
කියුබානු පීඩිත ජනයා වෙත කියුබානු විප්ලවයේ ජයග්‍රාහී අරුනළු රැගෙන විත් වසර 66ක්... ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සුබ පැතුම්
කියුබාවේ ආඥාදායක බැටිස්ටාගේ පාලනය අවසන් කර කියුබානු පීඩිත ජනයා වෙත කියුබානු විප්ලවයේ ජයග්‍රාහී අරුනළු රැගෙන විත් වසර 66ක් සපිරෙන මේ මොහොතේදී ඊට සුබ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකා බොලිවේරියානු සහයෝගිතාවය පවසයි. බොලිවේරියානු සහයෝගිතාවයේ සම්බන්ධිකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව කියුබානු ජනාධිපති මිගුඑල් ඩයස්-කානෙල් මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. කියුබානු විප්ලවය සමස්ත අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයාගේ උරුමයක් බවත් කියුබානු විප්ලවය ආරක්ෂා කිරීමට පෙරට පැමිණෙන සමස්ත අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයා සමඟ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සාමාජිකත්වයද අත්වැල් බැඳ ගන්නා බවයි.
එම ලිපියේ සිංහල පරිවර්ථනය පහතින් බලන්න.
ගරු ජනාධිපති තුමා,
මිගුඑල් ඩයස්-කානෙල් මැතිතුමා,
කියුබානු සමූහාණ්ඩුව,
හවානා,
කියුබාව.
ගරු ජනාධිපති තුමනි,
66 වන කියුබානු නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සුභ පැතුම්
අදින් වසර 72කට පෙර එනම් 1953 වර්ෂයේ ජූලි 26 වන දින
අමෙරිකානු මුව විටේ පිහිටි ලෝකය එතරම් නොදන්නා කියුබාව නම් පුංචි දූපතේ දේශප්‍රේමි
තරුණයන්ට නායකත්වය දෙමින් ෆිදෙල් කස්ත්‍රෝ නැමැති අසාහය විප්ලවවාදියා අසාර්ථක
සන්නද්ධ අරගලයක නිරත විය.
අසාර්ථකවය තුළ වන
සාර්ථක වීමට අවශ්‍ය අත්දැකීම් පෙරදැරි කරගෙන ෆිදෙල් නැවත වතාවක් සන්නද්ධ අරගලයක
නිරත වෙමින් 1959 ජනවාරි 1 දා කියුබාවේ ආඥාදායක බැටිස්ටාගේ පාලනය අවසන් කර
කියුබානු පීඩිත ජනයා වෙත කියුබානු විප්ලවයේ ජයග්‍රාහී අරුනළු රැගෙන ආවේය.
එතැන් පටන් කියුබානු
විප්ලවය ආපසු හැරවීමට අමෙරිකානු අධිරාජ්‍යවාදියා නොගත් උත්සායක් නැති තරම්ය.
අමෙරිකානු අධිරාජ්‍යවාදියාගේ කියුබානු විප්ලවය ආපසු හැරවීමට ගත් විවිධ උත්සාහයන්
අතර අසාහය කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ
ජීවිතය බිලි ගැනීමට 637 වතාවක්
උත්සහා කළේය. ඒ අනුව ලෝක ඉතිහාසයේ
වැඩිම මර උගුල් සංඛ්‍යාවකින් සිය නායකයා බේරාගත් රට බවට කියුබාව පත් වී ඇතැයි
පැවසීම අවිවාදිතය.
කෙසේ වුවද වත්මන්
කියුබානුවෝ මේ වන විට පෙර කෙදිනක හෝ නොවු විරූ අධිරාජ්‍යවාදී පීඩනයකට ලක්ව
සිටින්නාහ. දින ගණනක් සමස්ථ කියුබාව පුරාම විදුලිය නොමැති තත්වයකට පත් කිරීමට
අමෙරිකානු සම්බාධක සමත් වී තිබුණි.
එහෙත් පසුගියදා
කියුබාවේ අගනුවර වන හවානා නුවරට එක් රැස්වූ මිලියන ගණනක කියුබානුවෝ කියුබානු
විප්ලවය අධිරාජ්‍යවාදීන්ගේ කෙනෙහිලිකම් වලින් ආපසු හැරවිය නොහැකි බව ලෝක ජනයා
හමුවේ තහවුරු කළෝය.
වසර 66ක් වයසැති සමාජවාදී කියුබාව සමස්ත කියුබානු වැසියන් එක
සිතින් පිළිගෙන ඇති බව පෙන්වන එම සාක්ෂිය අපගේද ධෛර්ය වඩවන බව අවධාරණය කරමු.
ඒ අනුව ගරු ජනාධිපති තුමනි, කියුබානු විප්ලවය සමස්ත අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයාගේ උරුමයක් බව අපි අවධාරණය කරමු. එලෙසම කියුබානු විප්ලවය ආරක්ෂා කිරීමට පෙරට පැමිණෙන සමස්ත අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයා සමඟ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සාමාජිකත්වයද අත්වැල් බැඳ ගන්නා බව අවධාරණය කරමු.
කියුබානු විප්ලවය දිනේවා.
ස්තුතියි,
ජීවන්ත ජයතිස්ස,
සම්බන්ධීකරණ ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
