට පත් වූ මේ දේශය සුවපත් කිරීමට පාර්ලිමේන්තුවේ මංගල දේශනයෙන් පොරොන්දු දුන් රාජ්‍ය නායකයා වන ඔබතුමාට තරම් නොවේ. දශක කිහිපයක් යටිබිම්ගත දේශපාලනයක සැඟවෙන්නට බලකෙරුණු පක්ෂයක නායකයා වන ඔබතුමා රාජ්‍ය මර්දනයේ තරම කටුක අත් ත්දැකීමෙන්ම දනී.

එම නිසා, ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින රොහින්ග්‍යාවරුන් පිරිස තමන්ගේ සුරක්ෂිත භාවය සහතික කෙරෙන තවත් රටකට යනතුරු මියන්මාරයට පිටුවහල් නොකර තවදුරටත් අපේ රට තුලම ඔවුන්ගේ සුබ සිද්ධිය සලසා දී, මානව හිමිකම් සුරකින, අසරණයන්ට සරණ වන ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ අසිරිය ලොවට විදහා දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නා මෙන් උදක්ම ඉල්ලා සිටිමි.

ඒ සක්‍රියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන වල පමණක් නොව විපක්ෂයේ සහාය ඔබතුමාට ලැබෙනු ඇති බව අපේ විශ්වාසයයි.

ස්තූතියි

සම්බන්ධිත පුවත් | Related News

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් 2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.
පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මැයි 5 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) අලුයම යළි දිවයිනට පැමිණියා.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.