
66 වන කියුබානු නිදහස් දිනය වෙනුවෙන් විමල් සුබ පතයි
ලෝකවාසි අධිරාජ්‍ය විරෝධී ජනයා සමඟ එක්ව කියුබානු විප්ලවය ආරක්ෂා කිරීමට නිදහස් පෙරමුණ ද එක් වන බව කියුබානු විප්ලවයේ 66 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුමක් එක් කරමින් විමල් වීරවංශ මහතා පවසයි. ඔහු කියුබානු ජනාධිපති මිගුඑල් ඩයස්-කානෙල් වෙත ලිපියක් යොමුකර මේ බව පවසා ඇත.
එම ලිපියේ සිංහල පරිවර්ථනය පහතින්
ගරු ජනාධිපති තුමා,
මිගුඑල් ඩයස්-කානෙල් මැතිතුමා,
කියුබානු සමූහාණ්ඩුව,
හවානා,
කියුබාව.
ගරු ජනාධිපති තුමනි,
66 වන කියුබානු නිදහස් දිනය වෙනුවෙන් ශුභාශිංසන පිරිනැමීම සඳහායි
1953 වර්ෂයේ ජූලි 26 වන දින සන්තියාගෝ නුවර මොන්කාඩෝ බැරැක්ක වලට එල්ල කළ ප්‍රහාරය අසාර්ථක වුවද එදා කියුබානු විප්ලවවාදීහු එයින් සුවිශාල පන්නරයක් සහ අත්දැකීම් සමුදායක් ලබා ගත්තෝය. එම අත්දැකීම් පෙරදැරි කරගෙන ඔවුහු 1959 ජනවාරි 1 දා කියුබාවේ ආඥාදායක බැටිස්ටාගේ පාලනය අවසන් කර කියුබානු සන්නද්ධ අරගලය ජයග්‍රහණයෙන් අවසන් කළෝය. ඒ අනුව 2025 ජනවාරි පළමු වනදා ලෝක ඉතිහාසයේ අද්විතීය ජයග්‍රාහී සමාජවාදී විප්ලවයක් වන කියුබානු විප්ලවයේ 66 වන සංවත්සරය ලෝක ජනයා අභිමානයෙන් සමරණු ලබන්නෝය.
කියුබානු විප්ලවයේ 66 වන සංවත්සරය අභිමානයෙන් සමරණ සමස්ථ ලෝකවාසි අධිරාජ්‍ය විරෝධී ජනයා සමඟ ජාතික නිදහස් පෙරමුණෙහි දේශපාලන බල මණ්ඩලය ඇතුළු සමස්ත සාමාජිකත්වයම එක්වන බව මහත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමු. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ප්‍රමුඛ චේ ගවේරා සහෝදරයා ඇතුළු කියුබානු සන්නද්ධ අරගලයට තම වටිනා ජීවන කුසුම පරිත්‍යාග කරමින් නායකත්වය දුන් සමස්ත විරෝධාර විප්ලවවාදී සගයන් මුහුණ දුන් දුෂ්කරතාවයන්ට සමාන වූ දුෂ්කරතාවයක් නොනවතින කියුබානු විප්ලවයට නායකත්වය දෙමින් සිටින සෑම සෙබලෙක්ම මුහුණ දෙන බව අපගේ කියවීමයි.
21 වන සියවසයේ දෙවෙනි දශකය ගෙවමින් සිටින සමස්ත ලෝකවාසි ජනතාව නවීන විද්‍යාවේ බොහෝ ජයග්‍රහන සතුටින් භුක්ති විඳිමින් සිටින කාල වකවානුවකි. එලෙසම කියුබානු ජනයා සොයා දුන් නව නිපැයුම් ලෝක ජනයාට භුක්ති විඳීමටද අවස්ථාව ලැබී තිබේ. ඩෙංගු වෛරසය මර්ධනයේදි කියුබාව අනුගමනය කළ විද්‍යාත්මක ක්‍රමවේදය මෙන්ම කෝවිඩ් 19 වෛරසය මර්ධනය කිරීමට කියුබාව නිපදවූ එන්නත, කියුබාව නවීන වෛද්‍ය විද්‍යාවට ලබාදුන් ජයග්‍රහන වන්නේය. එලෙසම ඒවා ලෝක ජනයා භුක්ති විඳින කියුබානු වෛද්‍ය විද්‍යාවේ ජයග්‍රාහි ප්‍රථිඵල බවද අවධාරණය කරමු.
කරුණු එසේ වුවද කියුබානු ජනයාට අමෙරිකානු අධිරාජ්‍යවාදී පාලනයෙන් කෙරෙන සෘනාත්මක බලපෑම් හේතුවෙන් විඳින්නට සිදුවන ගැහැට සුළු පටු නොවේ. පසු ගිය දිනවල දින ගණනක් විදුලි බලය නොමැතිව සමස්ත කියුබාවම අඳුරේ ගිලී ගියේ අමෙරිකානු සම්බාධක වල බලපෑම මතය. එසේ වුවද කියුබානු ජනයා අපහසුතාවයට ලක් කර කියුබානු විප්ලවය ආපසු හැරවිය නොහැකි බව අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට කියුබානු ජනයා පෙන්වා දුන්නේ මිලියන ගණනක ජනතාවක් කියුබාවේ හවානා නුවරට එක් රැස්වී එක හඬින් කියුබානු විප්ලවය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දීම මගිනි.
කියුබානු ජනයාගේ දේශප්‍රේමී මැදිහත්වීම කියුබාවෙන් සැතපුම් දස් ගණනක් ඈතින් පිහිටි ශ්‍රී ලංකාවේ අපට විශාල උතේජනයක් සපයන බව අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. අවසාන වශයෙන් කියුබානු විප්ලවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙළ ගැසෙන සමස්ත ලෝකවාසී ජනයා සමඟ ජාතික නිදහස් පෙරමුණේ අපිද අත් වැල් බැඳ ගන්නා බව ශපථ කරමු.
කියුබානු විප්ලවය දිනේවා.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
සභාපති,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
