
එදා අපි පාරේ කරපු අරගලය අද කරන්න වෙලා තියෙන්නේ රජයේ නිලධාරීන් එක්ක - අමාත්‍ය හදුන්නෙත්ති
ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස කළ අරගලය දැන් රජයේ නිලධාරීන්ට ඒරෙහිව සිදු කිරීමට සිදුව ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
‘ශිල්පාභිමානී’ ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් නිලධාරීන් ආණ්ඩුවේ ජනවරම නොතේරෙන බවත් තවමත් තම පැරණි තීන්දු, ගිවිසුම්, කැබිනට් තීරණ සහ ගැසට් නිවේදන මත රැඳී සිටින බවත්ය.
“අපි බලයට පත්වෙන්න කලින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, නාස්තියට, මංකොල්ලකෑමට, වංචාවට, දූෂණයට විරුද්ධව, ආණ්ඩුවේ වැරදි වැඩ විවේචනය කරන්න පාරට බැහැලා අරගල කළා.දැන් අපිට අරගල කරන්න වෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් එක්ක. ඔවුන් ජනතාවට එරෙහිව ක්‍රියාකරමින්, ඔවුන්ට සහන නොදී, ඔවුන්ගේ අයිතිවාසිකම් කඩකරමින් හිටපු රජයන්ගේ ප්‍රතිපත්තිවලට අනුව දැන් පැරණි ක්‍රියාදාමයන් වලින් ඉවත් කිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා ජනවරම ඔවුන් පසුගිය ආණ්ඩු සමයේ අනුගමනය කළ ප්‍රතිපත්තිවලට එරෙහිව ජනාධිපති අනුර කුමාරට ජනවරමක් ලබාදුන් බව තේරුම් ගැනීමට අපහසු බව ඔහු පැවසීය.
මෙම තත්ත්වය නිලධාරීන්ට ඒත්තු ගැන්වීමට ද අපහසු බව පැවසූ අමාත්‍යවරයා, නිලධාරීන් තවමත් ඔවුන්ගේ පැරණි තීරණ, ගිවිසුම්, කැබිනට් තීරණ සහ ගැසට් නිවේදන මත රැඳී සිටින බවද පැවසීය.
“ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට නොව විදේශ බලවේග, ආනයනකරුවන් සහ බහු ජාතික සමාගම් ශක්තිමත් කිරීමට පමණක් ඔවුන් තීරණ ගන්නා බවද ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
