
පුංචි ඡන්දය අප්‍රේල්
පළාත් පාලන ඡන්දය බොහෝ දුරට අප්‍රේල් මාසයේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් මාර්තු මාසයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන හෙයින් එම මාසයේදී ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව නොලැබෙනු ඇතැයි දැනගන්නට ඇත
පළාත් පාලන ආයතන සඳහා අලුතින් නාම යෝජනා කැඳවීමට විධිවිධාන සැලැස්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පළාත් පාලන ආයතන සඳහා මුලින් කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කළේය.
මේ ගැසට් නිවේදනය නිකුත් කර සතියකින් පසු එය පාර්ලිමේන්තුවට (පළමුවර කියවීම) ඉදිරිපත් කළ හැකිවේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට විරෝධය පළ කිරීමට සති දෙකක කාලයක් ලැබෙනු ඇත.
විරෝධතා ඉදිරිපත් නොවුනහොත් සති දෙකක කාලයකින් පසු පනත විවාදයට ගැනීමට හැකිවේ. විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් දීමට තවත් සතියක කාලයක් ලබා ගැනෙනු ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුලින් කැඳවුනාම යෝජනා අහෝසි කිරීම හේතුවෙන් කොමිසමට දැරීමට සිදු වූ පාඩුව රුපියල් කෝටි 72කි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයන් 8,000 ක් පමණ පළාත් පාලන මැතිවරණයේ දී තෝරා පත්කර ගැනීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
