
අඩු මිල බෝතලේට වෛද්‍ය සංගමයේ විරෝධය
සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි යැයිද මත්පැන් කර්මාන්තයටම පමණක් යහපතක් සිදුවන එම ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කර ඇත.
නීත්‍යනුකූල මත්පැන් මිල අඩු කිරීම හරහා නීති විරෝධී මත්පැන් ජාවාරමට වැට බැඳිය නොහැකි යැයිද මිල අඩු වූ විට තරුණ පිරිස් සහ සමාජ ආර්ථික වශයෙන් දැඩි බලපෑමට ලක්වූ කණ්ඩායම් අතර මත්පැන් පරිභෝජනය ඉහළ යන බව සුරාබදු දෙපාර්තමේන්තුව නොදැන සිටීම කණගාටුවට කරුණක් යැයිද පවසමින් එම සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ හා දුම්කොළ, මද්‍යසාර සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ අස්සනින් මෙම ලිපිය යොමුකර තිබේ.
නීති විරෝධී මද්‍යසාර භාවිතය රට පුරා බහුලව සිදුවන බවට මත්පැන් කර්මාන්තකරුවන් කරන ප්‍රකාශ සමඟ සුරාබදු දෙපාර්තමේන්තුව එකඟ වීම විස්මය දනවන්නක් යැයි පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සැබැවින්ම නීත්‍යනුකූල මද්‍යසාර නිෂ්පාදන භාවිතයට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් භාවිතය ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඉතා අඩු මට්ටමක යැයි අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය සහ අනෙකුත් අධ්‍යයන මඟින් මේ බව පැහැදිලිව අනාවරණය කොට ඇතැයිද ඊට අභියෝග කළ හැකි ස්වාධීන අධ්‍යයනයක් තිබේ නම් ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද එම ලිපියේ සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
