
සහල් අනවශ්‍ය ප්‍රමාණයේ තොග තිබෙන බව අපට සොයාගැනීමට නොහැකි වුණා.... සැගවූ සහල් තොග සොයා නොගෙන නිලධාරීන් හිස් අතින් එයි
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට නිතිපතා කරන ලද විමර්ශනවලදී සහල් මෝල් හිමිකරුවන් සතුව සැඟවුණු තොග ඇති බව සොයාගැනීමට නොහැකි වූ බව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර පවසයි.
වසර ගණනාවකින් පසුව ඉකුත් වසර අවසානය වන විට සහල් මිල සැළකිව යුතු ලෙස ඉහළ යෑම සිදුවිය.
“පසුගිය ඔක්තෝබර් පමණ සිට විවිධ වෙළඳ නාම සහිත සහල් සැපයුම මට මතක පරිදි අඩුවුණා” වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේය.
“ඊට පස්සේ අපේ ඇමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේත් අවධානය යොමුවුණේ තොග සඟවා ගැනීමේ සිද්ධියක් තිබෙනවාද යන්න පිළිබඳවයි. අපි සතිපතා වාර්තා දෙන්න පටන් ගත්තා.”
ඒ අනුව නොවැම්බර් 05 වැනිදා පමණ සිට සහල් තොග පිළිබඳ වාර්තා ලබාදුන් බවත්, මේ වනවිට සෑම සති දෙකකට වරක්ම අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා ලබාදෙන බවත් ඔහු පැවසුවේය.
“මෙම පිරිස් විශාල පරිමාණයේ තොග සඟවා ඇති බවක් අපට හමුවුණේ නැහැ” පාරිභෝගික කටයුතු අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර පැවසීය.
“විවිධ ස්ථානවල තොග සඟවා ඇති බවට වරින් වර අපට පැමිණිලි ලැබෙනවා.”
“සමහර මෝල්වලින් දිනකට සහල් කිලෝ ලක්ෂ 4ත් 5ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඔවුන්ට දින 20ක් හෝ මාසයක් පමණ සහල් නිෂ්පාදනය කිරීමට වී අවශ්‍යයි. ඒ හැර අනවශ්‍ය ප්‍රමාණයේ තොග තිබෙන බව අපට සොයාගැනීමට නොහැකි වුණා.” යනුවෙන් එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මහාපරිමාණ සහල් මෝල් පරික්ෂාවට යෙදවීම නිෂ්ඵල කටයුත්තක් බවත්, අදාළ ව්‍යාපාරිකයන් එම නිලධාරීන්ට වැටුප් ගෙවනු ඇති බවටත් විවධ පාර්ශ්ව පෙන්වාදී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
