ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න ජනතාවට මෙන්ම ආයෝජකයන්ට ද කිසිදූ අවබෝධයක් නැහැ... කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිදූ අවබෝධයක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.
ඊයේ ( 27) “අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව පවසා සඳහන් කළේය.
ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ, එදිනෙදා ආර්ථිකයේ පැනනඟින ගැටළු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබාදීමේ ක්‍රියාවලියක් පමණක් වත්මන් ආණ්ඩුව හරහා දැනට දක්නට ලැබෙන බවයි.
“අපි දකින්නේ නැහැ ඇත්තටම මොකක්ද රජයේ ආර්ථික වැඩපිළිවෙල කියන කාරණාව. අපි දකින්නේ නැහැ ඊට අඳාලව කටයුතු කෙරෙනවා. දැනට අපි දකින්නේ මූලික වශයෙන්ම අර එදිනෙදා තියන ආර්ථිකයේ පැනනඟින ගැටළු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබා දීමේ ක්‍රියාවලියක්. මොක ද ආර්ථිකය ඉදිරියට අරගෙන යෑම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට යන බවක් පේන්නත් නැහැ. ඉතින් මේ තුළ මම හිතන්නේ මම කල්පනා කරන ආකාරයට අපි ප්‍රමාදයි. ”
“ඒ කියන්නේ දැන් රජයේ ආර්ථික දර්ශනය පිළිබඳව අපිට පැහැදිළි චිත්‍රයක් නැහැ.”
“අපිට විතරක් නෙවෙයි මම හිතන්නේ ආයෝජකයන්ටත් චිත්‍රයක් නැහැ පැහැදිළිව.ඒකට ප්‍රධානම හේතුව තමයි. දැන් මෙහෙමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේක සඳහන් කරා. ඇත්තටම ඔවුන් පවත්තවපු මාධ්‍ය සාකච්ඡාවෙදි ඔවුන් පැහැදිලිව කිව්ව දෙයක් තමයි ආර්ථික ස්ථායීකරණය කියන කොටස දැන් නිමා වෙමින් පවතින්නේ. නැත්තන් දැන් ඒක නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් මෙතන ඉදලා ඔවුන් කිව්වේ අපි අවධානය යොමු කරන්න ඕන ආර්ථික වර්ධනය පැත්තට. එතකොට ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමට අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යායුතු වෙනවා. පසුගිය රජය අර ආර්ථික ස්ථායීකරණයට අමතරව ආර්ථික වර්ධනයට අවශ්‍ය වන්නා වූ ඒ ප්‍රතිසංස්කරණත් ඉදිරියට ගෙන එමින් පැවතියා නමුත් මේ රජය අපි දක්න්නේ නැහැ තවම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා