පුංචි ඡන්දය අප්‍රේල්
පළාත් පාලන ඡන්දය බොහෝ දුරට අප්‍රේල් මාසයේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් මාර්තු මාසයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන හෙයින් එම මාසයේදී ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව නොලැබෙනු ඇතැයි දැනගන්නට ඇත
පළාත් පාලන ආයතන සඳහා අලුතින් නාම යෝජනා කැඳවීමට විධිවිධාන සැලැස්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පළාත් පාලන ආයතන සඳහා මුලින් කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කළේය.
මේ ගැසට් නිවේදනය නිකුත් කර සතියකින් පසු එය පාර්ලිමේන්තුවට (පළමුවර කියවීම) ඉදිරිපත් කළ හැකිවේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට විරෝධය පළ කිරීමට සති දෙකක කාලයක් ලැබෙනු ඇත.
විරෝධතා ඉදිරිපත් නොවුනහොත් සති දෙකක කාලයකින් පසු පනත විවාදයට ගැනීමට හැකිවේ. විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් දීමට තවත් සතියක කාලයක් ලබා ගැනෙනු ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුලින් කැඳවුනාම යෝජනා අහෝසි කිරීම හේතුවෙන් කොමිසමට දැරීමට සිදු වූ පාඩුව රුපියල් කෝටි 72කි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයන් 8,000 ක් පමණ පළාත් පාලන මැතිවරණයේ දී තෝරා පත්කර ගැනීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා