වසන්තයි, මහින්දයි ව්‍යාජ ඔප්පුවක් භාවිතයෙන් ගොඩනැඟිල්ලක් බදු දීම සම්බන්ධව- උසාවිය සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි
ජාතික කම්කරු ආයතනයේ වෘත්තීය සමිතියට අයත් දෙහිවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක් බදු දීමට වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට (FIB) නියෝග කර තිබේ.
වර්තමාන කම්කරු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට එම දේපළ වංචනික ලෙස බදු දී ඇති බවට ඇමැති සමරසිංහට චෝදනා එල්ල වේ.
විමර්ශනය නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස වංචා විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීමට කිසල් සේනානායක සමඟ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් කළ විරෝධතා සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
අදාළ දේපළ දෙහිවල ප්‍රදේශයේ පිහිටා ඇති බවත් එය ව්‍යාජ ඔප්පුවක් යොදා රුපියල් ලක්ෂ 36කට බදු දී ඇති බවත් ගුණරත්න අවධාරණය කළේය.
වංචා විමර්ශන කාර්යාංශය තර්ක කළේ දේපළ අයිතිය සම්බන්ධයෙන් පැහැදිලිකමක් නොමැති බවත් මේ සඳහා වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත්ය.
ජාතික කම්කරු ආයතනයේ නිලධාරී මණ්ඩලය වරින් වර වෙනස් වී ඇති බවත් මේ නිසා විමර්ශනය නීතිපතිවරයා වෙත යොමු කළ යුතු බවත් එහි සඳහන් විය.
කෙසේවෙතත්, විමර්ශනය අවසන් වීමට පෙර නීතිපතිවරයා වෙත යොමු කිරීමට කිසිදු පියවරක් ගැනීමට එරෙහිව තර්ක කළ ගුණරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවෙන් සිද්ධියට සම්බන්ධ අය සනාථ වන බවයි.
ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කරන ලෙසයි.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් පෙබරවාරි 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..