සහල් අනවශ්‍ය ප්‍රමාණයේ තොග තිබෙන බව අපට සොයාගැනීමට නොහැකි වුණා.... සැගවූ සහල් තොග සොයා නොගෙන නිලධාරීන් හිස් අතින් එයි
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට නිතිපතා කරන ලද විමර්ශනවලදී සහල් මෝල් හිමිකරුවන් සතුව සැඟවුණු තොග ඇති බව සොයාගැනීමට නොහැකි වූ බව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර පවසයි.
වසර ගණනාවකින් පසුව ඉකුත් වසර අවසානය වන විට සහල් මිල සැළකිව යුතු ලෙස ඉහළ යෑම සිදුවිය.
“පසුගිය ඔක්තෝබර් පමණ සිට විවිධ වෙළඳ නාම සහිත සහල් සැපයුම මට මතක පරිදි අඩුවුණා” වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේය.
“ඊට පස්සේ අපේ ඇමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේත් අවධානය යොමුවුණේ තොග සඟවා ගැනීමේ සිද්ධියක් තිබෙනවාද යන්න පිළිබඳවයි. අපි සතිපතා වාර්තා දෙන්න පටන් ගත්තා.”
ඒ අනුව නොවැම්බර් 05 වැනිදා පමණ සිට සහල් තොග පිළිබඳ වාර්තා ලබාදුන් බවත්, මේ වනවිට සෑම සති දෙකකට වරක්ම අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා ලබාදෙන බවත් ඔහු පැවසුවේය.
“මෙම පිරිස් විශාල පරිමාණයේ තොග සඟවා ඇති බවක් අපට හමුවුණේ නැහැ” පාරිභෝගික කටයුතු අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර පැවසීය.
“විවිධ ස්ථානවල තොග සඟවා ඇති බවට වරින් වර අපට පැමිණිලි ලැබෙනවා.”
“සමහර මෝල්වලින් දිනකට සහල් කිලෝ ලක්ෂ 4ත් 5ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඔවුන්ට දින 20ක් හෝ මාසයක් පමණ සහල් නිෂ්පාදනය කිරීමට වී අවශ්‍යයි. ඒ හැර අනවශ්‍ය ප්‍රමාණයේ තොග තිබෙන බව අපට සොයාගැනීමට නොහැකි වුණා.” යනුවෙන් එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මහාපරිමාණ සහල් මෝල් පරික්ෂාවට යෙදවීම නිෂ්ඵල කටයුත්තක් බවත්, අදාළ ව්‍යාපාරිකයන් එම නිලධාරීන්ට වැටුප් ගෙවනු ඇති බවටත් විවධ පාර්ශ්ව පෙන්වාදී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..