
හදුන්නෙත්තිගේ නම විකුණලා මුදල් ගරලා.. හදුන්නෙත්ති CID යයි
තමන් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් වීඩියෝ ඇමතුම් ලබාගනිමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරන ජාවාරමක නිතරවී සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඔහු ඒ සම්බන්ධයෙන් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
"මගේ නම පාවිච්චි කරලා මම හැටියටම පෙනී ඉන්න පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විදේශ රටවල් කිහිපයක මගේ නමින් ආධාර එකතු කරන්න පටන් ගෙන. විශේෂයෙන් වට්ස්ඇප් ගෲප් පාවිච්චි කරනවා. ජපානයේ, දකුණු කොරියාවේ, එංගලන්තයේ වගේ රටවල අපිට හිතවත් අයට කතා කරලා තියෙනවා."
"පළවෙනි තත්පර කිහිපයේ වීඩියෝ කෝල් එකකුත් ගන්නවා. අපැහැදිලි ලෙස... අසනීපයි කියලා, කටහඬ අපැහැදිලි කියලා. ඔහු කියන්නේ ආධාර ලබාදෙන්න කියලා. ඒ වෙනුවෙන් ඔවුන් බැංකු ගිණුම් කිහිපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා."
"අපිට දැනගන්න ලැබුණු තොරතුරු තමයි මේ තියෙන්නේ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ තොරතුරු ලබාදුන්නා."
"රටේ ජනතාවගෙන් සහ විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මම හෝ අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු කිසිම කෙනෙක් මේ ආකාරයට කතා කරලා මුදල් ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලනවා නම් වගකිවයුතු සංවිධාන හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙවැනි මුදල් ගෙවීම් කිසිම ආකාරයකින් ගෙවන්න එපා."
"මොකද අපිට ආදරය අය, රටට ආදරය අය මේ ආකාරයේ මුදල් ගෙවීම් කරනවා ඇති. එහෙත් මේක අපරාධයක්."
"අදාළ පුද්ගලයා බය නැතුව මේ දේ කරනවා.. වීඩියෝ කෝල් එකකුත් ඔහු ගන්නේ ඒකයි. ජනවාරි 5 වනදා විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා පාක්ෂිකයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ සුහද ජන හමුවක් පවත්වන බවටත් පණිවුඩයක් ප්‍රචාරය කරලා. එහි මගේ අත්සන පාවිච්චි කර තිබෙනවා. සීල් එක, ලිපි ශීර්ෂය, මගේ පින්තූර සියල්ල පාවිච්චි කරලා. ඔහු පාවිච්චි කරපු දුරකථන අංකය තමයි 0743 86 87 28."
"අපි වගේ මහජන නියෝජිතයන්වත් මේ විදියට පාවිච්චි කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ව කොච්චර අපහසුතාවයට පත් කරනවා ඇද්ද?. දන්න කියන කෙනෙක් වෙන්නත් පුළුවන්... නොදන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි දන්න අයට තමයි කතා කරලා තියෙන්නේ. අනෙක් අයටත් කතා කරලා මුදල් එකතු කරලා වෙන්න පුළුවන්. අපිට වාර්තා වෙලා නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
