මහින්ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා - සාගර කාරියවසම්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතම මෙසේද පැවැසුවේය
‘රට බේරගත් නායකයාට අනතුරක් වෙනවට අපි එකඟ නැහැ. ඒ නිසා අපි එතුමාව ආරක්ෂා කරනවා. ආරක්ෂාව කියන එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එල්.ටි.ටි.ඊ සංවිධානය අදටත් ක්‍රියාත්මකයි. මේ රටේ පොලිසිය භාර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පහුගිය ගුණසමරුවේදී එල්.ටී.ටී.ඊ. ලක්ෂණ පළ කළා කියලා. ඒ මහා විරු සැමරුම් 10ක. මෙවැනි තත්ත්වයක් යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අඳුරු සෙවණැලි තවමත් මේ භූමියෙන් නැතිවෙලා නැහැ.
ඒ නිසා මේ තර්ජනය තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. එක නැති කළ නායකයාට මිසක්, එල්.ටී.ටී.ඊ එකට උදව් කළ නායකයන්ට නොවේ.
පක්ෂයක් විදිහට අපි ඉතාමත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීපු වසරක් මේ. මේ වසරටත් වැඩිය 2022 අපිට ඉතාම අමිහිරි වසරක් වුණේ. හැබැයි 2024 වසර ලංකාව ඉතිහාසයේ රටේ ජනතාව වැඩියෙන්ම රැවටුණු වසර හැටියට ඉතිහාසගත වේවී. මේ ජනතාව මුළා කරලා බොරු කියලා ලබා ගත්ත බලයක්. මේ බලය රැකගන්න කොයි පුද්ගලයා පැමිණියත් බැහැ.
ස්වභාව ධර්මයේ නීතියක් කියලා එකක් තිබෙනවා. ස්වභාව ධර්මයේ නීතිය තුළ බොරුවට රජ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි දැක්කා යහපාලන ආණ්ඩුවටත් මේ දේ වෙනවා. ඒ වගේම මේ දේ ඊටත් කලින් මේ ආණ්ඩුවට වෙන බව දැන් පේන්න තිබෙනවා’’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..