ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හෝටලය ඉදිරිපිට සිදු වූ පිපිරීමේ සැකකරු 'යුක්රේන හමුදාවේ සේවය කළ අයෙක්' - ඇසෝසියේටඩ් ප්‍රෙස් පවසයි.
අලුත් අවුරුද්ද උදා වූ දිනයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට් අයත් හෝටලය ඉදිරිපිට Tesla Cybertruck පිපිරීමේ සැකකරු මාස්ටර් සාජන්ට් මැතිව් ඇලන් ලිවෙල්ස්බර්ගර් ලෙස හඳුනාගෙන ඇත. ඔහු, ඇෆ්ගනිස්ථානයේ යුද බිමේ සේවය සඳහා දෙවරක් යොමු කළ අයෙකු වනවා පමණක් නොව යුක්රේනයේ ද සේවය කළ එක්සත් ජනපද විශේෂ බලකායේ ප්‍රවීණ යුද භටයෙකු වූ බව එක්සත් ජනපද හමුදාව උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළේය.
ලාස් වේගාස් හි ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලයෙන් පිටත ජනවාරි පළමුවනදා සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු සුළු තුවාල ලැබුවේය. ක්ලාක් ජනපදයේ ෂෙරිෆ්වරයා වන කෙවින් මැක්මාහිල් පවසන පරිදි ට්‍රක් රථය පුපුරා යාමට පෙර ඔහු විසින්ම කළ වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වූ තුවාලයකින් ලිව්ල්ස්බර්ගර් එම ස්ථානයේදීම මිය ගියේය.
එක්සත් ජනපද හමුදාව ඊයේ(02) තහවුරු කළේ ලිවල්ස්බර්ගර් 2006 දී එක්සත් ජනපද හමුදාවට බඳවා ගත් බවත් 2012 සිට ජර්මනියේ ස්ටුට්ගාර්ට් හි පිහිටි 10 වැනි විශේෂ බලකා හමුදා ඛන්ඩය සමඟ සේවය කර ඇති බවත්ය. ඔහුගේ හමුදා ජීවිත කාලය තුලදී ඇෆ්ගනිස්ථානය, ටජිකිස්තානය, ජෝර්ජියා සහ කොංගෝ රාජ්‍යයේ විවිධ ස්ථානගත කිරීම්වලට ඇතුළත්ව තිබේ. එහිදී ඔහුට ලෝකඩ තාරකා පදක්කම් පහක් ඇතුළුව සම්මාන රාශියක් හිමි කරගෙන තිබේ.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට අනුව, නිශ්චිත කාලවකවානු අපැහැදිලි වුවද, යම් කාලයක ලිවෙල්ස්බර්ගර් "යුක්රේනයේ සේවය කර" ඇති බව එක්සත් ජනපද හමුදාව තහවුරු කර තිබේ.
"එක්සත් ජනපද හමුදා විශේෂ මෙහෙයුම් විධානය ෆෙඩරල් සහ ප්‍රාන්ත නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු කරයි, නමුත් ප්‍රතිපත්තියක් ලෙස, අපි දැනට පවතින පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වන්නේ නැහැ" යනුවෙන් එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කළේය.
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පෙන්වා දුන්නේ ලිවෙල්ස්බර්ගර් විසින් කුලියට ගත් ටෙස්ලා සයිබර් ට්‍රක් රථය ගිනිකෙළි, කඳවුරු බැඳීමේදී භාවිත කරන ඉන්ධන සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය ට්‍රක් රථයේ ඇසුරුම් කර තිබූ බවයි. ට්‍රම්ප් හෝටලයට ආසන්නව පිපිරීම සිදුවීම හැර , දේශපාලන හෝ දෘෂ්ටිවාදාත්මක චේතනාවක් තිබුණේද යන්න පිළිබඳව තීරණාත්මක සාක්ෂි නොමැති බව ෂෙරිෆ් සඳහන් කළේය.
2016 දී ඔහුගේ බිරිඳ විසින් "ෆේස්බුක්" ගිණුමෙහි පළ කරන ලද ඡායාරූපයක, ලිව්ල්ස්බර්ගර් යුක්රේනියානු කබායක් සහ ජාතිකවාදී සටන් පාඨයක් සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිටිනු දක්නට ලැබේ. LinkedIn සමාජ ජාලයේ අදහස් දැක්වීමක දී, ඔහු යුක්රේනයේ රැකියා කිරීම සඳහා කළ යෝජනාවකට ප්‍රතිචාර දැක්වූයේ, "මෙම අවස්ථාව සොයමින් සිටි" "ඉහළම" විශේෂ බලකායේ වෛද්‍ය සැරයන්වරයෙකු තමන් දන්නා බව ප්‍රකාශ කරමිනි.
මෙම සිදුවීම අතරතුර ලිව්ල්ස්බර්ගර් ජර්මනියේ ඔහුගේ රාජකාරී ස්ථානයෙන් නිවාඩු ලබා සිටියේය. ඔහුගේ බිරිඳ විමර්ශකයන්ට පවසා ඇත්තේ මත ගැටුමක් නිසා සිදුවූ ආරවුලක් හේතුවෙන් නිවාඩු කාලය තුළ ඔහු ඔවුන්ගේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් නිවසට නොපැමිණි බවයි.
එක්සත් විශේෂ බලකායේ සෙබලෙකු ලෙස, ලිව්ල්ස්බර්ගර් උතුරු කැරොලිනාවේ ෆෝට් ලිබර්ටි (කලින් ෆෝට් බ්‍රැග් ලෙස හැඳින්වූ) හි ස්ථානගතව ඇත. බදාදා උදෑසන නිව් ඕර්ලියන්ස් හිදි පැවැති උත්සව භූමියකට සහභාගි වූ පුද්ගලයන් යටකරමින් වාහනයක් පදවා පුද්ගලයින් 14 දෙනෙකු මරා දැමූ ෂම්සුඩ්-ඩින් ජබ්බර් ද ෆෝට් ලිබර්ටි හි ස්ථානගත කර සිටි අයෙකු වූ අතර ඔහු ඇෆ්ගනිස්ථානයේ හමුදා සේවය සඳහා යොදවා තිබුණි. ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනන්නේ දැයි මේ වන විට අමෙරිකානු යුද හමුදාව විසින් පරීක්‍ෂණ පවත්වයි.
Cybertruck explosion suspect ‘served in Ukraine’ – AP
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..