
‘රුපියල් 6000 දීමනාව ලබා දීමේ තීරකයා විදුහල්පති’ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි
රුපියල් 6,000ක දීමනාව ලබා දීමේදී දරුවන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බව ත් තම පාසලේ සිටින මෙම සහනය ලැබිය යුතු දරුවන් පිළිබඳව සොයා බලා ලේඛන සකස් කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව ත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 31) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
මව හෝ පියා අහිමි දරුවන්, ළමා නිවාසවල දරුවන්, ආර්ථික අර්බුද නිසා මව්පියන්ගේ රැකියා අහිමි වූ දරුවන් වගේ ම මෙම සහනය ලැබීය යුතු යැයි විදුහල්පතිවරුන්ට හැඟෙන දරුවන්ගේ නම් ඊට ඇතුළත් කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, පාසල් සිසුන්ට රුපියල් 6000 දීමනාව ලබා දෙන ආකාරය පිළිබඳව ජනතාවට වැටහීමක් නොමැති යැයි මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමේදීය.
එහිදී ඇති වූ සංවාදය මෙසේය.
ප්‍රශ්න : පාසල් සිසුන්ට රුපියල් 6000 දීමනාව දෙන ආකාරය ගැන ජනතාවට වැඩි වැටහීමක් නෑ. නිසියාකාරව සන්නිවේදනය වෙලා නෑ?
අමාත්‍යවරයා : “ප්‍රධාන කාණ්ඩ දෙකක දරුවන්ට මේ සහනය ලැබෙනවා. දැනටමත් අස්වැසුම ප්‍රතිලාභී දරුවන් සිටිනවා. ඒක පැහැදිලියිනේ. නමුත් අස්වැසුම පවුල්වල දරුවෝ පමණක් නෙවෙයි මේ ප්‍රශ්නයට මුහුණ පා තිබෙන්නේ. ඒ නිසා තමන්ගේ පාසලේ ඉන්න සහනය ලැබිය යුතු දරුවන්ගේ ලේඛන හදන්න විදුහල්පතිවරුන්ට කිව්වා. මව හෝ පියා අහිමි දරුවන්, ළමා නිවාසවල දරුවන්, ආර්ථික අර්බුද නිසා මව්පිය රැකියා අහිමි වූ දරුවන් වගේ ම විදුහල්පතිවරුන්ට දැනෙනවා නම් මේ සහනය යම් දරුවෙකුට ලැබිය යුතුයි කියල ඊට ඔවුන්ගේ නම් ඇතුළත් කළ හැකියි.”
ප්‍රශ්න : ලබා දෙන්නේ වවුචරයක්ද? නැත්තන් ගිණුමට මුදල් ද?
අමාත්‍යවරයා : “මුදල් අමාත්‍යාංශය කියාවි. දරුවාට පොත පත ගැනීම සඳහා ම ක්‍රමවේදයක් හදන්න උත්සාහ කරනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
