
වසන්තයි, මහින්දයි ව්‍යාජ ඔප්පුවක් භාවිතයෙන් ගොඩනැඟිල්ලක් බදු දීම සම්බන්ධව- උසාවිය සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි
ජාතික කම්කරු ආයතනයේ වෘත්තීය සමිතියට අයත් දෙහිවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක් බදු දීමට වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට (FIB) නියෝග කර තිබේ.
වර්තමාන කම්කරු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට එම දේපළ වංචනික ලෙස බදු දී ඇති බවට ඇමැති සමරසිංහට චෝදනා එල්ල වේ.
විමර්ශනය නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස වංචා විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීමට කිසල් සේනානායක සමඟ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් කළ විරෝධතා සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
අදාළ දේපළ දෙහිවල ප්‍රදේශයේ පිහිටා ඇති බවත් එය ව්‍යාජ ඔප්පුවක් යොදා රුපියල් ලක්ෂ 36කට බදු දී ඇති බවත් ගුණරත්න අවධාරණය කළේය.
වංචා විමර්ශන කාර්යාංශය තර්ක කළේ දේපළ අයිතිය සම්බන්ධයෙන් පැහැදිලිකමක් නොමැති බවත් මේ සඳහා වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත්ය.
ජාතික කම්කරු ආයතනයේ නිලධාරී මණ්ඩලය වරින් වර වෙනස් වී ඇති බවත් මේ නිසා විමර්ශනය නීතිපතිවරයා වෙත යොමු කළ යුතු බවත් එහි සඳහන් විය.
කෙසේවෙතත්, විමර්ශනය අවසන් වීමට පෙර නීතිපතිවරයා වෙත යොමු කිරීමට කිසිදු පියවරක් ගැනීමට එරෙහිව තර්ක කළ ගුණරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවෙන් සිද්ධියට සම්බන්ධ අය සනාථ වන බවයි.
ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කරන ලෙසයි.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් පෙබරවාරි 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
