සතුටුදායක සමාජයක් කරා මෙහෙයවීමට සැවොම අත්වැල් බැඳගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණයයි
ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කරගනිමු යැයි නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
‘ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදාගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිදු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරාගත්තේද, දේවදූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන ආවේද එහෙයිනි. එහෙයින්, නත්තලේ යටි අරුත වනුයේ වාද බේද දුරලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමගියෙන් හා සාමයෙන් කටයුතු කිරීමයි. සාමයේ පණිවිඩය රැගෙන ආ නත්තල අප සමරනුයේ නත්තලේ සැබෑ අරුත වන සාමය විද්‍යමාන වන පසුබිමක සිට වීම මෙහිලා සඳහන් කරනුයේ මහත් ප්‍රීතියෙනි.
සියලු ජන කොටස් එකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමුහික වගකීමක් සේ සලකා දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු වූ අවස්ථාවකට අප එළැඹ ඇත්තෙමු. සාමයේ හා සමගියේ යදමින් බැඳි දේශයට උදාවන නව අරුණැල්ලක පහස විඳිමින් සිටින්නෙමු. එම ප්‍රදීප්තය ජේසුස් වහන්සේ අප වෙත රැගෙන ආ ප්‍රේමයේ ඇරුණැල්ලමය. භේදයේ අඳුර දුරලා සාමය රජයන සහෘදයන්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව අපි අත්දකිමු. මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් විය. එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟපෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස අප කැපවී සිටින්නෙමු.
වර්තමානයේ ශ්‍රී ලංකාවට අවැසි සමාජ පරිවර්තනය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසින් අවුරුදු 76කට පසුව සිදුවීමට නියමිත ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි. පුනරුදයකි. එම ජාතික පුනරුදය වෙනුවෙන් ඉමහත් කැපවීමකින්, ඉවසීමකින්, සංයමයකින්, අප්‍රතිහත ධෛර්යෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටින අප රජය වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩවීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්” උදා කර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැපවන බව මෙම උතුම් නත්තලේදී මම යළි අවධාරණය කරමි.
ආත්මාර්ථකාමී හා අහිතකර තරගයට සමාජ පද්ධතිය විසින් බල කරනු ලැබ ඇතත්, නත්තලේදී ප්‍රකට කරන මානව ගුණාංග සිත් තුළ වර්ධනය කරගනිමින්, සමානාත්මතාව ගරු කරමින්, අනෙකා පිළිබඳ හැඟීමෙන්, සහෝදරත්වය, සහජීවනය අගයමින්, ඒ සමාජ පද්ධතිය, යහපත් හා සතුටුදායක සමාජයක් කරා මෙහෙයවීමට සැවොම අත්වැල් බැඳගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණයයි. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු,යහපත් හා සතුටුදායක සමාජයක් කරා මෙහෙයවීමට සැවොම අත්වැල් බැඳගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණයයි. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කර ගනිමු.
ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා’යි ! ප්‍රාර්ථනා කරමි.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)