ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හෝටලය ඉදිරිපිට සිදු වූ පිපිරීමේ සැකකරු 'යුක්රේන හමුදාවේ සේවය කළ අයෙක්' - ඇසෝසියේටඩ් ප්‍රෙස් පවසයි.
අලුත් අවුරුද්ද උදා වූ දිනයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට් අයත් හෝටලය ඉදිරිපිට Tesla Cybertruck පිපිරීමේ සැකකරු මාස්ටර් සාජන්ට් මැතිව් ඇලන් ලිවෙල්ස්බර්ගර් ලෙස හඳුනාගෙන ඇත. ඔහු, ඇෆ්ගනිස්ථානයේ යුද බිමේ සේවය සඳහා දෙවරක් යොමු කළ අයෙකු වනවා පමණක් නොව යුක්රේනයේ ද සේවය කළ එක්සත් ජනපද විශේෂ බලකායේ ප්‍රවීණ යුද භටයෙකු වූ බව එක්සත් ජනපද හමුදාව උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළේය.
ලාස් වේගාස් හි ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලයෙන් පිටත ජනවාරි පළමුවනදා සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු සුළු තුවාල ලැබුවේය. ක්ලාක් ජනපදයේ ෂෙරිෆ්වරයා වන කෙවින් මැක්මාහිල් පවසන පරිදි ට්‍රක් රථය පුපුරා යාමට පෙර ඔහු විසින්ම කළ වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වූ තුවාලයකින් ලිව්ල්ස්බර්ගර් එම ස්ථානයේදීම මිය ගියේය.
එක්සත් ජනපද හමුදාව ඊයේ(02) තහවුරු කළේ ලිවල්ස්බර්ගර් 2006 දී එක්සත් ජනපද හමුදාවට බඳවා ගත් බවත් 2012 සිට ජර්මනියේ ස්ටුට්ගාර්ට් හි පිහිටි 10 වැනි විශේෂ බලකා හමුදා ඛන්ඩය සමඟ සේවය කර ඇති බවත්ය. ඔහුගේ හමුදා ජීවිත කාලය තුලදී ඇෆ්ගනිස්ථානය, ටජිකිස්තානය, ජෝර්ජියා සහ කොංගෝ රාජ්‍යයේ විවිධ ස්ථානගත කිරීම්වලට ඇතුළත්ව තිබේ. එහිදී ඔහුට ලෝකඩ තාරකා පදක්කම් පහක් ඇතුළුව සම්මාන රාශියක් හිමි කරගෙන තිබේ.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට අනුව, නිශ්චිත කාලවකවානු අපැහැදිලි වුවද, යම් කාලයක ලිවෙල්ස්බර්ගර් "යුක්රේනයේ සේවය කර" ඇති බව එක්සත් ජනපද හමුදාව තහවුරු කර තිබේ.
"එක්සත් ජනපද හමුදා විශේෂ මෙහෙයුම් විධානය ෆෙඩරල් සහ ප්‍රාන්ත නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු කරයි, නමුත් ප්‍රතිපත්තියක් ලෙස, අපි දැනට පවතින පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වන්නේ නැහැ" යනුවෙන් එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කළේය.
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පෙන්වා දුන්නේ ලිවෙල්ස්බර්ගර් විසින් කුලියට ගත් ටෙස්ලා සයිබර් ට්‍රක් රථය ගිනිකෙළි, කඳවුරු බැඳීමේදී භාවිත කරන ඉන්ධන සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය ට්‍රක් රථයේ ඇසුරුම් කර තිබූ බවයි. ට්‍රම්ප් හෝටලයට ආසන්නව පිපිරීම සිදුවීම හැර , දේශපාලන හෝ දෘෂ්ටිවාදාත්මක චේතනාවක් තිබුණේද යන්න පිළිබඳව තීරණාත්මක සාක්ෂි නොමැති බව ෂෙරිෆ් සඳහන් කළේය.
2016 දී ඔහුගේ බිරිඳ විසින් "ෆේස්බුක්" ගිණුමෙහි පළ කරන ලද ඡායාරූපයක, ලිව්ල්ස්බර්ගර් යුක්රේනියානු කබායක් සහ ජාතිකවාදී සටන් පාඨයක් සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිටිනු දක්නට ලැබේ. LinkedIn සමාජ ජාලයේ අදහස් දැක්වීමක දී, ඔහු යුක්රේනයේ රැකියා කිරීම සඳහා කළ යෝජනාවකට ප්‍රතිචාර දැක්වූයේ, "මෙම අවස්ථාව සොයමින් සිටි" "ඉහළම" විශේෂ බලකායේ වෛද්‍ය සැරයන්වරයෙකු තමන් දන්නා බව ප්‍රකාශ කරමිනි.
මෙම සිදුවීම අතරතුර ලිව්ල්ස්බර්ගර් ජර්මනියේ ඔහුගේ රාජකාරී ස්ථානයෙන් නිවාඩු ලබා සිටියේය. ඔහුගේ බිරිඳ විමර්ශකයන්ට පවසා ඇත්තේ මත ගැටුමක් නිසා සිදුවූ ආරවුලක් හේතුවෙන් නිවාඩු කාලය තුළ ඔහු ඔවුන්ගේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් නිවසට නොපැමිණි බවයි.
එක්සත් විශේෂ බලකායේ සෙබලෙකු ලෙස, ලිව්ල්ස්බර්ගර් උතුරු කැරොලිනාවේ ෆෝට් ලිබර්ටි (කලින් ෆෝට් බ්‍රැග් ලෙස හැඳින්වූ) හි ස්ථානගතව ඇත. බදාදා උදෑසන නිව් ඕර්ලියන්ස් හිදි පැවැති උත්සව භූමියකට සහභාගි වූ පුද්ගලයන් යටකරමින් වාහනයක් පදවා පුද්ගලයින් 14 දෙනෙකු මරා දැමූ ෂම්සුඩ්-ඩින් ජබ්බර් ද ෆෝට් ලිබර්ටි හි ස්ථානගත කර සිටි අයෙකු වූ අතර ඔහු ඇෆ්ගනිස්ථානයේ හමුදා සේවය සඳහා යොදවා තිබුණි. ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනන්නේ දැයි මේ වන විට අමෙරිකානු යුද හමුදාව විසින් පරීක්‍ෂණ පවත්වයි.
Cybertruck explosion suspect ‘served in Ukraine’ – AP
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්