5 ශිෂ්‍යත්වයේ අර්බුදයට අද දුන් විසදුම
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා අද (1) පස්වරුවේ මේ බව පවසා සිටියේය.
ඉකුත් සැප්තැම්බර් මස 15 වනදින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ඊයේ (31) ප්‍රකාශයට පත් කළේය.
එම තීන්දුව ප්‍රකාරව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ තුනක් ලබා දුන්නේය.
එනම්,
1 පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේදී මතභේදාත්මක ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් සිදු කිරීම.
2 අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම.
3 I ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම
මෙම නිර්දේශ අතරින් සුදුසුම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කර තිබුණි.
ඒ අනුව මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ලබාදිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම ලෙස අංක 2හි සඳහන් පරිදි අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණයත් සමග ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවද කොමසාරිස් ජනරාල්වරයා වරයා සිය නිවේදනයෙන් දන්වා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි