
මහින්ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා - සාගර කාරියවසම්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතම මෙසේද පැවැසුවේය
‘රට බේරගත් නායකයාට අනතුරක් වෙනවට අපි එකඟ නැහැ. ඒ නිසා අපි එතුමාව ආරක්ෂා කරනවා. ආරක්ෂාව කියන එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එල්.ටි.ටි.ඊ සංවිධානය අදටත් ක්‍රියාත්මකයි. මේ රටේ පොලිසිය භාර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පහුගිය ගුණසමරුවේදී එල්.ටී.ටී.ඊ. ලක්ෂණ පළ කළා කියලා. ඒ මහා විරු සැමරුම් 10ක. මෙවැනි තත්ත්වයක් යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අඳුරු සෙවණැලි තවමත් මේ භූමියෙන් නැතිවෙලා නැහැ.
ඒ නිසා මේ තර්ජනය තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. එක නැති කළ නායකයාට මිසක්, එල්.ටී.ටී.ඊ එකට උදව් කළ නායකයන්ට නොවේ.
පක්ෂයක් විදිහට අපි ඉතාමත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීපු වසරක් මේ. මේ වසරටත් වැඩිය 2022 අපිට ඉතාම අමිහිරි වසරක් වුණේ. හැබැයි 2024 වසර ලංකාව ඉතිහාසයේ රටේ ජනතාව වැඩියෙන්ම රැවටුණු වසර හැටියට ඉතිහාසගත වේවී. මේ ජනතාව මුළා කරලා බොරු කියලා ලබා ගත්ත බලයක්. මේ බලය රැකගන්න කොයි පුද්ගලයා පැමිණියත් බැහැ.
ස්වභාව ධර්මයේ නීතියක් කියලා එකක් තිබෙනවා. ස්වභාව ධර්මයේ නීතිය තුළ බොරුවට රජ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි දැක්කා යහපාලන ආණ්ඩුවටත් මේ දේ වෙනවා. ඒ වගේම මේ දේ ඊටත් කලින් මේ ආණ්ඩුවට වෙන බව දැන් පේන්න තිබෙනවා’’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
