මියන්මාර සරණාගතයින් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මුජිබර් රහුමාන් ජනාධිපතිට ලියයි
මුලතිව් මුහුදේදී අතරමංව සිට බේරාගන්නා ලද මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් යලි එරටට පිටුවහල් කිරීම මෙරටට කැළලක් වනු ඇති බව සමගි ජන බලවේග කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව කියා සිටී.
එම ලිපිය මෙසේය.
අතිගරු ජනාධිපති තුමනි,
රොහින්ග්ගේ යුද අනාථයන් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ඉල්ලීමයි.
මුලතිව් මුහුදේ අතරමංව සිටියදී ධීවරයන් විසින් දෙසැම්බර් 19 දා බේරාගෙන රජයට බාරදීමෙන් පසු දැන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රොහින්ගන්ත්‍යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අපේ බලවත් කම්පාවට හේතු වෙයි. යුද බියෙන් ජිවත බේරා ගැනීමට පලා යන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් හතලිහකට වැඩි සංඛ්‍යාවක් ඉන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත. ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීමයි. ඔවුන්ගේ නම් ලැයිස්තු ඒ ආණ්ඩුවට ලබාදි ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ. එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව අපේ දැඩි විශ්වාසයයි. එපමණක් නොව ඔවුන් මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මුලධර්මයට ද හරස්ව යාමකි. ඔබතුමාගේ පාලන කාලය තුල මෙරටට ඇතුල් වූ මුල්ම සරණාගත පිරිස ඔවුන් පැමිණි රටේ මාර මුඛයට යැවීමෙන් ලෝකයා හමුවේ රටට අත්වන්නේ කැළලකි.
ජාතිවාදී ගැටුම් වලින් ගලාගිය ලෙසින් තෙත් වූ දේශයක ජනතාව ඒ ඉරණමින් ගලවා නොගෙන දැන දැනම අනතුරේ හෙලීම ජාතිවාදී ගැටුම් වලින් පීඩාවට පත් වූ මේ දේශය සුවපත් කිරීමට පාර්ලිමේන්තුවේ මංගල දේශනයෙන් පොරොන්දු දුන් රාජ්‍ය නායකයා වන ඔබතුමාට තරම් නොවේ. දශක කිහිපයක් යටිබිම්ගත දේශපාලනයක සැඟවෙන්නට බලකෙරුණු පක්ෂයක නායකයා වන ඔබතුමා රාජ්‍ය මර්දනයේ තරම කටුක අත් ත්දැකීමෙන්ම දනී.
එම නිසා, ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින රොහින්ග්‍යාවරුන් පිරිස තමන්ගේ සුරක්ෂිත භාවය සහතික කෙරෙන තවත් රටකට යනතුරු මියන්මාරයට පිටුවහල් නොකර තවදුරටත් අපේ රට තුලම ඔවුන්ගේ සුබ සිද්ධිය සලසා දී, මානව හිමිකම් සුරකින, අසරණයන්ට සරණ වන ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ අසිරිය ලොවට විදහා දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නා මෙන් උදක්ම ඉල්ලා සිටිමි.
ඒ සක්‍රියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන වල පමණක් නොව විපක්ෂයේ සහාය ඔබතුමාට ලැබෙනු ඇති බව අපේ විශ්වාසයයි.
ස්තූතියි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..