හදුන්නෙත්තිගේ නම විකුණලා මුදල් ගරලා.. හදුන්නෙත්ති CID යයි
තමන් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් වීඩියෝ ඇමතුම් ලබාගනිමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරන ජාවාරමක නිතරවී සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඔහු ඒ සම්බන්ධයෙන් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
"මගේ නම පාවිච්චි කරලා මම හැටියටම පෙනී ඉන්න පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විදේශ රටවල් කිහිපයක මගේ නමින් ආධාර එකතු කරන්න පටන් ගෙන. විශේෂයෙන් වට්ස්ඇප් ගෲප් පාවිච්චි කරනවා. ජපානයේ, දකුණු කොරියාවේ, එංගලන්තයේ වගේ රටවල අපිට හිතවත් අයට කතා කරලා තියෙනවා."
"පළවෙනි තත්පර කිහිපයේ වීඩියෝ කෝල් එකකුත් ගන්නවා. අපැහැදිලි ලෙස... අසනීපයි කියලා, කටහඬ අපැහැදිලි කියලා. ඔහු කියන්නේ ආධාර ලබාදෙන්න කියලා. ඒ වෙනුවෙන් ඔවුන් බැංකු ගිණුම් කිහිපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා."
"අපිට දැනගන්න ලැබුණු තොරතුරු තමයි මේ තියෙන්නේ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ තොරතුරු ලබාදුන්නා."
"රටේ ජනතාවගෙන් සහ විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මම හෝ අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු කිසිම කෙනෙක් මේ ආකාරයට කතා කරලා මුදල් ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලනවා නම් වගකිවයුතු සංවිධාන හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙවැනි මුදල් ගෙවීම් කිසිම ආකාරයකින් ගෙවන්න එපා."
"මොකද අපිට ආදරය අය, රටට ආදරය අය මේ ආකාරයේ මුදල් ගෙවීම් කරනවා ඇති. එහෙත් මේක අපරාධයක්."
"අදාළ පුද්ගලයා බය නැතුව මේ දේ කරනවා.. වීඩියෝ කෝල් එකකුත් ඔහු ගන්නේ ඒකයි. ජනවාරි 5 වනදා විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා පාක්ෂිකයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ සුහද ජන හමුවක් පවත්වන බවටත් පණිවුඩයක් ප්‍රචාරය කරලා. එහි මගේ අත්සන පාවිච්චි කර තිබෙනවා. සීල් එක, ලිපි ශීර්ෂය, මගේ පින්තූර සියල්ල පාවිච්චි කරලා. ඔහු පාවිච්චි කරපු දුරකථන අංකය තමයි 0743 86 87 28."
"අපි වගේ මහජන නියෝජිතයන්වත් මේ විදියට පාවිච්චි කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ව කොච්චර අපහසුතාවයට පත් කරනවා ඇද්ද?. දන්න කියන කෙනෙක් වෙන්නත් පුළුවන්... නොදන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි දන්න අයට තමයි කතා කරලා තියෙන්නේ. අනෙක් අයටත් කතා කරලා මුදල් එකතු කරලා වෙන්න පුළුවන්. අපිට වාර්තා වෙලා නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්