News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික කොඩිය රාජ්‍ය උත්සව අවස්ථාවක වැරදියට එසවීම එයට කරන අපහාසයක් මෙන්ම පැහැදිළිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය උල්ලංඝනය කිරීමක්- නීතිඥ සවනි රාජකරුණා

Jan 5, 2025 at 12:29 AM
|

ජාතික ජන බලවේගය ආණ්ඩුව සමස්ත ශ්‍රී ලංකාවම සකලවිද ආකාරයෙන් පිරිසිදු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය ජනවාරි පළමු වැනිදා එම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය වන ගොවි ජන මන්දිරයේදි පැවැත් වුණි. එම උත්සවය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි. එහිදී උත්සවය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අමාත්‍යවරයා සහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ජාතික කොඩිය එසවීම සිදු කරනු ලැබුවේය. කෙසේ වුවද ජාතික කොඩිය එල්ලා තිබුණේ කොඩියේ ඇති සිංහයාගේ වලිගය කොඩි කණුව දෙසට වන්නටය. එය ශ්‍රී ලංකාවේ ජාතික කොඩියට කරනු ලබන අපහාසයක් ලෙසට සමාජය තුළ බරපතල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ. ඒ අනුව ජාතික කොඩිය එසවීම සහ එය පරිහරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාදාමයේ නීතිමය ස්වභාවය සම්බන්ධයෙන් අප නීතිඥ සවනි රාජකරුණා මෙනෙවියගෙන් විමසා සිටියෙමු. එහිදී ඇය දැක්වූ අදහස් පහත පරිදිය...

" 19 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 33 (1) වගන්තියෙහි ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය විය යුතුය යනුවෙන් සඳහන් වූවා. එහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා ඉතා වැදගත් තර්කයක් ඉදිරිපත් කළා. ඒ බව ගරු අධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ සඳහන් කර ඇත්තේ මෙසේය.,

'අපේ ජාතික කොඩියේ ආරම්භය ජාතික කොඩිය සම්බන්ධයෙන් වූ කමිටු වාර්තාවක් මත පදනම් වූවක් බව නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී, කණිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් පෙන්වා දුන්නේ 1979 දී ජාතික කොඩිය භාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර 1981 දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පටිපාටියක් තිබෙන බවයි. එම පටිපාටියට අනුව  අප සෑම කෙනෙකුම ජාතික කොඩිය ගැන වඩාත් ගැඹුරින් සිතිය යුතුයි. අපගේ ජාතික කොඩිය අපගේ නෙත ගැටෙන විට අපගේ උරහිස් ස්වයංක්‍රීයව සෘජු වනු ඇත. අපගේ හදවත් මේ අපේ මව්බිම යන සිතුවිල්ලෙන් පිරී යයි. මේ අනුව, ජාතික කොඩියෙන් ලබා දෙන පණිවිඩය සහ එහි වැදගත්කම පහත පරිදි වේ:-

ජාතික කොඩියට ගරු කරන්න, එය ඔබව දිරිමත් කරනු ඇත. ජාතික කොඩියේ මූලික පණිවිඩය මෙයයි. එය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ළඟා විය යුතු පණිවිඩයක් වන්නේ ජාතික කොඩිය අපගේ මාතෘ භූමියේ, අපගේ නිදහසේ සහ අපගේ ජනතාවගේ එකමුතුකමේ සංකේතයක් වන නිසයි. එලෙසම ජාතික කොඩිය ජාතියේ අනාගතය පිළිබඳ අපගේ බලාපොරොත්තු සහ අභිලාෂයන්හි සංකේතයකි. මේ අනුව ජාතික කොඩිය අපේ ජනතාවගේ එකමුතුකමේ සංකේතය බව නිශ්චිතවම ප්‍රකාශ කර ඇත. ඉහත කරුණු සලකා බැලීමේදී 5 වැනි වගන්තියේ 33 (1) ඡේදය වැරදි බවත් (ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය බවට වන වගන්තිය) ඉවත් කළ යුතු බව අපගේ අදහසයි.' යනුවෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇත.

එලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය වෙන් වන්නේ ජාතික කොඩිය වෙනුවෙන්මය. එම වගන්තියේ, ශ්‍රී ලංකා ජනරජයේ ජාතික කොඩිය දෙවන උපලේඛනයේ දැක්වෙන සිංහ කොඩිය විය යුතුය යනුවෙන් පැහැදිලිවම දක්වා තිබෙනවා.

එලෙසම, ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිවැරදිව ප්‍රදර්ශනය කිරීම සඳහා වන රීතිය "ජාතික කොඩිය භාවිතා කිරීම සඳහා වූ රීති සංග්‍රහය" 1987/02/04 ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලැබුවා. එලෙසම  "ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  ජාතික කොඩිය භාවිතයේ සඳහා සම්පූර්ණ විස්තර විභාගය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය SLS 1: 2020 ලෙස නිවැරදිව ලේඛනගත කර තිබෙනවා. 

එම රීති සංග්‍රහයේ 6(ඈ)  රීතියේ පැහැදිළිවම නියම කර ඇත්තේ ජාතික කොඩිය ඔසවා තැබිය යුත්තේ එහි සිරස්  තීරු දෙක කොඩිගහ දෙසට පිහි⁣ටන පරිද්දෙන්  විය යුතු බවය. එම පිහිටීම රීතින්වල 2 වන රූප සටහනේ පෙන්වා දී තිබේ. ජාතික කොඩිය එසවිය යුතු ආකාරය, එසවිය යුතු අවස්ථා, එහි ප්‍රමාණය යනාදි සියලු කාරණා පනවා ඇති රීතින් වලට අනුව විය යුතුය. මෙම රීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය සමග බලාත්මක විය යුතු බව ඉහත සඳහන්  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව පැහැදිලිය. ජාතික කොඩිය එම රීතින්වලට අනුකූලව පාවිච්චි කිරීමට සෑම පුරවැසියෙක්ම ව්‍යවස්ථාමය වශයෙන් බැඳී සිටියි.

ඒ අනුව ජාතික කොඩියේ සිරස් තීරු දෙක කොඩි ගසට විරුද්ධ දෙසින් පිහිටන පරිදි එසවීම ජාතික කොඩිය එසවීම පිළිබඳ රීති සංග්‍රහය සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (6 වන ව්‍යවස්ථාව) උල්ලංඝනය  කිරීමක් බව නීතිඥවරියක ලෙස අවධාරණය කරනවා."


සම්බන්ධිත පුවත් | Related News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (08) දින අත්අඩංගුවට ගෙන ඇත
පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.
2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

ප්‍රධාන පුවත්

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.