දොට්ට දැමූ සේවකයින් 62ක් අලුත් ඇමැති වැඩට ගනී (වීඩියෝ)
පසුගිය ආණ්ඩුව සමයේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවලට සහභාගිවීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංවිම සේවකයන් 62 දෙනකු වන්දි සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.
ලංවිම පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කරන ලදැයි කියන ප්‍රයත්නයන්ට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ ලංවිම වෘත්තීය සමිති විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයකින් පසුව මෙම සේවකයන්ගේ වැඩ තහනම් කරන ලදී.
විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර තිබියදී, පාරිභෝගකයන්ට බාධා සිදුවන ආකාරයට විරෝධතාවයේ යෙදී රාජකාරිවලින් වැළකී සිටි සේවකයන්ගේ වැඩ තහනම් කරන ලෙස එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නව පරිපාලනය යටතේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් මෙම අත්හිටුවීම් ආපසු හැරවීම, වරප්‍රසාද යළි ලබාදීම සහ විනය මාරුවීම් අවලංගු කිරීම් සිදුකර ඇත.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ඇතුළු ලංවිම නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් රැසක්ද සහභාගී වූ උත්සවයකදී යළි සේවයේ පිහිටුවන ලද සේවකයන්ගෙන් සිව්දෙනෙක් ඊයේ (24) දින අමාත්‍ය ජයකොඩි අතින් සිය ලිපි ලබාගත්හ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)