
ජෙරම් ප්‍රනාන්දු නැවත බුදු දහමට අපහාස කරලා... සංවිධාන රැසකින් මහානායක හිමියන්ට පැමිණිලි
ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබේ.
එහි නා හිමිවරුන් අද (24) මෙම අදහස් පළ කළේ දේවගැති ජෙරම්ගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් පැමිණ මල්වතු හා අස්ගිරි මහාවිහාර දැනුම්වත් කළ අවස්ථාවේදීය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා පවත්වන කිසියම් ආගමික වැඩසටහනක චීවරයකින් සැරසුණු පුද්ගලයෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත පසුගිය දිනවල මුදාහැර තිබුණි.
එවැනි සිදුවීම් හෙළා දකිමින් කාදිනල් හිමිපාණන්ද ඊයේ (23) ප්‍රකාශයක් සිදු කළේය.
මෙවන් පසුබිමක ඒ පිළිබඳ දැනුම්ත් කිරීම සඳහා අද පස්වරුවේ රාවණා බලය සහ සිංහලේ යන සංවිධානවල භික්ෂුන්වහන්සේ, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවේය.
එහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් නීතියානුකූල ලෙස කටයුතු කළයුතු බවය.
මේ අතර, ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද අද මහනුවරට පැමිණ දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවල නා හිමිවරුන් දැනුම්වත් කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
