
සජබ දෙදරයි.. ඉමිතියාස්ගෙන් සජිත්ට කොන්දේසි 12ක රතු නිවේදනයක්.!
සමගි ජන බලවේගයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා එම පක්ෂයේ නායකයා සහ මහ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ, නායකයන් නිර්මාණය කිරීමේදී පැරෂුට්කරුවන්ටත් ප්‍රචාරණයේදී කොන්ත්‍රාත්කරුවන්ටත් අවස්ථා නොදී නායකත්වය හා බිම් මට්ටම අතර නිවැරැදි සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරනා ලෙසයි.
නිර්දේශ 12ක් සහිතව එම ලිපියෙන් බාකිර් මහතා අවධාරණය කර ඇත්තේ, පක්ෂය දරන්නා වූ මතවාදය ගැන එක ස්ථාවරයකට පැමිණ කණ්ඩායමක් ලෙස, ඉහළ සිට පහළ දක්වා ක්‍රියාකාරිකයන් එක හඩකින් කතා කිරීමට පෙළගස්වා ගනිමින් එම ප්‍රතිසංවිධානය කළ යුතු බවයි.
බාකීර් මාකාර් මහතා යොමුකළ එම ලිපියේ අඩංගු නිර්දේශ 12 මෙසේය.
- පක්ෂය දරන්නාවූ මතවාදය ගැන එක ස්ථාවරයකට පැමිණ කණ්ඩායමක් ලෙස ඉහළ සිට පහළ දක්වා ක්‍රියාකාරිකයන්, එක හඬකින් කතා කිරීමට පෙළගස්වා ගැන්ම. එවිටයි ඒ මතවාදය සාර්ථක ලෙසින් සමාජගත කළ හැකි වන්නේ.
- පක්ෂයක් ලෙස හැසිරීම මෙන්ම ඒ අනුව තීරණ තීන්දු ගැනීමේ අවශ්‍යතාව.
- හැකිතාක් දුරට පක්ෂයේ වගකීම් පැවරීමේදී සාමාජික එකඟතාව ලබා ගැන්ම සහ ප්‍රාථමික ඡන්ද පැවැත්වීම වැනි කරුණු තුළින් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය තුළ තහවුරු කිරීම.
- ශිෂ්‍ය හා තරුණ සංවිධාන තුළින්, ජාතික සංවිධානවලට ආ හැකි අයුරින්, ස්වභාවික නායකයන්ට මඟ පාදා දෙන ක්‍රමවේදයක් හා බලාපොරොත්තු ඇති කරන වැඩපිළිවෙළක් සකස් කිරීම. (පැරෂුට් වලින් එන අයට නොරැවැටීම සඳහා)
- පාර්ලිමේන්තු මන්ත්‍රි හමුවීම්, පක්ෂ සංවිධායක හමුවීම්, කළමනාකරණ කමිටු රැස්වීම්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් විධිමත් ලෙස, නිසි කාලවකවානුව තුළ පැවැත්වීම. (විධායක සභාව හා පක්ෂ සමුළුවද ඇතුළුව)
- දිස්ත්‍රික් සභාපති සහ දිස්ත්‍රික් සංවිධාන සඳහා නිශ්චිත වගකීම් සහ කාර්යභාරයන් පැවැරීම මෙන්ම ඒවා පිළිබඳව ඔවුන් සමඟ තෛ්‍රමාසික සමාලෝචනයන් පැවැත්වීම.
- නායකතුමන් සහ ප්‍රධාන නිලධාරීන් සමඟ පක්ෂයේ විවිධ අංශ භාර ප්‍රධාන නිලධාරීන් මෙන්ම, තරුණ, කාන්තා, ශිෂ්‍ය, වෘත්තීය සමිති ඇතුළු අනුබද්ධ සංවිධානවල වගකීම් භාර ප්‍රධානීන් ද ඒ කටයුතු ගැන නිශ්චිත කාලසටහනකට අනුව ප්‍රගති සමාලෝචන සාකච්ඡාවන් නොවරදවා පැවැත්වීම.
- සමාජ ජාලා වගකීම සහ පක්ෂය වෙනුවෙන් වෙනම ඒකකයක් නිර්මාණය කිරීම. ඡන්දයට පමණක් සීමාවූ මෙහෙයුම් සඳහා කොන්ත්‍රාත් ලබාදීම වෙනුවට, පක්ෂයේ වෙනම ඒකකයක් මේ සඳහා නිර්මාණය කරගැන්ම තුළින් ඒ හා බැඳුණු ක්‍රියාකාරිකයන්ගේ දම්වැලක් මඟින් විධිමත් සන්නිවේදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව.
- පක්ෂ මතවාදය මෙන්ම කාලීන කරුණු ගැන පක්ෂයේ පණිවුඩයන්, ක්‍රියාකාරිකයන්ට සහ මහජනතාවට යන අයුරින් මෙය සකස් කර ගැන්ම.
- වසර දෙක තුනකින් ප්‍රධාන මැතිවරණයක් එන විට ඒ සඳහා අලුතින් එක්වන තරුණ ඡන්දදායකයන් ඉලක්ක කරගෙන (වයස 15,16,17 පරපුර), දේශපාලන අවබෝධය ලබාදෙන වැඩපිළිවෙළක් (රන්ජන් විජේරත්න ඇකඩමිය මෙන්) මෙන්ම සංවාදාත්මක සන්නිවේදන වැඩපිළිවෙළකට හැකි ඉක්මනින් පියවර ගැන්ම.
- පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද සඳහා අපේක්ෂක තේරීම උදෙසා නිර්ණායක තීරණය කිරීම. මෙහිදී වෘත්තීමය සුදුසුකම් ඇති අයවලුන්, සමාජ ක්‍රියාකාරීන්, ප්‍රජා සංවිධානවල මූලිකයන්, සම්බන්ධ කරගැන්ම මෙන්ම අවම වශයෙන් සියයට 25 බැගින් හෝ තරුණ සහ කාන්තා නියෝජනත්වය ලබාදිය හැකි අයුරින් පක්ෂය සූදානම් කරගැන්ම. (මෙයට ඉහත ඡන්දවලදී අසාර්ථක වී ඇති අපේක්ෂකයන් නැවැත ඉදිරිපත් කිරීමේ කරුණ මතු වුවහොත්, එය සියයට 35ක ප්‍රතිශතයකට වැනි ලෙසින්, ඒ සංඛ්‍යාව සීමා තැබීම.)
- පක්ෂයේ ආසන භාර සංවිධායකවරුන්ට සහ ප්‍රාදේශීය මහජන නියෝජිතයන්ට පක්ෂ නායකතුමන් සහ ප්‍රධාන නිලධාරීන්ව හමුවීම සඳහා නිශ්චිත කාල අවකාශයක් ලබාදීම.”
බාකිරී මහතාගේ මෙම ලිපියේ පිටපත් සජබ පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක වෙතද යොමු කිරීමට හෙතෙම කටයුතු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
